TRI-ZEN සමග සුඛෝපභෝගී නාගරික ජීවිතයකට ඔබටත් අවස්ථාව

    September, 22, 2021

    නාගරික නිවාස වල මිලගණන් මේ වනවිට බෙහෙවින් ඉහළ ගොස් තිබීම හේතුවෙන්, නිවාස ගැනුම්කරුවෝ බොහෝ විට නගරයෙන් පිටත ස්ථාන වල පිහිටි නිවාස මිලදී ගැනීමට යොමුවී සිටිති. කෙසේ වුවද මෙමගින් ඔවුන්ට නාගරික ප්‍රදේශයක පදිංචි වී සිටීමේදී හිමිවන ප්‍රතිලාභ රාශියක් අහිමි වී යයි.

    කොළඹ වැනි දියුණු නාගරික ප්‍රදේශයක ජීවත් වීමේදී කෙනෙකුට වාසි රැසක් අත් වේ. පසුගිය වසර කිහිපය තුළ එහි පහසුකම් හා ආකර්ෂණය මෙන්ම, පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට එමගින් ලැබෙන දායකත්වයද බෙහෙවින් ඉහළ ගොස් ඇත.

    ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම කොළඹ 02 නගර මධ්‍යයේ ඉදිකරන TRI-ZEN ව්‍යාපෘතිය, මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර වී තිබේ. පහසුකම්, මිලගණන්, වටාපිටාව ඇතුළුව සියලුම සාධක අතින් ගත්විට එය පදිංචිකරුවන්ට බෙහෙවින් වාසිදායක වන මහල් නිවාස ව්‍යාපෘතියකි.

    නාගරික ප්‍රදේශයක පදිංචි වීමෙන් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ, රටේ ප්‍රමුඛතම පාසල්, රෝහල්, සුපිරි අලෙවිසැල් සහ විනෝදාස්වාද ස්ථාන වෙත ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් ළඟා වීමට හැකිවීමයි. රාත්‍රී විනෝදාස්වාද ස්ථාන, ආපනශාලා මෙන්ම වෙනත් විනෝදාත්මක ස්ථාන ආදියද මෙලෙස 'අතේ දුරින්' පවතින පහසුකම් වලට අයත් ය.

    උදාහරණයක් ලෙස යුනියන් පෙදෙසේ පිහිටා ඇති TRI-ZEN නිවාස වල සිට ගංගාරාම විහාරය, විහාරමහාදේවි උද්‍යානය, සහ බේරේ වැව යනාදී ස්ථාන වලට ඇත්තේ ඉතා කෙටි දුරකි. එමෙන්ම Park Street Mews සහ Colombo City Centre වැනි ස්ථානද විනාඩි කිහිපයක් තුළ ළඟා විය හැකි දුරකින් පිහිටා ඇත. කොළඹ ජාතික රෝහල සහ නවලෝක රෝහල ආදිය වෙත පා ගමනින් ළඟා විය හැකි අතර, ප්‍රධාන පෙළේ බැංකු සහ සුපිරි වෙළඳසැල්ද පිහිටා ඇත්තේ නුදුරිනි. දරුවන් සමග ඇවිදීමට යාමට, අවශ්‍ය වේලාවන්හිදී වෛද්‍යවරයෙකු හමුවීමට හෝ එදිනෙදා භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට හැකිවන ස්ථානය පදිංචි වී සිටීම, කෙනෙකුගේ ජීවිතය කෙතරම් පහසු කරන්නේද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ.

