July, 4, 2021
COVID-19 පාලනයට ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීමේ තවත් උත්සාහයක්
Uber Eats සේවාව යටතේ එදිනෙදා අත්‍යවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ බෙදාහරින ප්‍රදේශ ගණන තුන් ගුණයකින් වැඩි කිරීමට කටයුතු කළ බව Uber Eats සමාගම පසුගියදා නිවේදනය කළේ ය. මෙම සේවාව යටතේ, ශ්‍රී ලංකාවට COVID-19 රෝගයට එරෙහි සටන ජයගැනීමට අත්වැලක් වීමක් වශයෙන්, පාරිභෝගිකයන්ගේ නිවෙස් වලටම නැවුම් එළවලු හා පලතුරු, කිරි නිෂ්පාදන, කුකුල් මස් හා බිත්තර, ධාන්‍ය වර්ග, තේ, සහ කෝපි ඇතුළු තවත් බොහෝ භාණ්ඩ වර්ග ගෙනගොස් භාරදීම සිදුකෙරේ.
ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ගමන් බිමන් සීමා කරමින් නිවෙස් වලම රැඳී සිටීම නිසා පසුගිය වසරක පමණ කාලය තුළ Uber Eats සේවාව ඔස්සේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළ ගියේ ය.
එමෙන්ම පසුගිය වසරක කාලය තුළ Uber Eats සමග අත්වැල් බැඳගත් ග්‍රොසරි භාණ්ඩ අලෙවිසැල් සංඛ්‍යාවද තුන් ගුණයකින් වැඩි වූ අතර, එම අලෙවිසැල් බොහොමයක් වාර්තාගත අලෙවියක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.
පාරිභෝගිකයන් වෙත ග්‍රොසරි භාණ්ඩ ගෙනගොස් භාරදීම යනු Uber Eats සමග එක්වී සිටින කුරියර් සේවා හවුල්කරුවන්ට සිය ආදායම වැඩි කර ගැනීමට ලැබෙන අවස්ථාවකි. රජයේ නිසි බලධාරීන් සමග සාකච්ඡා කොට, සංචරණ සීමා පනවා ඇති අවස්ථා වලදී මෙම කුරියර් සේවා හවුල්කරුවන්ට අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර ලබාදීමට Uber Eats කටයුතු කර තිබේ.
ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම විධිවිධාන අනුගමනය කිරීමට Uber Eats නිරතුරුව පියවර ගන්නා අතර, ඩිලිවරි සේවාවන් අතරතුරදී ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන ආකාරය සම්බන්ධයෙන් කුරියර් සේවා හවුල්කරුවන් දැනුවත් කිරීමටද Uber Eats කටයුතු යොදා ඇත.
"මේ දුෂ්කර අවස්ථාවේදී, COVID-19 රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීමට බොහෝ දෙනෙකු ඉදිරිපත් වනු දැකීම මහත් සතුටක්. මේ සාමූහික උත්සාහය තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම පවතින තත්ත්වය තුළ රටටත් ජනතාවටත් ශක්තියක් වෙමින්, අපගේ ග්‍රොසරි භාණ්ඩ ඩිලිවරි සේවාව තවදුරටත් පුළුල් කිරීම අපගේ අපේක්ෂාවයි." Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවා ය.
"අප Uber Eats සමග එක්වී දැන් වසරක් පමණ ගතවී තිබෙනවා. Uber Eats යනු විශාල පාරිභෝගික පිරිසක් වෙත ළඟා විය හැකි ක්‍රමයක් බව මා කියන්නේ ඉතාමත් සතුටින්. විශේෂයෙන්ම මේ දුෂ්කර කාලසීමාවේදී තම නිවෙස් වලටම වී සිටීමට සිදුවූ විශාල පිරිසක් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට Uber Eats සමත් වුණා. මෙය අපගේ පාරිභෝගිකයන්ට, රෝගයට නිරාවරණය නොවී තමන්ට අත්‍යවශ්‍ය වූ භාණ්ඩ වර්ග වලින් 80% ක් පමණම තමන් වෙතටම ගෙන්වා ගැනීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. Uber Eats සහ අපගේ වටිනා පාරිභෝගිකයන් නිසා පසුගිය වසර තුළ විශාල දියුණුවක් අත්පත් කරගැනීමට අපට හැකි වූවා. කැලණියේ පිහිටි අලෙවිසැලට අමතරව හෝකන්දර ප්‍රදේශයේ තවත් අලෙවිසැලක් විවෘත කිරීමටත් අප පියවර ගත්තා. මේ ඔස්සේ ඉදිරියේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල විශාල පිරිසකට අවශ්‍ය ග්‍රොසරි භාණ්ඩ සැපයීමට අපට හැකියාව ලැබේවි." Groceries by Governor හි චෙලාන් ගුණතිලක මහතා පැවසී ය.
2018 වසරේදී ප්‍රථම වරට, තම ඩිලිවරි සේවාවන් විධිමත් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Uber Eats කටයුතු කළේ ය. මේ වනවිට, පිසූ ආහාර වලට අමතරව එදිනෙදා අවශ්‍ය ග්‍රොසරි භාණ්ඩද ඇණවුම් කර ගෙන්වා ගැනීමට ශ්‍රී ලාංකික පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් පෙළඹෙමින් සිටිති.
Video Story