• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • tax

නව බදු ගැන මහ බැංකුව ඇතුලෙන්ම විරෝධයක්

January, 19, 2023

2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Katunayake
  • sri lanka
  • tax

කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්

January, 18, 2023

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සෑම තැනැත්තෙක්ම ඇමරිකානු ඩොලර් 30 ක අපගමන බද්දක් ගෙවිය යුතු වේ.

මීට අමතරව 2023.01.12 සිට 2023.07.11 දක්වා කාලපරිච්ඡේදය තුළ දී යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම ද ඩොලර් 30 ක අපගමන බද්දක් අය කරනු ලැබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මත්තල, රත්මලාන හෝ යාපනය යන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැර ශ්‍රී ලංකාවේ වෙනත් ගුවන් තොටුපළකින් පිටත්ව යන ඕනෑම අයෙකු විසින් ඩොලර් 60 ක අපගමන බද්දක් ගෙවිය යුතු බවයි. එනම් මෙම නියමය කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්ව යන තැනැත්තන් සඳහා අදාළ වේ.

තවද ශ්‍රී ලංකාවේ සිට නෞකා මාර්ගයෙන් පිටත්ව යන තැනැත්තන් ද ඩොලර් 60 ක අපගමන බද්දකට යටත් වනු ඇත.

මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ සමඟ මෙහෙයුම් ආරම්භ කරනු ලබන ජාත්‍යන්තර ගුවන් සමාගම් සඳහා මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට වසර දෙක කාලයක් මෙම බද්ද අය කිරීම නිදහස් වේ.

මෙම අපගමන බදු නියෝග 2023 ජනවාරි 12 දින සිට ක්‍රියාත්මක වේ.

මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Beedi
  • Budget 2023
  • sri lanka
  • tax

බීඩි බද්ද ඉහළට

November, 14, 2022

බීඩියක් මත රුපියල් 2ක බද්දක් පැනවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේ දී අද දින කියා සිටියේය.

බීඩි කර්මාන්තය විධිමත් කිරීම සහ බීඩි භාවිතයෙන් වැළැකීමට ජනතාව පෙළඹවීම සඳහා, බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීමට මම යෝජනා කරනවා. ඊට අමතරව, සහතික හා බලපත්‍ර ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු ද වැඩි කරනු ලබනවා.

  • Ada Derana BIZ Sinhala
  • problems
  • sri lanka
  • tax
  • vehicle sales sector

නවතම බදු වැඩිවීම් හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක්

November, 9, 2022

රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ  දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.  රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන (යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ හා වාණිජ පරමාර්ථයන් සඳහා යොදා ගන්නා වාහන) ආනයනය කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබුවේ, එම අත්හිටුවීම සිදුකරන්නේ මාස 06ක් වැනි කාලයක් සඳහා පමණක් වන බව පවසමිනි. නමුදු වර්තමානය  විට එම තීරණය ගෙන මාස 31ක් ගත වී ඇතත්, වාහන ආනයනයට තවමත් අවසර ලබා නොදුන් අතර, මේ වන තෙක් රජය මෙම ගැටලුවට කිසිඳු ආකාරයක සහනයක් ලබා දී නොමැත.  එමෙන් ම පසුගිය මාස කිහිපය තුළ ණයවර ලිපි නිකුතුව ද සීමා කිරීම හේතුවෙන්, ප්‍රමිතිගත අමතර කොටස් ආනයනය අඩු වී ඇති අතර, එය මෝටර් රථ සමාගම් ලබා දෙන අලෙවියෙන් පසු සේවාව බිඳ වැටීමට සෘජුව ම බලපා තිබේ.