    කොළඹ නගරයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි වීම මගින් ලැබෙන ප්‍රධානතම වාසියක් වන්නේ ගමනාගමන පහසුවයි. එබඳු නිවාස සංකීර්ණ සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන මාර්ග වලට නුදුරින් පිහිටා ඇති නිසා එදිනෙදා රැකියාවට හෝ පාසලට යාමේදී ගමනාගමනය ඉතාමත් පහසු වේ. එම නිසාම එවැනි නිවාස සඳහා විශාල ඉල්ලුමක් ඇත. ගමනාගමනය සඳහා වැයවන කාලය අඩු වන තරමට වැයවන මුදලද අඩු වන අතර, තම ආදරණීයන් සමග වැඩි කාලයක් ගතකිරීමටද අවස්ථාව ලැබේ. TRI-ZEN නිවාස ව්‍යාපෘතිය බ්‍රේබ්රූක් පෙදෙස හරහා නගරයේ සෙසු ස්ථාන වලට සම්බන්ධ වන අතර, අනාගත කොළඹ නගරයේ ප්‍රධාන වාණිජ දිස්ත්‍රික්කය බවට පත්වීමට නියමිත කොළඹ වරාය නගරයට මෙන්ම බොහෝ පාසල්, හෝටල්, සාප්පු සංකීර්ණ, ක්‍රීඩා සමාජ සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු ස්ථාන රැසකට ඉතා කෙටි කාලයකින් ළඟා විය හැක.

    විවිධත්වයෙන් සපිරි එහෙත් සුරක්ෂිත වටාපිටාවක පදිංචි වීමට ගනුදෙනුකරුවන් දක්වන උනන්දුව, තම ව්‍යපෘති වල ආරම්භයේ සිටම සැලකිල්ලට ගැනීමට ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම කටයුතු කරයි. දිවයිනේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම ලෙස, තම නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ගේ දියුණුව හා යහපත ගැන දැඩි අවධානයක් යොමුකරන එම සමාගම, හුදෙක් නිවැසියන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමෙන් නොනැවතී තදාසන්න ප්‍රජාවන්ගේ දියුණුව වෙනුවෙන් පුළුල් ප්‍රවේශයක් අනුගමනය කිරීම විශේෂත්වයකි. එමෙන්ම TRI-ZEN වැනි නිවාස ව්‍යාපෘතියක ජීවත් වීමේදී ලැබෙන තවත් වාසියක් වන්නේ, බොහෝ දුරට තමන්ට සමාන ආකල්ප සහිත අසල්වාසීන් පිරිසක් සමග සමීප හා දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීමට හැකිවීම ය.

    වේගයෙන් වර්ධනය වෙමින් පවතින අගනගරයක අතිශය ජනප්‍රිය ප්‍රදේශයක් වන කොළඹ 2 ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ඉදිවන, මහල් 53 කින් යුත් TRI-ZEN ව්‍යාපෘතියේ නිවැසියන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ තම කාර්යාල හෝ පාසල් වෙත ළඟා වීමට හැකිවීම විශේෂ වාසියක් වනු ඇත. පොදු ප්‍රවාහන සේවා ස්ථාන මෙන්ම නගරයේ වැදගත් ස්ථාන බොහොමයක් ඉතාමත් ළඟින් පිහිටා ඇති නිසා කාලය හා මුදල් ඉතිරි වන අතර ඔවුන්ට ගමන් වෙහෙස අත්විඳීමටද සිදු නොවේ.

    TRI-ZEN ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2023 වසරේදී අවසන් වීමට නියමිතව පවතී. කලාත්මක ලෙස සැලසුම් කරන ලද, නිදන කාමර එක, දෙක හා තුන බැගින් වන නිවාස වලින් සමන්විත TRI-ZEN ව්‍යාපෘතිය, එහි නිවැසියන් බලාපොරොත්තු වන සියලුම නවීන පහසුකම් වලින් සමන්විත වනු ඇත. මේ ආකාරයට ජාත්‍යන්තර තලයේ පහසුකම් සමගින් තරගකාරී මිලගණන් යටතේ පිරිනමන TRI-ZEN නිවාස, නාගරික ජීවිතයක පහසුව සමග පරිපූර්ණ සිහින නිවසක සතුට එකතැන් කරනු නොඅනුමාන ය.

    TRI-ZEN ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා කරුණාකර +94-702-294294 අංකයෙන් පාරිභෝගික සම්බන්ධතා කණ්ඩායම අමතන්න. නැතිනම් www.trizen.lk වෙත පිවිසෙන්න.