December, 27, 2023
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය රජයට අනතුරු අඟවයි
2024 ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක ආනයනික නොකැපූ මැණික් මත සහ ශ්‍රී ලංකාවේදී සංචාරකයන්ට අළෙවිකරන මැණික් සහ මැණික්ද යොදා ගනිමින් නිපදවන ස්වර්ණාභරණ මත 18% වැට් බද්ද පැනවීමෙන් බරපතල හානියක් සිදුවන බවට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (Sri Lanka Gem and Jewellery Association - SLGJA) සාමාජිකයෝ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරති.
ලබන වසරේ සිට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අගය එකතු කළ බද්දට යටත් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් මෙම කර්මාන්තය වැසී යාමකට, පෞද්ගලික අංශය එම කර්මාන්තය විදේශයන්හි පිහිටුවීමට හෝ අවිධිමත් අංශය කරා ආපසු යාමකට බල කිරීමක් වන බවට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අනතුරු අගවයි.
2024 ජනවාරි 01 දා සිට , මෙම කර්මාන්තයේ අපනයනයෙහි සේම ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගයක් වන සංචාරකයන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳාමට අවශ්‍ය වන ප්‍රධාන යෙදවුමක් වන මැණික් ආනයනය 18% එකතු කළ අගය මත වන බද්දට (වැට්) යටත් කෙරේ.
ශ්‍රී ලංකා මැණික් ස්වර්ණාභරණ සංගමය ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පැවසුවේ මෙම කර්මාන්තය දැඩි ලෙස අවශ්‍යව පවතින විදේශ විනිමය ඉපැයීම සහ රැකියාව උත්පාදනය වශයෙන් හිමිකරගෙන ඇත ජාතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් සෑම විටම ජීඑස්ටී සහ වැට් බදුවලින් නිදහස් කර තිබු නිසා මෙම නව තීරණය 'මීට පෙර නොදුටූවිරූ' පියවරක් බවයි.
වාර්ෂික විධිමත් මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඩොලර් මිලියන 500ක් පමණ වන අතර දේශීයව සංචාරකයන්ට සහ විගමණික සේවකයන්ට කරන අලෙවියේ වටිනාකම ඩොලර් බිලියනයක් පමණවෙයි. මෙම කර්මාන්තය ලක්ෂ හයකට වඩා පිරිසකගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය බවට පත්ව ඇත.
සමස්තයක් වශයෙන් කාර්ය සාධනය අඩුවීමක් පැවතියද, මේ වසරේ මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනයේ ආදායම ඩොලර් මිලියන 440 දක්වා 16%ක වර්ධනයක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ මුළු අපනයන 10%කින් අඩුවිය. දියමන්ති, මැණික් සහ ලෝහ ආනයනය ඩොලර් මිලියන 223ක් දක්වා 27%කින් ඉහළ ගොස් ඇත.
මෙම පසුබිම තුළ සහ පාරිභෝගිකයන්ගේ මනාපය දියමන්තිවල සිට වර්ණවත් මැණික් කෙරෙහි යොමුවෙමින් තිබෙන කාලයකදී, මැණික් හා ස්වර්ණාභරණ අංශය වැට් බද්දට යටත් කිරීම අමනෝඥය.
පාරිභෝගිකයන්ගේ මනාපයන් හා ඔවුන්ගේ රුචියට ගැළපෙන වර්ණ, මෝස්තර සහ නිපැයුම්වල ගුණාත්මක බව වැනි විවිධ වාණිජ හේතු මත අපනයනවලින් 70%ක්ම ආනයනික නොකැපූ මැණික් මත රඳාපවතින බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ පැවසූහ. මෙය මැණික් කැපීම සහ දේශීය මැණික් යොදාගෙන නිපදවන ස්වර්ණාභරණ යන දෙඅංශයටත් අදාළවෙයි.
"18%ක වැට් බද්ද සමඟින් සමස්ත කර්මාන්තයම තරඟ කළ නොහැකි තත්ත්වයකට පත්වෙයි." ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ පැවසූහ. ඉන්දියාව (3%), තායිලන්තය (7%) ඩුබායි (3.5%) වැනි තරඟකාරීත්වයක් ඇති කරන රටවල වැට් බදු අනුපාතය අඩු බව ඔවුහූ පෙන්වා දෙති.
අන්තර්ජාතික මට්ටමේ තාක්ෂණය සහ ශිල්පයෙහි නිපුණතාවයෙන් හෙබි පිරිසක් සහිත මෙම දේශීය කර්මාන්තය ඩුබායි වැනි නැගී එන මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත කේන්ද්‍රයක් හෝ බැංකොක් සහ හොංකොං වැනි සාම්ප්‍රදායික ස්ථාන කරා ගෙන ගොස් පිහිටුවීම ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇති අවදානම් අතර වෙයි . දැනටමත් සමහරුන් විදේශගත ශ්‍රී ලාංකිකයන් සේවයට යොදා ගනිමින් පිටරටවල සාප්පු පිහිටුවා ඇති බව හෙළි වෙයි.
දැනටමත් අභියෝගාත්මක වාතාවරණයක් යටතේ මෙම කර්මාන්තය පවතින අතර නිපුණතාවලින් පිරිපුන් ශ්‍රමිකයන් සිය ගණනක් මැද පෙරදිග සහ අග්නිදිග ආසියානු රටවල ස්වර්ණාභරණ සමාගම්වල රැකියා ලබා ගැනීමට යුහුසුළු වී ඇත.
