WSO2 සමාගම Choreo Next-Generation Integration Platform හඳුන්වා දෙයි

    June, 21, 2021

    Choreo iPaaS capabilities සහ Platformer Console මගින් බහුල  ලෙස භාවිතා වන Kubernetes platform මත  cloud native applications, APIs, සහ ඩිජිටල් සේවාවන් වඩාත් ඉක්මනින් ලබාදීමේ හැකියාව 

    ලොව පුරා සමාගම් හා ආයතන මේ වනවිට තම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වේගවත් කරමින් සිටී. ඇතැම් සමාගම් හා ආයතන එම ඩිජිටල් පරිවර්තන ඉලක්ක අවුරුදු ගණනාවක් ඉදිරියට ගෙන ඒමටද කටයුතු කර ඇත. එහෙත් නිසි තාක්ෂණික දැනුම හා හැකියාව නොමැති වීම නිසා මෙම වැඩසටහන් අර්බුදයට යන අවස්ථා බොහෝ විට දැකගැනීමට හැකි වේ. මෙම ගැටලුවට විසඳුමක් ලෙස Choreo හඳුන්වා දීමට කටයුතු කළ බව WSO2 සමාගම  පසුගියදා නිවේදනය කළේ ය.  Choreo යනු cloud native engineering සඳහා වන නවතම integration platform as a service (iPaaS) විසඳුමකි.  මීට අමතරව, Kubernetes සඳහා වන enterprise-grade cloud native application පදනමක් වන Platformer හි අයිතිය ලබාගැනීමටද WSO2 කටයුතු කර තිබේ.

    මේ වනවිට public beta අවස්ථාවේ පවතින   Choreo iPaaS, WSO2 පුරෝගාමී තාක්ෂණයන් තවදුරටත් ඉදිරියට රැගෙන යමින්, ප්‍රථම වරට නිර්මාණකරුවන්ට හා ඉංජිනේරුවන්ට low-code සහ pro-code අවස්ථාවන් සමගාමීව ලබාදෙනු ඇත. මෙමගින් ඔවුන්ට Kubernetes හි නිර්මාණයන් සිදුකර, ඒවා පරීක්ෂා කර දියත් කිරීම,  AP1 කළමනාකරණය කිරීම, වෙළඳපොළට නිකුත් කිරීම, සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම ආදිය ඉතාමත් ඉක්මනින්, එනම් පැය ගණනක් තුළදී සිදුකළ හැකි වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ව්‍යාපාරවලට දැන් ව්‍යාපාර පරිශීලකයින් සහ තොරතුරු තාක්ෂණය අතර සහයෝගීතාව ඇතිකිරීම, නිෂ්පාදනයට සූදානම් ව්‍යාපාර යෙදුම් නිර්මාණය කිරීම, සහ වඩාත් පාලනයෙන් යුතු  low-code නිර්මාණය කිරීම ආදිය සිදුකළ හැකි ය.

    "ව්‍යාපාරයන් මේ වනවිට තම නිෂ්පාදන ඉක්මනින් වෙළඳපොළට හඳුන්වා දීම, ඉක්මනින් scale out කිරීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා වැඩි වැඩියෙන් cloud-native platforms වෙත යොමුවෙමින් සිටිනවා. එහෙත් එය තවමත් දුෂ්කරයි. Integration සම්බන්ධයෙන් නිර්මාණකරුවන් මුහුණ දෙන ගැටලු, cloud native ඉංජිනේරු ක්‍රමවේදයන් භාවිතා කිරීමේදී මතුවන සංකීර්ණතා සහ ඒවා Kubernetes මුල්කරගත් පදනම් තුළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආදිය සඳහා ඇතැම් විට මාස හෝ අවුරුදු ගණන් කල් ගතවීමට පුළුවන්. Cloud native engineering සඳහා වන අපගේ නවතම iPaaS විසඳුම සමගින් අපට මේ දුෂ්කරතා මගහැරවීමට හැකියාව ලැබෙනවා." WSO2 හි ප්‍රධාන තාක්ෂණ නිලධාරී එරික් නිව්කමර් මහතා පැවසී ය.

    Platformer Console මගින් Kubernetes පදනම් කරගත් සේවාවන් විවිධ භූගෝලීය කලාප, විවිධ ක්ලවුඩ් සේවා සම්පාදකයන් මෙන්ම පෞද්ගලික ක්ලවුඩ් පවා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පහසු කරයි. එමෙන්ම එය Choreo හට WSO2 හි open-source Ballerina programming language සීමාවෙන් ඔබ්බට යාමට අවස්ථාව ලබාදෙනු ඇත.

    "Kubernetes යනු cloud native applications නිර්මාණය කිරීම හා දියත් කිරීම සඳහා අද දවසේ ඇති ඉහළම ප්‍රමිතියයි. අපගේ Choreo iPaaS වෙත Platformer සහ එහි අතිනවීන තාක්ෂණය ඇතුළත් කරගැනීම මගින් අපගේ උත්සාහයන් තවදුරටත් පුළුල් කිරීමට අපට හැකි වනවා. දැන් අපට cloud orchestration සඳහා Kubernetes වෙතින් උපරිම ප්‍රයෝජන ලැබීමට හැකියාව ඇති අතර එමගින් අපගේ පාරිභෝගිකයන්ට තම cloud native apps සහ APIs නිර්මාණය කිරීම, සම්බන්ධ කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පුළුවන්." WSO2 නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජීව වීරවර්ණ මහතා පැවසී ය.

    WSO2 විසින් Platformer හි අයිතිය පවරා ගැනීමත් සමග Platformer හි නිර්මාතෘ සහ එහි ප්‍රධන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කාංචන වික්‍රමසිංහ මහතා WSO2 හි උප සභාපති සහ නිෂ්පාදන කළමනාකරු (Choreo Data Plane) ලෙස WSO2 සමග එක්වෙයි.

    "API management, integration සහ CIAM ඉලක්ක කරගත් WSO2 මෘදුකාංග මේ වනවිට ලොව විශාලතම සමාගම් රැසක ඩිජිටල් සේවාවන් සඳහා පිටුබලය සපයනවා. Choreo සමග Kubernetes හැකියාවන්ද එක්කළ විට අපට නවෝත්පාදනය හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් නව මානයකට පිවිසීමට හැකියාව ලැබේවි. WSO2 සමග එක්වීම මගින් අපට cloud native engineering මගින් ප්‍රතිලාභ ලැබීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව සලසා දීම, මෘදුකාංග නිර්මාණකරුවන්ගේ සහයෝගීත්වය සඳහා වැඩි ඉඩකඩක් ලබා දීම, නිෂ්පාදන නිකුත් කිරීමේ චක්‍රයන් වේගවත් කිරීම සහ cloud native applications හි ලාභදායීත්වය වැඩි කිරීම වැනි පොදු ඉලක්ක රාශියක් ළඟා කරගැනීමට හැකිවනු ඇති බවට සැකයක් නැහැ."  WSO2 හි උප සභාපති සහ නිෂ්පාදන කළමනාකරු (Choreo Data Plane) කාංචන වික්‍රමසිංහ මහතා පැවසී ය.