CMTA සාමාජිකත්වය ලබා ඇති ආයතන, ආනයන අත්හිටුවීමට පෙර 30,000 කට අධික පුද්ගලයින් සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දී තිබිණි. එමෙන් ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6,300 කට අධික ප්‍රමාණයකට එම ආයතනවල අලෙවි සහ අලෙවියෙන් පසු සේවා නියෝජිත අවස්ථා ලබා දී ඇති අතර, ඔවුන්  නියෝජිත දිරි දීමනා ලෙස පමණක් රුපියල් බිලියන 2කට අධික මුදලක් මෙරට ග්‍රාමීය ආර්ථිකයට එකතු කරන කළ බව ද පැවසිය යුතු ම කරුණකි. CMTA සාමාජිකයින් සිය ආයතනික ආරක්‍ෂාව, පිරිසිදු කිරීම, සැපයුම් දාම කළමනාකරණය සහ ගබඩා පහසුකම් වැනි බාහිර සේවා පහසුකම් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 6කට අධික මුදලක් වාර්ෂිකව වැය කළේය. ඊට අමතරව මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව පවත්වාගෙන යන කල්බදු (ලීසිං) හා රක්ෂණ ඇතුළු  ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවක පැවැත්මට හා රැකියා අවස්ථා නිර්මාණයට රථ වාහන අලෙවි ක්ෂේත්‍රය සෘජුව ම දායකත්වය ලබා දෙන අතර, 2019 වසරට වාහන සඳහා පමණක් රුපියල් බිලියන 124කට අධික මූල්‍ය පහසුකම් පිරිණැමුණු බව ද වාර්තා වේ. 2019 වසරේ දී මෙරට රථ වාහන ආනයනයෙන්  පමණක් උත්පාදනය කළ බදු ආදායම රුපියල් බිලියන 130 ඉක්ම වූ අතර, එය  රජයේ සමස්ත ආදායමෙන් 6.8% කි.

මෙහි දී අදහස් දක්වමින් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමයේ සභාපති චාරක පෙරේරා මහතා පැවසුවේ, " වාහන ආනයනය කිරීම අත්හිටුවීම නිසා රථ වාහන අලෙවි ක්ෂේත්‍රය අඩාල වීම හේතුවෙන්, පසුගිය වසර දෙක තුළ පමණක් මෙම ක්ෂේත්‍රය තුළ 10,000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ඒ වගේ ම දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ අලෙවි නියෝජිතායතන 1,500 කට අධික සංඛ්‍යාවක් මේ වන විට වසා දමා තිබෙන බව වාර්තා වෙනවා. මේ තත්ත්වය ග්‍රාමීය ආර්ථිකයට සෘජුව ම බලපෑමක් ඇති කරන බව පැවසුවොත් මා නිවැරදියි. ඒ වගේ ම රථ වාහන අලෙවිය අඩු වීම වගේ ම ආයතනික පිරිවැය වැඩි වීම හේතුවෙන් අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ආශ්‍රිතව ලබා දුන් කොමිස්, දිරි දීමනා, වැටුප් වර්ධක හා ප්‍රසාද දීමනා ආදිය ලබා දීමට නොහැකි වීම නිසා සේවක සේවිකාවන්ගේ ආදායමත් විශාල වශයෙන් අඩු වෙලා. එවැනි පසුබිමක් තුළ රටේ උද්ධමනය 64% ඉක්මවීම නිසා කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරී වීම නිසා ම මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත   අත්දැකීම් බහුල වෘත්තිකයින් රට හැර දමා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීමත් විශාල ගැටලුවක්. මෙවැනි හේතු නිසා වර්තමානය වන විට අපගේ සංගමයේ සාමාජිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා සිටින බව පැවසිය යුතු ම යි." යනුවෙනි.

