header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගමට සම්මාන දෙකක්
2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගමට සම්මාන දෙකක්

පසුගියදා පැවති 2026 BestWeb.LK සම්මාන උළෙලේදී ලීනා මැනුෆැක්චරින් සමාගම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එහිදී සුව සේවා සහ ශරීර සුවතා අංශය යටතේ රන් සම්මානය මෙන්ම හොඳම ජංගම දුරකතන පරිශීලක අත්දැකීම සඳහා වන එම අංශයේ රන් සම්මානයද සමාගම හිමි කරගත්තේය. මෙම සම්මාන උළෙල මෑතකදී මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වුණු අතර, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

LK Domain Registry ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී අංශ 24ක් ඔස්සේ ඉදිරිපත් වූ වෙබ් අඩවි 350කට වඩා වැඩි ප්‍රමාණයක් ඇගයීමට ලක් කෙරුණි. මෙහිදී තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් එක් එක් වෙබ් අඩවියෙහි තාක්ෂණික භාවිතය, වෙබ් අඩවි නිර්මාණකරණයේ විශිෂ්ටත්වය, ක්‍රියාකාරීත්වය, අන්තර්ගතයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂණ ප්‍රමිතීන් යන සාධක පදනම් කර ගනිමින් විනිශ්චය කටයුතු සිදු කරන ලදී.

මෙම ඉහළ ඇගයීම් තුළින් ලීනා මැනුෆැක්චරින් සමාගම ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමට, රෝගීන්ට පහසුවෙන් සේවා ලබාදීමට සහ විශිෂ්ට වෙබ් අඩවි නිර්මාණය කිරීමට දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරයි. ආරක්ෂිත මෙන්ම පරිශීලක-හිතකාමී වෙබ් අඩවියක් ඔස්සේ, ශ්‍රී ලංකාවේ සුව සේවා සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනයන් මෙහෙයවීමට ලීනා මැනුෆැක්චරින් සමාගම අඛණ්ඩව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.

ඡායාරූප විස්තරය : ජයග්‍රාහී ලීනා මැනුෆැක්චරින් කණ්ඩායම සම්මානය අතැතිව

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%