UBER, PickME ගාස්තුවලටත් VAT

    November, 30, 2023

    VAT බදු වලින් නිදහස් කිරීම් UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැත - CoPF අනාවරණය කරයි.

    රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දා සැලකිල්ලට ගන්නා ලදී.

    එහිදී වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැති බව රාජ්‍ය මූල්‍ය කමිටුව අනාවරණය කළේය.

    UBER සහ PickME සඳහා ආරම්භයේ සිටම වැට් බදු ඇතුළත් කර ඇති බව රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF ) සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.