United Motors Lanka වෙතින් නවතම 2027 Mitsubishi Outlander Sport SUV රථය මෙරට වෙළඳපොළට

    August, 12, 2026

    ශ්‍රී ලංකාවේ Mitsubishi Motors බලයලත් එකම බෙදාහැරීමේ නියෝජිතයා වන United Motors Lanka PLC (UML) සමාගම, සිය නවතම 2027 Mitsubishi Outlander Sport රථය 'Auto Vision Colombo' මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදක්වා ඇත. උසස් SUV කාර්යක්ෂමතාවයකින් සහ නවීනතම විශේෂාංග රැසකින් සමන්විත මෙම නවීකරණය කරන ලද සංයුක්ත SUV රථය (Compact SUV), නූතන ජීවන රටාවන්ට සරිලන පරිදි මෙරට මෝටර් රථ පාරිභෝගිකයන්ට උසස් තේරීමක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.

    වසර හතළිහකට අධික කාලයක් පුරා විශිෂ්ට ජපන් ඉංජිනේරු තාක්ෂණය, විශ්වසනීයත්වය සහ විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත ලබා දී ඇති United Motors Lanka සමාගම, නවීන සැලසුම්කරණකින් යුතු, උසස් තාක්ෂණය, විශිෂ්ට ආරක්ෂාව සහ එදිනෙදා භාවිතයට සුදුසු ප්‍රායෝගික බව එකට එක් කළ මෙම නව රථය හරහා සිය Mitsubishi රථ පෙළ තවදුරටත් ශක්තිමත් කරයි.

    ආසියානු කලාපයේ මාර්ග සහ ජීවන රටාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන්ම සැලසුම් කර ඇති Mitsubishi Outlander Sport රථය, ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුතු 1.5L MIVEC එන්ජිමකින් සහ Auto CVT transmission පද්ධතියකින් සමන්විත වන අතර, Normal, Wet, Gravel සහ Mud යන ධාවන මාදිලිවලින් යුතු Intelligent Drive Mode Selector නම් වූ විශේෂාංගයෙන් යුක්ත වේ. 222mm ක බිම් පරතරය (Ground Clearance), Mitsubishi වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී Dynamic Shield නිර්මාණය, Panoramic Glass Roof, Electric Tailgate සහ Multi-Around Monitor පද්ධතිය මගින් නගරබද ගමනාගමනය මෙන්ම සති අන්ත චාරිකාවන්ද එකසේ පහසු කරවන විශිෂ්ට ධාවන අත්දැකීමක් සපයයි.

    පස්දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි අභ්‍යන්තර කැබින් කොටස, Wireless Apple CarPlay සහ Android Auto පහසුකම් සහිත අඟල් 12.3 ක Smartphone-Link Display එකක්, අඟල් 8 ක Digital Instrument Cluster එකක්, Nanoe™ X වායු පිරිසිදු කිරීමේ තාක්ෂණය, Ambient Lighting, Dual-Zone Climate Control, Wireless Phone Charger සහ Synthetic Leather අසුන් ඇතුළු උසස් අංගයන්ගෙන් සමන්විත වේ. එමගින් සෑම ගමනකදීම උපරිම සුවපහසුව සහ සන්නිවේදන සබඳතාව තහවුරු කරයි.

    ආරක්ෂාව මෙම Outlander Sport රථයේ ප්‍රධානතම ලක්ෂණයක් වන අතර, එය 5-Star ASEAN NCAP ආරක්ෂිත ඇගයීම හිමිකරගෙන ඇත. මෙම රථය Active Stability Control, Hill Start Assist, Blind Spot Warning, Rear Cross Traffic Alert, Air Bags පද්ධතියක්, Rear Parking Sensors සහ Mitsubishi සමාගමේ පුළුල් රියදුරු සහායක තාක්ෂණික පද්ධතිය ඇතුළු අතිනවීන ආරක්ෂිත විශේෂාංග රැසකින් සමන්විත වේ.

    මෙම හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් United Motors Lanka PLC හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චරක පෙරේරා මහතා කියා සිටියේ, "2027 නවතම Mitsubishi Outlander Sport රථය යනු උසස් සුවපහසුව, අතිනවීන ආරක්ෂාව මෙන්ම Panoramic Glass Roof සහ Multi-Around Monitor වැනි සුවිශේෂී විශේෂාංග රැසකගේ පරිපූර්ණ එකතුවක් බවයි. United Motors හි විශිෂ්ට අලෙවියෙන් පසු සේවාව සහ දිවයින පුරා පැතිරුණු ශාඛා ජාලයේ සහාය ඇතිව, මෙරට පාරිභෝගිකයන්ට සෑම ගමනකදීම ඉහළ විශ්වාසයක් ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

    1985 වසරේදී Mitsubishi Motors හි බලයලත් නියෝජිතයා බවට පත්වූ තැන් සිට, United Motors Lanka PLC සමාගම, මෙරට ව්‍යාප්ත වූ පුළුල්ම රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ජාලය ගොඩනගා ඇති අතර, එමගින් Mitsubishi සන්නාමයට හිමි පාරිභෝගික විශ්වාසය හා ගුණාත්මකභාවය නිරන්තරයෙන් සුරක්ෂිත කරයි.

    Mitsubishi Outlander Sport රථය දැන් දිවයින පුරා පිහිටි United Motors Lanka ප්‍රදර්ශනාගාර වෙතින් නැරඹීමට සහ ධාවනය කර අත්දැකීම් ලැබීමට අවස්ථාව සලසා දී ඇත. වැඩිදුර තොරතුරු සඳහා www.unitedmotors.lk වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් 0117 565 111 අංකය අමතන්න.