Uber Eats වෙතින් අවන්හල් සඳහා ප්‍රථම වරට හඳුන්වා දෙන පුරෝගාමී විශේෂාංග පෙළක්

    May, 6, 2021

    Uber Eats මේ වනවිට තමන් සමග එක්වී සිටින ආපනශාලා වල ජනප්‍රියත්වය හා අලෙවිය වැඩි කරවීමට උපකාරී වන පුරෝගාමී විශේෂාංග පෙළක් Uber Eats app තුළින් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. පවතින COVID-19 රෝග ව්‍යාප්ති තත්ත්වය හමුවේ තම ආදායම වැඩිකර ගැනීමට මෙන්ම, වඩාත් පුළුල් මට්ටමේ දත්ත හා තොරතුරු මත පදනම් වී විධිමත් තීරණ වලට එළඹීම සඳහා මෙම සේවාවන් අදාළ ආපනශාලා හිමියන්ට අතිශයින් වැදගත් වනු ඇත.

    Uber Eats අලුතින් හඳුන්වා දුන් විශේෂාංග අතරට පහත සඳහන් විශේෂාංග ඇතුළත් වී තිබේ.

    • Restaurant Manager Portal: මෙම ද්වාරය මගින් ආපනශාලා වලට ඒවායෙහි සමස්ත ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාදෙයි. එමෙන්ම ආහාරපාන ලැයිස්තු කළමනාකරණය කිරීම, ගෙවීම් වාර්තා පරීක්ෂා කිරීම, විකුණුම්, ඇණවුම්, ටිකට් ප්‍රමාණයන්, වැඩියෙන්ම අලෙවි වන ආහාරපාන වර්ග ආදිය පමණක් නොව පාරිභෝගික ප්‍රතිචාර පවා මේ ඔස්සේ පරීක්ෂා කළ හැක. නිශ්චිත දින වකවානු අනුව මෙම පරාමිතීන් පරීක්ෂාවට ලක්කිරීමට ආපනශාලා හිමියන්ට අවස්ථාව ලැබේ. මීට අමතරව විවිධාකාරයේ විශ්ලේෂණ ක්‍රමවේදයන් ඔස්සේ, තවදුරටත් වැඩිදියුණු විය යුතු අංශයන් මොනවාද යන්න සම්බන්ධයෙන්ද පැහැදිලි අවබෝධයක් ලබාගත හැක.

     

    • ආරක්ෂාව සඳහා: Uber Eats app හි 'Account' කොටස යටතේ COVID-19 Safety Centre හඳුන්වා දී ඇත්තේ, වෛරසය පැතිරී යාම අවම කරමින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ මගපෙන්වීමක් ලබාදීම සඳහා ය. මෙහිදී තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරන බව තහවුරු කිරීම සඳහා, ආරක්ෂාව හා සනීපාරක්ෂාව තහවුරු කිරීමේ ආකෘති පත්‍රයක් පිරවීමට අවන්හල් වලට අවස්ථාව ලැබේ. එසේ කිරීම මගින් 'සුරක්ෂිතතා මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරන අවන්හලක්' ලෙස අදාළ අවන්හල Uber Eats app තුළ දිස්වනු ඇත.

     

    • Instagram ‘Order Now’ බොත්තම් හා ස්ටිකර්: Uber Eats පදනම මේ වනවිට Instagram සමග සම්බන්ධ වී තිබේ. ඒ නිසා ආපනශාලා වලට තම Instagram profiles සහ Instagram stories වලට ‘Order Food’ බොත්තම් ඇතුළත් කළ හැක. එමෙන්ම ආපනශාලා වලට තම Instagram ඡායාරූප Uber Eats restaurant පිටුවේ ප්‍රදර්ශනය කළ හැකි වේ.

     

    • විශේෂ දීමනා: 'Eats Offers' ක්‍රමය මගින් ආපනශාලා වලට තමන් කැමති පරිදි Uber Eats app තුළ විශේෂ දීමනා ක්‍රියාත්මක කළ හැක. ‘Buy One Get One Free’ දීමනා, තෝරාගත් ආහාරපාන වර්ග සඳහා වට්ටම් සහ තවත් දීමනා වර්ග රාශියක් මේ ආකාරයට ක්‍රියාත්මක කළ හැකි වේ.

     

    • Restaurant Rewards වැඩසටහන: Eats Offers ක්‍රමයට අමතරව, Restaurant Rewards ක්‍රමය මගින් ආපනශාලා වලට ත්‍යාග ක්‍රම හඳුන්වා දීමට අවස්ථාව ලැබේ. මෙය පාරිභෝගික ළැදියාව මෙන්ම ඔවුන් නැවත නැවත ඇණවුම් කිරීමට ඇති ඉඩකඩ වැඩි කරන පියවරකි. කිසියම් අවම වටිනාකමක් නියම කර, එම වටිනාකමට වැඩියෙන් ඇණවුම් කරන/වැය කරන පාරිභෝගිකයන්ට ත්‍යාග ලබාදීමට හැකිවන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

    නව විශේෂාංග සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය. "ආපනශාලා යනු අපගේ ව්‍යාපාර කටයුතු වල ප්‍රධානතම හවුල්කරුවන් පිරිසක්. Uber Eats app හරහා ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට උපකාරී වන විශේෂාංග හඳුන්වා දීමට අප නිරන්තරයෙන් කටුතු කරනවා. ඒ, ජාත්‍යන්තර ඩිලිවරි සේවා පදනමක තම ආපනශාලා ප්‍රදර්ශනය කිරීමට හැකිවීම යන වාසියට අමතරවයි."

    ඉහත සඳහන් කළ විශේෂාංග වලට අමතරව ‘Restaurant Dashboard’ මගින්, ඇණවුම් ලැබෙන ආකාරය තීරණය කිරීමටත්, එම ඇණවුම් කළමනාකරණය කිරීමටත් ආපනශාලා වලට අවස්ථාව ලැබේ. ඡායාරූප සහය සේවාව යටතේ වෘත්තීය ඡායාරූප ශිල්පී කණ්ඩායමක් ආපනශාලා වලට තම ආහාරපාන වල ඡායාරූප ගැනීමට සහය වෙයි. ‘Flexible payment frequencies’, ක්‍රමය යටතේ, ගෙවීම් ලබාගැනීමට කැමති දිනපතාද, නැතිනම් සතිපතාද යන්න තීරණය කළ හැක.

    තවද ආපනශාලා වෙනුවෙන් සහය සේවා ක්ෂණික ඇමතුම් අංකයක්ද හඳුන්වා දී තිබේ. මේ සියල්ල, ශ්‍රී ලංකාවේ ආපනශාලා වල උන්නතිය සම්බන්ධයෙන් Uber Eats දක්වන උනන්දුවට පැහැදිලි උදාහරණ ලෙස දැක්විය හැක.

    ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට නම්‍යශීලී ජීවනෝපාය මාර්ගයන් උදාකර දෙමින්, රටේ ආර්ථිකයේ දියුණුවට දායක වීම සඳහා Uber Eats දිගින් දිගටම කටයුතු කරමින් සිටී. තාක්ෂණය සම්බන්ධ ගෝලීය විශේෂඥ දැනුම හා නවෝත්පාදනය සමගින් ඉදිරියටත් මෙරට මාර්ගගත ක්‍රමයට ආහාර පාන ඇණවුම් කර ගෙන්වා ගැනීම සම්බන්ධ ප්‍රමිතීන් ඉහළ නැංවීමට Uber Eats නිරන්තරයෙන් පියවර ගනු ඇත.