February, 8, 2024
මහල් 47කින් සමන්විත කොළඹ, ගාලුපාරේ පිහිටි ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල හිමි කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දීය සමාගම් 05ක් සහ ශ්‍රී ලාංකික සමාගම් එකතුවක් ඉදිරිපත්වී ඇත.
එම සමාගම් වන්නේ, PKG අරමුදල් භාරය (ඉන්දියාව), ග්ලෑන්ඩ් සෙල්සියස් බයෝ කෙමිකල්ස් පුද්ගලික සමාගම (ඉන්දියාව), DB රියැලටි පුද්ගලික සමාගම (ඉන්දියාව), ජින්ඩාල් ෆිල්ම්ස් (ඉන්දියාව), බ්‍රයිට් ස්ටාර් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම (ඉන්දියාව), කන්සල්ටනට් ඉංජිනියරින්ස් ඇන්ඩ් කන්ට්‍රැක්ටර්ස් සහ KDA වීරසිංහ සහ සමාගමයි (ශ්‍රී ලංකාව).
ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ කොටස් විකිණිම සඳහා මූල්‍ය උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ ඩිලොයිට් ඉන්දියා සමාගමයි.
රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකිරීමේ ඒකකය මගින් එම සමාගම් සුදුසුකම් ලත් ආයෝජකයන් ලෙස තෝරාගෙන ඇති අතර ඔවුන්ට ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
Video Story