January, 23, 2023
සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්ය එම්. යූ. එම්. අලි සබ්රි මහතා අද (23) සිට 27 තෙක් සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.
අමාත්යවරයා විදේශ කටයුතු අමාත්ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර, එහිදී සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත. අමාත්යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යන සංවිධානවල ජ්යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මක්කම සහ මදීනාව යන නගරවල ආණ්ඩුකාරවරු ද හමුවීමට නියමිත ය.
October, 18, 2022
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය අයවැය පළමුවර කියවීම ලෙසින් හැඳින්වේ.
මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය (07) දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ බව තීරණය විය.
October, 3, 2022
දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අද (ඔක්තෝබර් 03) දිනයේ දී වසා තැබෙනු ඇත.
ලෝක අමද්යප දිනය ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබීම මීට හේතුවයි.
ඒ අනුව අද (03) දිනයේ දී මත්පැන් අලෙවිය සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
මුදල් අමාත්යාංශයේ වාර්තාවලට අනුව මෙරට තිබෙන සුරාසැල් සංඛ්යාව 4,092 ක් වේ.
Video Story