TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව ඉදිරියට: ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම පවසයි

    August, 4, 2021

    ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර, 2023 වසරේදී ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වන බව එම සමාගම විශ්වාසයෙන් පවසා සිටී. මුළු ලොවම වසංගත රෝග තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ මෙය ආයෝජකයන්ටත්, සමස්ත ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් සුභ ආරංචියක් වනු නොඅනුමාන ය.

    යුනියන් පෙදෙසට මුහුණ ලා ඇති පළමු කුලුනේ 25 වන මහල, දෙවැනි කුලුනේ 27 වන මහල සහ 3 වැනි කුලුනේ 29 වන මහලට අදාළ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. අභ්‍යන්තර පෙදරේරු කර්තව්‍යයන්ද ආරම්භ කර ඇති අතර එම කටයුතු මේ වනවිට 13 සහ 14 මහල් දක්වා පැමිණ ඇත. මේ නිසා කාර්මික, විදුලි සහ ජලනල කටයුතුද ආරම්භ කිරීමට හැකිවී ඇති අතර, දැනට ජලනල, ගිනි නිවීම් පද්ධති සහ විදුලි රැහැන් ආදිය සම්බන්ධ කටයුතු සිදුවෙමින් පවතී.

    TRI-ZEN යනු ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්.) සමාගම සහ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම අතර හවුල්කාරීත්වයක් වශයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. එහි ඉදිකිරීම් සමාගම වන්නේ ලොව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉංජිනියරිං කෝපරේෂන් සමාගමයි (China State Construction Engineering Corporation LTD). මෙම දුෂ්කර කාලසීමාව තුළ පවා අඛණ්ඩව TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට එම සමාගම සමත් වී තිබේ.

    “වසංගත රෝග ව්‍යාප්තිය නිසා ඇති වූ දුෂ්කරතාවන් හේතුවෙන් පසුගිය වසරක කාලය ශ්‍රී ලාංකිකයන් කාටත් බෙහෙවින් අභියෝගකාරී කාලයක් වුණා. එහෙත් මෙම අභියෝග හමුවේ පවා TRI-ZEN ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට යනු දැකීම අපට මහත් සතුටක්. මෙම ව්‍යාපෘතිය මෙවැනි කැපීපෙනෙන ප්‍රගතියක් අත්පත් කරගැනීම, අපගේ කණ්ඩායමේ විශිෂ්ටත්වයට සහ, අභියෝග වලට මුහුණ දීමට ඔවුන්ට ඇති හැකියාවට ඉතා හොඳ සාක්ෂියක් බව කිව හැකියි.” ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා පැවසී ය.

    TRI-ZEN ව්‍යාපෘතිය අවසන්  වූ පසුව එය කුලුනු 3 කින් සහ සුඛෝපභෝගී නිවාස ඒකක 891 කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක් වනු ඇත. මෙම නිවාස නිදන කාමර එක, දෙක හා තුන බැගින් වන නිවාස ඒකක වලින් සමන්විත වන අතර, නිදන කාමර දෙකක නිවසක් රු. මිලියන 36 සිට ඉහළට මිලදීගත හැකි වේ. මෙම සෑම නිවාස ඒකකයක්ම, ඒවායෙහි පදිංචිකරුවන්ට ඉහළම තලයේ ජීවන රටාවක් අත්විඳීමට ඉවහල් වන ආකාරයේ ආකර්ෂණීය සැලසුම් සහ ජාත්‍යන්තර තලයේ, අතිනවීන ‘ස්මාර්ට්-හෝම්’ (Smart Home) තාක්ෂණයන්ගෙන් සමන්විත වනු ඇත.

    මීට අමතරව, නේවාසික පහසුකම්, උද්‍යාන, දිවීමේ මංතීරුවක්, පිහිනුම් තටාකයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා කාමරයක් ඇතුළු පහසුකම් රාශියක්ද TRI-ZEN ව්‍යාපෘතියට ඇතුළත් වේ.

    ආයෝජකයන් හට මෙම නිවාස වඩාත් ආකර්ෂණීය වීමට බලපාන තවත් එක් සාධකයක් වන්නේ මෙහි අද්විතීය පිහිටීම ය. කොළඹ නගරයේ ප්‍රවාහන මධ්‍යස්ථාන, ව්‍යාපාරික කේන්ද්‍රයන්, ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල්, සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු තවත් පහසුකම් රැසකට නුදුරින් TRI-ZEN නිවාස පිහිටා තිබේ. මේ සියල්ල TRI-ZEN පදිංචිකරුවන්ට නාගරික, සුහුරු ජීවන රටාවකට පිවිසීමට මනා අත්වැලක් වනු නොඅනුමාන ය.

    +94702294294  අංකය හෝ www.trizen.lk වෙබ් අඩවිය ඔස්සේ ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම සමාගම හා සම්බන්ධ වීම මගින් TRI-ZEN ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.