header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
ගම්පහ ජනතාව සමඟ අතවැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ ගමනාගමනය සවිබල ගන්වන ටොයොටා ලංකා
ගම්පහ ජනතාව සමඟ අතවැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ ගමනාගමනය සවිබල ගන්වන ටොයොටා ලංකා

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමට ටොයොටා ලංකා නිරන්තරයෙන් කැපවී සිටියි.

2008 වසරේදී ගම්පහ ප්‍රදේශයේ ස්ථාපිත කළ ටොයොටා ලංකා අමතර කොටස් ශාඛාව හරහා ටොයොටා ලංකා සමාගම ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සිය සේවාවන් ලබා දීම ආරම්භ කළේය. එතැන් පටන් ප්‍රදේශයේ ජනතාව සමඟ ගොඩනගාගත් අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, නවීන යටිතල පහසුකම් සහ පාරිභෝගික පහසුකම් රැසක් සමඟින් මෙම පරිශ්‍රය මේ වන විට නව අදියරකට පා තබා ඇත.

2026 අගෝස්තු 06 වන දින නිල වශයෙන් විවෘත කරන ලද මෙම ටොයොටා ලංකා ගම්පහ ශාඛාව හරහා, නවතම ටොයොටා රථවාහන මිලදී ගැනීම, ටොයොටා අමතර කොටස් සහ 'Tyre Zone by Toyota Lanka' යන සියලු සේවාවන් එකම වහලක් යටින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වේ. මෙමඟින් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් ටොයොටා ලංකාහි විවිධ නිෂ්පාදන සහ ගමනාගමන විසඳුම් ලබා ගැනීමට පහසුකම් සැලසෙයි.

මෙම උත්සව අවස්ථාව ටොයොටා ලංකා සමාගමේ සභාපති Mr. Masaaki Kawabata සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ගෞරවනීය අමුත්තන්, ව්‍යාපාරික හා මූල්‍ය හවුල්කරුවන්, පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සඳහන් කළේ, ටොයොටා ලංකා සමාගම පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගන්නා සබඳතාවය හුදෙක් වාහනයක් අලෙවි කිරීමට පමණක් සීමා නොවන්නක් බවයි. ටොයොටා හි අරමුණ හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයා සමඟ ජීවිත කාලය පුරා පවතින ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීම බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ගම්පහ ශාඛාව පුළුල් කිරීම, ගම්පහ ජනතාව වෙත තව තවත් සමීප වීමටත්, ඔවුන්ගේ ගමනාගමන අවශ්‍යතාවයන්හිදී අඛණ්ඩව සහාය වීමටත් තැබූ තවත් වැදගත් පියවරක් බවද ඒ මහතා සඳහන් කළේය.

පාරිභෝගික විශ්වාසය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ටොයොටා ලංකා දක්වන කැපවීම ජාතික මට්ටමින්ද ඇගයීමට ලක්ව තිබේ. LMD සඟරාව මඟින් 2025 වසරේ අංක 01 නිෂ්පාදන සන්නාමය සහ අංක 01 මෝටර් රථ සන්නාමය ලෙස ටොයොටා ලංකා සම්මානයට පාත්‍ර වූ අතර, එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් ටොයොටා කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව විදහා දක්වයි. මීට අමතරව, ලංකා සේවායෝජක සංගමය විසින් පවත්වන ලද EFC National Best Employer Awards 2025 හිදී, ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජකයන් 10 දෙනා අතරට තේරී පත්වීමට ද ටොයොටා ලංකා සමත් විය. එමඟින් පාරිභෝගිකයන්ට පමණක් නොව, තම සේවකයන් වෙනුවෙන්ද යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සමාගම දක්වන කැපවීම පැහැදිලි වේ.

සිය ශාඛා ජාලය පුළුල් කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ද ටොයොටා ලංකා කටයුතු කරයි. 'Toyota Lanka Auto Academy' හරහා, ක්ෂේත්‍රයට අදාළ දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික කුසලතාවලින් තරුණ තාක්ෂණික වෘත්තිකයන් බලගැන්වීම ද සමාගම සිදු කරයි. මෙම වැඩසටහන මඟින් දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් සහිත මෝටර් රථ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බිහි කෙරෙන අතරම, ශ්‍රී ලාංකික තාක්ෂණික දක්ෂතාවන්ට ජාත්‍යන්තර අවස්ථාවන් වෙත පා තැබීමට ද මග පාදනු ඇත.

ටොයොටා ලංකාහි සියලු ක්‍රියාකාරකම් පිටුපස පවතින්නේ පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethicality) යන 'Toyota LIFE' දර්ශනයයි. පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ ප්‍රජාව සමඟ අර්ථවත් මෙන්ම කල්පවතින සබඳතා ගොඩනැගීමට සමාගම මෙහෙයවනු ලබන්නේ මෙම මූලධර්ම විසිනි. පාරිභෝගිකයන්ට සේවය කිරීමේදී සහ සෑම සේවා අවස්ථාවකදීම මෙම වටිනාකම් පෙරදැරිව කටයුතු කිරීමට ටොයොටා ලංකා සැමවිටම බැඳී සිටියි.

පුළුල් කරන ලද මෙම ගම්පහ ශාඛාව, දිවයින පුරා පිහිටි සිය ශාඛා ජාලය සවිමත් කරමින් පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වීමට ටොයොටා ලංකා ගෙන යන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයකි. 2026 මූල්‍ය වර්ෂය අවසන් වන විට සිය ශාඛා ජාලය පරිශ්‍ර 30ක් දක්වා පුළුල් කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර, එමඟින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ටොයොටා නිෂ්පාදන, සේවාවන් සහ ගමනාගමන විසඳුම් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පහසු කරනු ඇත. මෙම අඛණ්ඩ ව්‍යාපෘති හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව පුරා විශ්වාසනීය ගමනාගමන විසඳුම් ලබා දීමටත් ටොයොටා ලංකා කැපවී සිටියි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%