වැට් බද්ධ පැනවීමෙන් රජය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පවත්වාගෙන යන ආකාරය වටහා ගැනීමට අසමත් වී ඇති බව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ පැවසූහ. නිදසුනක් දක්වන්නේ නම් අගය එක්කළ අපනයන සකස් කිරීම පිණිස නොකැපූ මැණික් විදේශ විනිමය වැය නොකරන පදනමකින් ආනයනය කරන නමුත් රක්ෂණ වාරිකයක් අදාළවෙයි. ජනවාරි 01 දා සිට 18% වැට් මගින් මූල්‍ය දුෂ්කරතා ඇති කරන අතර විදේශ සමාගම්වලට ශ්‍රී ලංකාව තවත් පීඩා සහිත තත්ත්වයට පත්වෙයි.නොකැපූ මැණික් ප්‍රභවයක් වීම මෙන්ම ඉන්දියානු සහ වෙනත් වෙළෙන්දන් / නිෂ්පාදකයන් සඳහා ශ්‍රී ලංකාව මැණික් වෙළඳාමේ / මූලාශ්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ සැපයූම අවස්ථා අහිමිවීමේ අවදානමක් කරා ශ්‍රී ලංකාව ගමන් කරයි.
ශ්‍රී ලංකාවේ චාරිකා කරන සංචාරකයන්ගේ මෙම ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයන් පෙන්වා දෙන්නේ වැට් පාරිභෝගික බද්දක් වන හෙයින් එය විදේශිකයන්ට කෙරෙන වෙළෙඳාම මත පැනවීම මුලින්ම යුක්තියට නොගැළපෙන බවයි. ශ්‍රී ලංකාවේ වරායවල වැට් මුදල් ආපසු ගෙවීමේ යෝජනා ක්‍රමයක් නොමැතිවීම තවත් බාධකයක් බව ද ඔවුහු පවසති.
මෙම වාතාවරණය තුළ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත 18% වැට් පැනවීමෙන් ශ්‍රී ලංකාවේ පශ්චාත් ආර්ථික අර්බුදයේ එකම රිදී රේඛාව වන සංචාරක කර්මාන්තයට ද බරපතළ බලපෑමක් ඇතිවන බවට අනතුරු අඟවා ඇත. " ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර රත්නද්වීපය ලෙස ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරයක ආණ්ඩුව සහ සංචාරක බලධාරීහු යෙදී සිටිති . එහෙත් 18% වැට් බද්ද සමගින් එම ආකර්ෂණය බොඳ වී යනු ඇත." ඔවුහු පෙන්වා දෙති. අපනයනයට වඩා මැණික් හා ස්වර්ණාභරණ සංචාරකයන්ට අලෙවි කිරීම ලාභදායි වෙයි.
මෙම කර්මාන්තයේ තවත් වැදගත් පාරිභෝගික පදනමක් වන්නේ මව්බිමට පැමිණි අවස්ථාවලදී මැණික් හා මැණික් යොදා ගනිමින් නිමකළ ස්වර්ණාභරණ මිලදීගන්නා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඩයස්පෝරාවේ සාමාජිකයන්ය.ශ්‍රී ලංකා විශ්වාසවන්ත, ගුණාත්මක බවින් ඉහළ හා දැරිය හැකි මුදලකට ස්වර්ණාභරණ මිලදී ගත හැකි රටක් ලෙස සලකනු ලැබේ.
බදු ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාව පිළිගනිමින් මෙම කර්මාන්තයෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කර තිබියදීත් ඒ ගැන නොසලකා 18% වැට් බද්ද පැනවීම ගැන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ නොසතුටට පත්ව සිටිති. අගය එක් කිරීම 20%-30අතර බව ගණන් බලමින් ඉදිරිපත් කළ යෝජනා අතර වූයේ මැණික් යොදාගනිමින් නිපදවන ස්වර්ණාවර්ණවල අගය එක් කළ කොටස් මත පනවන බද්දකි.මෙය සැකසීම සහ ප්‍රතිඅපනයනය පිණිස නොකැපූ මැණික් අප ආනයනය බැහැර කිරීමට කළ නිර්දේශයට අමතරව ඉදිරිපත් කරන ලද්දකි.
"කර්මාන්තයක් වශයෙන් බදු පදනම ව්‍යාප්ත කිරීමට දරන උත්සාහය අප අගය කරන නමුත් මෙම අරමුණ සාක්ෂාත් කරගත යුත්තේ මෙම කර්මාන්තය මරා දැමීමකින් තොරවය." ශ්‍රී ලංකා මැණික් ස්වර්ණාභරණ සංගමයේ සාමාජිකයෝ ප්‍රකාශ කළහ.
රජය 18% වැට් බද්ධ පැනවීම යළි සලකා නොබලන්නේ නම් හෝ විකල්ප යෝජනා කෙරෙහි සැලකිල්ල දක්වන්නේ නැත්නම්, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය විනාශ මුඛයට ඇද වැටෙයි. එසේ නැත්නම් ආදායම් බදු වශයෙන් දැනට ලැබෙන බදු ආදායම තවදුරටත් අහිමිවීමක් සිදුවන අවිධිමත් වෙළෙඳපලට මාරුවීමක් සිදුවනු ඇත. මෙම කර්මාන්තයෙන් නිරත සමාගම්වල ආදායමට 30%ක බදු අයකරන අතට තනි පුද්ගලයන්ට සහ හවුල්කරුවන්ට එය 36% කි
Video Story