March, 28, 2023
විදේශ අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන සිසුන්ට විශ්වාසනීය ලෙස වීසා පහසුකම් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Travellers Consultancy Solutions සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක සේවා අංශයේ සේවා විශිෂ්ටතා සම්මානයෙන් (Service Excellence Award) පිදුම් ලැබීය. Business World International Organizations (BWIO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙරට දක්ෂ ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ආයතන ඇගැයීම සහ දිරිමත් කිරීම Business World International සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණයි. එහිදී Travellers Consultancy Solutions සමාගමේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ මොහොමඩ් ඉන්ෆාස් ඉක්බාල් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
Travellers Consultancy Solutions සමාගම (www.travelerscs.com) කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසිලන්තය, නෙදර්ලන්තය සහ එංගලන්තය යන රටවල වැඩි දුර අධ්‍යාපනය සඳහා සංක්‍රමණය වන සිසුන්ට විශ්වාසනීයව පහසුවෙන් වීසා පහසුකම් සපයයි. මූලික උපදේශන කටයුතු නොමිලේ සිදු කිරීම Travellers Consultancy Solutions සමාගමේ විශේෂත්වයකි. ලෝකයේ ප්‍රමුඛතම සරසවි 75කට අධික ප්‍රමාණයක් සමඟ සෘජු සම්බන්ධතා පවත්වන Travellers Consultancy Solutions සමාගම සිසුන්ට වඩාත් ගැළපෙන උසස් අධ්‍යාපන පාඨමාලා හඳුන්වා දීමට කටයුතු කරයි. Travellers Consultancy Solutions සමාගම මීට පෙරද BWIO ඇතුලු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. “අප සමාගම නිරන්තරයෙන් පාරිභෝගික විශ්වාසය තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ වාගේම පාරිභෝගිකයාට මනා දැනුවත් කිරීමක් සහ අවබෝධයක් දෙමින් සේවා සපයනවා. විදේශ අධ්‍යාපනය සඳහා පිටත් වීම බරපතල තීරණයක්. ඒ තීරණය හරියටම ගන්න ඕන. මේ ජයග්‍රහණය අපේ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. මේ ජයග්‍රහණය අප වෙත උදා කර දීමට වෙහෙස නොබලා කැප වූ සියලු දෙනාට සහ කාර්ය මණ්ඩලයට මගේ කෘතඥතාව පුද කරනවා.” මොහොමඩ් ඉන්ෆාස් ඉක්බාල් මහතා පැවසීය.
Video Story