Viva Elite අළුත් මුහුණුවරකින් එළි දකී

    November, 15, 2014

    මැලේසියානු පෙරුඩුවා මෝටර් රථ සමාගම විසින් නිපදවන Viva Elite මෝටර් රථය ලංකාවේ විකිණීම නතර කිරීමට යුනයිටඩ් මෝටර්ස් සමාගම තීරණය කර තිබේ.

    මෙම මෝටර් රථ මෙරට අලෙවි කිරීමේ නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කර නවතම මෝටර් රථයක් ලෙසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බැවින් Viva Elite මෝටර් රථය අලෙවිය නතර කළ බවයි.

    යුනයිටඩ් මෝටර්ස් සමාගම තවමත් viva 850cc කුඩා මෝටර් රථය මෙරට අලෙවි කරන අතර එහි මිල රුපියල් 19,25,000 ක සිට රුපියල් 17,60,000 ක් දක්වා අඩුකර ඇත.