මෙවන් දුෂ්කර කාල වකවානුවක ආයතනික වශයෙන් හා පෞද්ගලික වශයෙන් බදු වැඩි කිරීම හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයට මෙන් ම තවත් ව්‍යාපාරික ක්ෂේත්‍ර ගණනාවකට දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එමෙන් ම මෙම වාතාවරණය නිසා, ආයතනික වශයෙන් විශාල මුදලක් ආයෝජනය කර පුහුණු කර ඇති පළපුරුදු, අති දක්ෂ වෘත්තිකයින් රටින් පිට වීම ද වැළැක්විය නොහැකි මට්ටමකට පත් වී තිබේ.  දැරිය නොහැකි ආකාරයෙන් බදු වැඩි කිරීම පිළිබඳව අසතුට ප්‍රකාශ කරන CMTA, රජයේ වියදම් අඩු කිරීම, පාඩු ලබන රාජ්‍ය   ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වර්ධනය කිරීම සහ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වැනි විසඳුම්  කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

1919 දී ආරම්භ කරන ලද  සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්  සංගමය (CMTA), ගෝලීය වාහන නිෂ්පාදකයින්ගේ දේශීය ඒජන්තවරුන්ගෙන් සැදුම් ලත් එක ම  සංවිධානය යි. එමෙන් ම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත CMTA, ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙඳ සංගමය ලෙසින් ද හඳුන්වා දිය හැකිය.  CMTA සංගමයේ සාමාජිකයින් ඉංජිනේරු හා කළමනාකරණ ක්ෂේත්‍ර ආශ්‍රිත නවීන තාක්ෂණය හා ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීමට කටයුතු කරන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනකට රැකියා අවස්ථා නිර්මාණය කරමින්, පුහුණුව ලබා දීම හරහා ජාත්‍යන්තරයට ගැළපෙන වෘත්තිකයින් නිර්මාණය කරයි.

  • Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • sri lanka
  • tax

“බදු ඉලක්කවලින් 68%ක් සම්පූර්ණයි” – මුදල් රාජ්‍ය අමාත්‍ය

November, 3, 2022

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන මෙම වාර්තාවේ අවසන් සාකච්ඡාව අද (03) පවත්වන බවයි. බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස වුව ද මේ මොහොතේ බදු පිළිබඳ කතා නොකළ හොත් වෙනත් කිසිදු මාතෘකාවක් කතා කළ නොහැකි මට්ටමට රට පත් වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට අද (03) එක්වෙමිනි.

“දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමේ සුවිශේෂී කාර්යභාරයක නිතර වෙනවා. ඇතැම් විට අපි ඔවුන්ට දෙන්නෙ ඉතා අසීරු ආදායම් ඉලක්ක. 2021 වසරේ දී අපි ඔවුන්ට ලබා දුන්නා වසර අවසානයේ දී රුපියල් බිලියන 488ක බදු ආදායමක් හොයල දෙන්න කියන අසීරු ඉල්ලකයක්. නමුත් වසර අවසන් වෙද්දි ඔවුන් ඒ ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 497ක ආදායමක් හොයල දුන්න. එය අපේක්ෂා කළ ආදායමට වඩා 101.8%ක ඉහළ යාමක්.

2022 වසරේ අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 915ක බදු ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා උපයා ගැනීම. සතුටින් කියන්න පුළුවන් පසුගිය සැප්තැම්බර් මාසෙ අවසන් වෙද්දි එම ඉල්ලකයෙන් 68.4%ක් හොයල ඉවරයි. මේ සියල්ල උපයා ගන්නෙ 8.2%ක ඍණ ආර්ථිකයක් රටේ පවතිද්දි” යැයි අමාත්‍යවරයා කියා සිටියේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • Ada Derana BIZ Sinhala
  • App
  • sri lanka
  • tax

හොර අරක්කුවලට තිත තියන්න සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇප් එකක්

October, 1, 2022

හොර මත්පැන්වලට තිත තබමින් ඒවා ක්ෂණිකව පරිගණකයෙන් හඳුනා ගත හැකි පරිගණක යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහතා පවසයි.

