Vernost Marketing Technology සමාගමෙහි පන්කජ් ත්‍රිපාටි විසින් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගනී

    December, 6, 2021

    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ මහනුවර කණ්ඩායමේ සම අයිතිය  Vernost Marketing Technology Solutions  හි ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් ත්‍රිපාටි සහ Safexpay ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ගුප්තා විසින් හිමිකර ගන්නා ලදී. ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් මස 5 සිට 23 දක්වා පැවැත්වෙනු ලැබේ. පසුගිය වසරේ  LPL තරඟාවලියේදී  Kandy Tuskers  ලෙස නම් කරන ලද මහනුවර කණ්ඩායම නව තරඟ වාරය සඳහා  Kandy Warriors  ලෙස නම් කර ඇත.

    මේ පිළිබඳව සිය අදහස් දක්වමින් පන්කජ් ත්‍රිපාටි ප්‍රකාශ කර සිටියේ, “ Kandy Warriors කණ්ඩායමේ සම හිමිකරු ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන සතුටට පත් වෙනවා. මේ වන විට  LPL තරඟාවලිය ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබෙන තරඟාවලියක්. අපගේ ක්‍රිකට් රසිකයින් සමග එකතු වෙමින් හොඳ තරඟයක් දැක ගැනීමට අපි උනන්දුවෙන් බලා සිටිනවා.”

    Kandy Warriors කණ්ඩායමේ නව හිමිකරුවන් පිළිගනිමින්,  LPL තරඟාවලියේ නිල ප්‍රවර්ධක, ඩුබායි හි IPG ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් පැවසුවේ, “මහනුවර කණ්ඩායමේ නව හිමිකරුවන් පිළිගැනීමට ලැබීම මට විශාල ගෞරවයක්. මෙම ක්‍රීඩාව කෙරෙහි ඔවුන් දක්වන උද්යෝගය මහනුවර කණ්ඩායම තවත් සවිබල ගන්වමින් සහ රසික ආකර්ෂණය වැඩි කරගනිමින් ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා.”

    LPL  තරඟාවලියේ සමාරම්භක තරඟ වාරය පසුගිය වසරේ නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදී. එය රූපවාහිනිය, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලා හරහා ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 557 කට නැරඹීමට අවස්ථාව උදා විය. මෙම වසරේ  LPL  තරඟාවලිය සඳහා කණ්ඩායම් පහක් සහභාගී වේ.

    ව්‍යාපාර සඳහා ඩිජිටල් තාක්ෂණික විසඳුම් සපයන සමාගමක් වන  Vernost Marketing Technology Solutions  සමාගම සංකීර්ණ ඩිජිටල් යෙදුම් නිර්මාණය කිරීම, කළමනාකරණය කිරීම, සංවර්ධනය කිරීම වැනි සේවා සපයන, AI, Blockchain, Commerce, Analytics  සහ  Cloud වැනි නව තාක්ෂණික යෙදුම් සහ සේවා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සමාගමකි.