Uber Eats දැන් ගම්පහටත්

    September, 29, 2021

    ශ්රී ලංකාවේ Uber Eats සේවාවන් හිමිවන 5 වන නගරය බවට පත්වෙයි

    Uber Eats සේවාව ගම්පහ නගරයට හඳුන්වා දුන් බව එම සමාගම පසුගියදා නිවේදනය කළේ ය. ඒ අනුව ගම්පහ නගරය ශ්‍රී ලංකාවේ Uber Eats සේවාවන් හිමිවන 5 වන නගරය බවට පත්වෙයි. මින් ඉදිරියට ගම්පහ නගරයේ පාරිභෝගිකයන්ට ඉතාමත් පහසුවෙන් ආහාරපාන සහ එදිනෙදා භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, එය පාරිභෝගිකයන්ටත් ආපනශාලා සහ අලෙවිසැල් හිමියන්ටත් වාසි රැසක් සලසනු ඇත.

    ගම්පහ නගරයේ මෙන්ම ගනේමුල්ල සහ මොරගොඩ වැනි තදාසන්න ප්‍රදේශ වල වෙසෙන ජනතාවටද මින් ඉදිරියට Uber Eats app එක ඔස්සේ එම සේවාවන් ලබාගත හැකි වේ. KFC සහ Pizza Hut වැනි ජාත්‍යන්තර ජාල වලට අයත් ආපනශාලා වලින් මෙන්ම Hansa Village, Hogwarts Café, Perera & Sons සහ Submarine Hut වැනි ජනප්‍රිය දේශීය ආපනශාලා වලින්ද ආහාරපාන ඇණවුම් කිරීමට දැන් එම ප්‍රදේශ වල ජනතාවට අවස්ථාව ලැබී ඇත.

    “ශ්‍රී ලංකාවේ Uber Eats සේවාවන් හිමිවන 5 වන නගරය ලෙස ගම්පහ නගරයත් ආවරණය කරමින්, ශ්‍රී ලංකාව තුළ ක්‍රමක්‍රමයෙන් අපගේ සේවාවන් ව්‍යාප්ත කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මින් ඉදිරියට ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් පහසුවෙන් ආහාරපාන සහ එදිනෙදා භාණ්ඩ තම නිවෙස් වලටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම අපගේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අප දක්වන උනන්දුව තවදුරටත් තහවුරු කරන අතරම, ආපනශාලා හිමියන්, අලෙවිසැල් හිමියන් සහ කුරියර් සේවා සපයන්නන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ආදායම් ඉහළ නංවන පියවරක්ද වනු ඇති.” Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවා ය.

    මේ වනවිට රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට නිවෙස් වලට වී කාලය ගතකිරීමට සිදුවී ඇත. තම සේවාව ඔස්සේ එම ජනතාවට ඉතාමත් පහසුවෙන් ආහාරපාන සහ එදිනෙදා භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දීමට හැකිවීම Uber Eats සේවාවට මහත් සතුටකි. එමෙන්ම මෙය එම ප්‍රදේශ වල ආහාරපාන සංස්කෘතිය හා සේවාව සම්බන්ධ නව ආදර්ශයක්ද වනු නිසැක ය.

    Uber Eats සේවාව ගම්පහ නගරයට හඳුන්වා දීම වෙනුවෙන්, අදාළ ප්‍රදේශ වල නව Uber Eats පාරිභෝගිකයන්  තබන රු. 700 ට වැඩි ප්‍රථම ඇණවුම් සඳහා 70% ක වට්ටමක් ලබාදීමට Uber Eats කටයුතු යොදා ඇත. මේ සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ “HELLO70” ප්‍රවර්ධන කේතය භාවිතා කිරීම පමණි.

     

    Uber Eats සේවාව භාවිතා කරන ආකාරය:

    1. Uber Eats app බාගත (Download) කරගන්න - App Store හෝ Play Store වෙත පිවිසී Uber Eats සොයන්න.
    2. ඔබේ ගිණුම ලියාපදිංචි කරන්න - වලංගු ඊමේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක් භාවිතා කර නව ගිණුමක් නිර්මාණය කරන්න.
    3. ආහාරපාන ගෙනැවිත් භාරදිය යුතු ස්ථානය තෝරන්න - ආහාරපාන ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපිනය සඳහන් කරන්න.
    4. කැමති ආහාරපාන වර්ග සොයාගන්න - ආපනශාලා හෝ ආහාරපාන වර්ග අනුව ඔබට අවශ්‍ය දේ සොයාගත හැක. මිල, රුචිකත්වයන් සහ කෙතරම් ඉක්මනින් ඇණවුමට අදාළ ආහාරපාන ඔබ වෙත ලැබෙන්නේද යනාදී සාධක අනුව ඔබට ඇණවුම ලබාදිය හැකි වේ.
    5. ඇණවුම ලබාදෙන්න - ඔබේ රුචිය අනුව අවශ්‍ය දේ තෝරාගෙන ඇණවුම් කරන්න.
    6. කාඩ්පත් මගින් හෝ මුදලින් ගෙවන්න - ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි අතර, අවශ්‍ය නම් ආහාරපාන ලැබුණු විට මුදලින් ගෙවීම් කළ හැක.
    7. ඔබගේ ඇනවුම පිලිබඳ දැනගැනීමට - ඇණවුම ලබාදීමෙන් පසු ආහාරපාන ඔබ වෙත ලැබෙන තෙක් ඒ සම්බන්ධ සජීවී යාවත්කාලීන කිරීම් ඔබ වෙත ලැබෙනු ඇත.