දැනට වෙළෙඳපොලේ පවතින මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරය ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් QR කේතය ස්කෑන් කිරීම මඟින් අදාළ තොරතුරු ලබා ගත හැකි වන අතර එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මොහොතේම යෙදවුම මඟින් පැමිණිලි කළ හැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වීම ද සිදුවේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අපි යෙදවුමක් නිෂ්පාදනය කරා.මෙම යෙදවුම සියළුම ඇන්ඩ්රොයිඩ් දුරකථන හා ඇපල් දුරකථන හරහා EXCISE TAX STAMP VALIDATOR ( එක්සිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර්) යන නමින් ඇති යෙදවුම ඉන්ස්ටෝල් කර ගැනීම තුළින් ලැබෙන ඇප් එකෙන් බෝතලය මත ඇති QR එක ස්කෑන් කර එය හොර මත්පැන් බෝතලයක් ද නැති ද යන්න හඳුනා ගැනීමට හැකි බවයි.මෙම යෙදවුම සයිබර් අවකාශයට මුදා හැරීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමන් අතින් සිදු විය.අද සිට මෙම යෙදවුම හරහා පාරිභෝගිකයන්ට අව්‍ය්‍ය සේවාව ලබා ගැනීමට හැකිවේ.

මෙම යෙදවුම හඳුන්වා දීම තුළින් හොර මත්පැන් වලට තිත තැබීමට හැකි වී තිබෙන බවත්, රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ද මෙහිිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

  • Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sanitary napkins
  • sri lanka
  • tax

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට. බද්ද 45% ක්. මිල වැඩිවෙන්න හේතුව ගැන පාර්ලිමේන්තුවේ දී කතාබහක්

September, 20, 2022

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව ද අවධාරණය කළාය.

සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා.  සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.

පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.

මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.

එහෙම කළොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනිත් ඒවා පිටරටින් ගේන්නේ. පිටරටින් ගේන ඒවා ඉතාමත්ම ගණන්.

මම යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා.

මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කර්මාන්තයේ නිරත දේශීය සමාගම් නියෝජිතයින් සමඟ අද (20) දිනයේ දී සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ ප්‍රශ්නේ සම්බන්ධව මාව දැනුවත් කළා ගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමත්, රාජ්‍ය ඇමතිතුමියත්. ඒ නිසා අද හවස මම දේශීය නිෂ්පාදන සමාගම් සහ ආනයන කරන ඒ සියලු දෙනා ගෙන්නලා කතා කරනවා.

එතන දී ගැටළුවක් තිබ්බොත් ඒක විසඳන්න, ඒ වගේම ආනයනය කරන නැප්තින් සඳහා අය කරන බදු ප්‍රමාණය, ඒ තියෙන ගැටළුවක් තිබ්බොත් අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නම්. මම හිතන්නේ මේ සතියේ දී විසඳුමක් ලබා දෙන්න පුළුවන්.

 

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tax
  • tobacco and alcohol

2021 දී මුළු බදු ආදායමෙන් 19% ක් දුම්වැටි හා මත්පැන් මගින් – මුදල් රාජ්‍ය අමාත්‍ය

September, 20, 2022

පසුගිය 2021 වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් 19% ක් ලැබී ඇත්තේ දුම්වැටි සහ මද්‍යසාර හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය තුළ දුම්වැටි සහ මද්‍යසාරවල සළකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම ප්‍රායෝගික ගැටළුවක් බවත්, එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුරු අනාගතයේ දී හඳුන්වා දීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

2021 වසරේ දුම්වැටි මගින් නිෂ්පාදන හා එකතු කළ අගය මත බදු රු. බිලියන 98 යි.

2021 වසරේ මත්පැන් මගින් සුරා බදු හා එකතු කළ අගය මත බදු ආදායම රු. බිලියන 150 යි.

ඒ අනුව 2021 වසරේ සමස්ත බදු ආදායමෙන් 19% ක් දුම්වැටි සහ මද්‍යසාර මගින් ලැබී ඇත.

