Viber විශිෂ්ඨතම ස්ටිකර් වෙළෙඳපොල අතරට ශ‍්‍රී ලංකාව ද එක්වේ

    May, 10, 2016

    ලොව පුරා මිලියන 711 කට අධික පිරිසක් භාවිත කරන ලොව ප‍්‍රමුඛතම පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයක් වන Viber විශිෂ්ඨතම ස්ටිකර් හුවමාරු වෙළඳපල අතර 5 වන ස්ථානය මෙරටට හිමිවී ඇත. Viber හරහා පසුගිය වසර තුළදී බිලියන 22 කට අධික ස්ටිකර් සංඛ්‍යාවක් ලොවපුරාම හුවමාරු වූ අතර මෙරට තුළ පමණක් හුවමාරු වූ ස්ටිකර් ප‍්‍රමාණය මිලියන 600 කට අධිකය.

    මේ වනවිට ලොවපුරා මිලියන 5 කට අධික පිරිසක් භාවිත කරන අතිශය ජනප‍්‍රිය පණිවිඩ හුවමාරු ඇප්ලිකේෂනයක් බවට Viber පත්වී ඇති අතර මෙරට තුළ ද Viber ඇප්ලිකේෂනය භාවිත කරන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බව දැකගත හැකිය. ප‍්‍රමුඛතම Viber වෙළඳපල බවට පසුගිය වසර කිහිපය පුරා මෙරට පත්වී තිබුණු අතර මීළග දැවැන්තම ඩිජිටල් සන්නිවේදන ඇප්ලිකේෂනය බවට Viber පත්වනු ඇතිබව ද නිසැකය.

    ස්ටිකර් මාධ්‍යය, සන්නිවේදන මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමට සමත්වී ඇත. Viber ස්ටිකර් මගින් සිය ආදරණීයයන් සමග සිදුකරන සංවාද වලදී මනාව අදහස් ප‍්‍රකාශ කිරීමට හැකිවීම මෙම මාධ්‍යය ප‍්‍රචලිත වීමට බලපෑ ප‍්‍රධාන හේතුවකි. Viber වෙතින් මෙවර සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් වෙනත් සන්නාම කිහිපයක හවුල්කාරීත්වයෙන් යුතුව මෙරටට ඔබින ස්ටිකර් පෙළක් හඳුන්වා දුන් අතර රු. 10,000 කට අධික වටිනාකමින් යුතු ස්ටිකර් නොමිලේ පිරිනැමුණි. ඒ අනුව මෙරට තුළ පමණක් සිංහල හින්දු අලූත් අවුරුදු සමයේදී ස්ටිකර් මිලියන 6 කට අධික ප‍්‍රමාණයක් හුවමාරු විය.

    ‘‘Viber මෙරට තුළ දියත් කළ පළමු ස්ටිකර් පැකේජය නෙස්ලේ හවුල්කාරීත්වයෙන් හඳුන්වා දුන් අතර ඉන් දැවැන්ත සාර්ථකත්වයක් හිමිකරගැනීමට හැකිවුණා. ඒ සාර්ථකත්වය ඔස්සේ තවදුරටත් ඉදිරියට යමින් නව්‍යකරණයන් රාශියක් සිදුකිරීමට ද හැකිවුණා. Viber ස්ටිකර් පැකේජ ඔස්සේ තවදුරටත් නව අත්හදාබැලීම් සිදුකිරීම අප අපේක්ෂාව වී තිබෙනවා. මේ ඔස්සේ Viber භාවිත කරන්නන්ට නව වටිනාකමක් එක්කිරීම හා විවිධ සන්නාමයන් සමග හවුල්කාරීත්වය ඇතිකරගෙන දියුණුව කරා ගමන් කිරීම අප අපේක්ෂාව වී තිබෙනවා.’’ Viber දකුණු ආසියානු කලාපයේ ප‍්‍රධානී අනුභව් නයියර් මහතා පැවසුවේය.

    Viber පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට http://partnerships.srilanka@viber.com වෙත පිවිසෙන්න