Topads කටුකරුන්ද මෝටර් රථ තරඟාවලිය සඳහා සම Digital මාධ්‍ය අනුග්‍රහය දක්වයි

    November, 25, 2022

    මෙවර කටුකුරුන්ද මෝටර් රථ තරඟාවලිය සඳහා දෙරණ Derana Macroentertainment ආයතනයේ Topads වෙබ් අඩවිය සහ එහි සමාජ මාධ්‍යජාල එකතුව විසින් සම ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබයි.

    මෙම තරඟවලිය දෙසැම්බර් මස 3 සහ 4 වන දිනයන්හී කටුකරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.

    මේ සඳහා ජනප්‍රිය ධාවකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබේ.

    මෙරට ඇති වේගවත්ව ධාවන පථයේ තම දස්කම් විදහාලීමට තරඟකරුවන් 128 දෙනෙකු තරඟකිරීමට සුදානම්ව බවත් තරඟ ධාවන ඉසව් දහයක් යටතේ තරඟ 12ක් ලෙස පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති බවත් සංවිධායක මණ්ඩලයට පවසයි.

    මේ අතර මෙම තරඟය සඳහා ජනපිය මෝටර් රථ ධාවකයින් වන අශාන් සිල්වා, උශාන් පෙරේරා, ඩැරින් වීරසිංහ, වැනි දක්ෂ ධාවකයින් SL GT පන්තියෙන්ද, SL H HONDA පන්තියේ සුපුරුදු තරඟකරුවන් වන ඉර්ෆාන් ෆාඩ්, ශකීර් වහාබ් සහ ශෙහාර ද සිල්වා තරඟ වැදීමට නියමිතය.