දුම්වැටි සහ මද්‍යසාර සඳහා නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර එමඟින් තවදුරටත් ඉහළ බදු ආදායමක් ලබා ගත හැකි වනු ඇත.

දුම්වැටි සඳහා නිෂ්පාදන බදු ඒකක පදනමින්, දුම්වැටියේ දිග ප්‍රමාණය මත අය කරනු ලබයි.

එමෙන්ම මද්‍යසාර සඳහා සුරා බදු එහි සැර ප්‍රමාණය මත බදු අය කරයි.

මෙ නිෂාපාදන බදු හා සුරා බදුවලට අමතරව අලෙවිය මත 15% ක එකතුකළ අගය මත බද්දක් ද, 2022 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිරිවැටුම මත 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක් ද අයකරනු ඇත.

ඊට අමතරව මෙම දුම්වැටි සහ මද්‍යසාර සඳහා 40% ක ඉහළම ආදායම් බදු අනුපාතයකට යටත් කර ඇත.

දුම්වැටි සහ මද්‍යසාර මත නව බදු ක්‍රමයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳ විමර්ෂනය කරමින් පවතී.

කෙසේවුවද උද්ධමනය මත පැනවූ බදු ක්‍රමයක් යෝජනා කර තිබුණ ද මාසික උද්ධමන විචලනය වීම මත දුම්වැටි සහ මද්‍යසාරවලට සලකුණු කරන ලද මිල ගණන් වරින් වර වෙනස් කිරීම පිළිබඳ ප්‍රායෝගික ගැටළුවක් මතු වුවත්, ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇත.

එහිදී වඩාත් සංකීර්ණ වූ මිල සූත්‍රයක් වෙනුවට සරල පැහැදිලි දර්ශකයක් මගින් නුදුර අනාතයේ දී මෙම අරමුණ ඉටු කිරීමට සූදානම්.

 

 

 

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • income
  • sri lanaka
  • tax

ධනයට බද්දක්. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් ඉහළ බදු

September, 1, 2022

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක බවත් ෆිස්කල් ගැලපීම් සිදුකිරීමට නම් බදු ආදායම ඉහළ නංවා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා පවසයි.

මේ අතර මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ දී ධනය මත පදනම් වන බද්ද (Wealth Tax) ගැන සාකච්ඡාවට ගැනුණු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී මසහිරො නොසාකි මහතා,

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව බදු එකතු කිරීම පවතින්නේ ඉතා පහළ මට්ටමක. එබැවින් ෆිස්කල් ගැලපීම් සිදුකිරීම සඳහා බදු ආදායම ඉහළ නංවා ගත යුතුයි.

වැඩසටහන යටතේ බදු ප්‍රතිසංස්කරණ ප්‍රගතිශීලී ආකාරයෙන් සකස් විය යුතුයි. එයින් අදහස් වෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් ඊට වැඩි වශයෙන් දායකත්වය ලබා දිය යුතු බව තහවුරු කිරීමට අවශ්‍යයි.

ෆිස්කල් ගැලපීම්වලින් දිළිඳු සහ වැඩි වශයෙන් බලපෑමට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට විය හැකි බලපෑම අවම කළ හැක්කේ එවිටයි.

බදු නිර්දේශ පැනවීමේ දී ප්‍රගතිශීලී අයුරින් එය ක්‍රියාත්මක වීමට නම්, පුද්ගලික ආදායම් බදු සැලකීමේ දී ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු අනුපාතයක් යෙදවීමෙන් එය කළ හැකියි.

Wealth Tax මෙම කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවේ/ ගිවිසුමේ කොටසක්. එය නිර්මාණය වන්නේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒවගේම එයට සූදානම් වීමට කාලයක් යාවි. එය යෝග්‍ය ආකාරයෙන් නිශ්චිත කාල රාමුවක් යටතේ සකස් විය යුත්තක්.