Uzbekistan Airways ශ්‍රී ලංකා ගුවන් ගමන් ඇරඹෙයි

    January, 28, 2023

    Uzbekistan Airways පළමු වරට ශ්‍රී ලංකාවට පියාසර කිරීම ඊය‌ේ (27) දිනයේ දී සිදුවිය.

    ඒ අනුව මෙරට සංචාරය සඳහා මගීන් 200කට අධික පිරිසක් සමඟ පැමිණි පළමු Uzbekistan Airways ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (MRIA) වෙත ඊයේ දිනයේ දී ළඟා විය.

    මෙම ගුවන් සංචාරයේ සියලු සංවිධාන සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද්දේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි.

    2023 ජනවාරි 27 සිට 2023 මාර්තු අගභාගය දක්වා සතිපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට Uzbekistan Airways සැලසුම් කර ඇත.