ටොයොටා වෙතින් පියාසර කරන මෝටර් රථයක් ?

    September, 4, 2015

    ලොව ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගම, ටොයොටා විසින් පියාසර කරන මෝටර් රථයක් නිපදවීමේ උත්සාහයක් ඇතැයි අනාවරණය වනබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Auto guide නැමති අන්තර් ජාල වෙබ් අඩවිය වාර්තා කරන්නේ තටු සහිත පියාසර කරන මෝටර් රථයක් නිපදවීම සඳහා ටොයොටා උත්සාහ කරමින් සිටින බව ඔවුන්ගේ පේටන්ට් බලපත්‍රයක් මගින් හෙළිවී තිබෙන බවයි.

    එම පේටන්ට් බලපත්‍රයේ අග කොටසේ පහත කරුණු සඳහන් වනබව මෙම මාධ්‍ය වාර්තාව සඳහන් කරයි.

    “The present disclosure pertains to a vehicle that can be flown as a fixed wing aircraft and driven as a land vehicle.”
    මේ අනුව, පියාසර කරන මෝටර් රථයක් නිපදවීමේ සිහිනය නුදුරේදීම සැබෑවනු ඇතැයි සිතිය හැකිය.

    ජපාන ටොයොටො මෝටර් රථ සමාගම ආදායම අතින් සැලකූ විට ලෝකයේ 11 වැනියට විශාලතම සමාගම වන අතර වෙළඳ පොළ ප්‍රාග්ධනීකරණය අතින් සැලකූ විට ජපානයේ තිබෙන විශාලතම සමාගම වේ.

    මෙම සමාගම 1937 වසරේදී ආරම්භ කර තිබෙන්නේ කිචිරෝ ටොයොඩා නැමැත්තා වන අතර එහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ජපානයේ ටොයොටා නගරයේයි.
    t02t03t04