header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
Assidua Technologiesහි RIVO හා ROVER සන්නාම Global Laurel සම්මාන දිනයි
Assidua Technologiesහි RIVO හා ROVER සන්නාම Global Laurel සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ගෘහ උපකරණ හා විදුලි ප්‍රවාහන ක්ෂේත්‍රවල වේගයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරමින් සිටින Assidua Technologies සමාගමේ RIVO සන්නාමය Global Laurale Excellence 2026 සම්මාන උළෙලේදී Most Innovative Smart Home Appliances Brand of the Year සම්මානයත්, ROVER සන්නාමය Most Innovative E-Bike Brand of the Year සම්මානයත් දිනා ගත්තේය. මෙම ජයග්‍රහණය නවෝත්පාදනය සඳහා Assidua Technologies අඛණ්ඩව කරන ආයෝජනයට මෙන්ම ජන ජීවිතය පහසු හා කාර්යක්ෂම කරන බල ශක්ති කාර්යක්ෂම තාක්ෂණ විසඳුම් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාව තිරසර ප්‍රවාහන ක්‍රමවේද වෙත ගෙන යාමට දක්වන දායකත්වයට හිමි වූ ඇගැයීමකි. 2012දී ඇරැඹූ Assidua Technologies ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බල ශක්ති තාක්ෂණ හා ඉංජිනේරු විසඳුම් සපයන සමාගමක් ලෙස වර්ධනය වී තිබේ. බල ශක්ති විසඳුම්වලින් ඔබ්බට ව්‍යාපාර පුළුල් කරමින් මෝටර් රථ, ගෘහ උපකරණ, තාක්ෂණ, කෘෂිකර්ම ක්ෂේත්‍ර වෙතද සමාගම සාර්ථකව පිවිස ඇත. 150කට අධික කාර්ය මණ්ඩලයක් සමඟ ව්‍යාපාර පාරිභෝගිකයන් 2,500කට අධික සංඛ්‍යාවකට සේවා සපයන සමාගම බැංකු, සෞඛ්‍යය, විදුලි සංදේශ, නිෂ්පාදන, අධ්‍යාපන, රාජ්‍ය ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසකට පැය 24 පුරා දිවයිනම ආවරණය වන තාක්ෂණ සහාය සපයයි.

RIVO යනු Assidua Technologiesහි පාරිභෝගික තාක්ෂණ නිෂ්පාදන පෙළ නියෝජනය කරන නවතම ගෘහ උපකරණ සන්නාමයයි. රූපවාහිනී, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු නවීන ස්මාර්ට් ගෘහ උපකරණ රැසක් RIVO සන්නාමයෙන් වෙළෙඳපොළට පැමිණෙයි. නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව, බල ශක්ති කාර්යක්ෂමතාව, විශ්වාසනීය ක්‍රියාකාරිත්වය එක් කරමින් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට ගැළැපෙන නිෂ්පාදන සැපැයීම RIVOහි අරමුණයි. එම නිෂ්පාදන දිවයින පුරා මිල දී ගත හැකි අතර සමස්ත නිෂ්පාදන පෙළට වසර දෙකක වගකීමක් පිරිනමයි. Rivon Lanka සමාගම ROVER සන්නාමයෙන් පරිසර හිතකාමී නවීන විදුලි බයිසිකල් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. දිවයින පුරා අලෙවි නියෝජිත ස්ථාන 55ක ජාලයක් ස්ථාපිත කර ඇති අතර වසර දෙකකදී ROVER විදුලි බයිසිකල් 2,000කට අධික සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. Lanka Premier League (LPL) 2026 තරගාවලියේ Kandy Royals කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසද ROVER බයිසිකල් සන්නාමය කටයුතු කළේය. පුළුල් වන අලෙවි නියෝජිත ජාලය, අලෙවියෙන් පසු විශිවාසනීය සේවාව, පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය ඔස්සේ ශ්‍රී ලංකාව තුළ පරිසර හිතකාමී පෞද්ගලික ප්‍රවාහන විසඳුම් භාවිතය ප්‍රවර්ධනය කිරීමට ROVER අඛණ්ඩව දායක වෙයි. Global Laurel Excellence 2026 සම්මාන උළෙලට Assidua Technologies හා Rivon Lanka නියෝජනය කරමින් අලෙවි හා තාක්ෂණ අධ්‍යක්ෂ ආර්. සදිෂ් කුමාර්, අලෙවි හා තාක්ෂණ ප්‍රධානී විකුම් පෙරේරා, මූල්‍ය අධ්‍යක්ෂ එච්. ඩබ්ලිව්. රොෂාන්, සහකාර සාමාන්‍යධිකාරී සුමිත් නන්දන සහ ROVER අලෙවි ප්‍රධානී සුරේෂ් ධම්මික සහභාගී වූහ. Global Laurel Excellence Awardsහිදී RIVO සහ ROVER සන්නාම දෙකම සම්මානයට පාත්‍ර වීම ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ දැඩි අවධානයක් දක්වමින් ඉහළ වර්ධන හැකියාවක් සහිත නව ක්ෂේත්‍ර වෙත සාර්ථකව විවිධාංගීකරණය වීමට Assidua Technologies සතු හැකියාව මැනවින් පිළිබිඹු කරයි. Assidua Technologies කළමනාකාරිත්වය සඳහන් කළේ මෙම සම්මාන සමාගමේ සේවකයන්ගේ, ව්‍යාපාර හවුල්කරුවන්ගේ කැපවීම හා පාරිභෝගිකයන්ගේ විශ්වාසය වෙනුවෙන් ලැබුණු ඇගැයීම් බවයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%