header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
සියවසක විශ්වාසය තහවුරු කරමින් DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට ලක්වෙයි
සියවසක විශ්වාසය තහවුරු කරමින් DCSL PLC මෙරට Most Valuable Spirits Brand ලෙස ඇගයීමට ලක්වෙයි

Brand Finance ආයතනය විසින් ශ්‍රී ලංකාවේ Most Valuable Spirits Brand එක ලෙස Distilleries Company of Sri Lanka PLC (DCSL) සමාගම නම් කර තිබෙනවා. සියවසකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් සහ ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුකූලව ඉදිරියට පැමිණි DCSL සමාගමේ දීර්ඝ ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස මෙම ඇගයීම හැඳින්විය හැකිය.

දේශීය වෙළෙඳපොළ පිළිබඳ මනා අවබෝධය, පාරම්පරික උරුමය, උසස් තත්ත්වය සහ නවෝත්පාදනය මුසු කරමින් පරම්පරා ගණනාවක් පුරා ගොඩනඟන ලද DCSL සමාගමේ සන්නාම ශක්තිය මෙම සම්මානය හරහා මනාව පිළිඹිඹු වේ. 1913 වසරේදී ආරම්භ කරන ලද DCSL සමාගම, සාම්ප්‍රදායික නිෂ්පාදකයකුගේ සිට නිෂ්පාදන, වතු වගා, ඇසුරුම්කරණය, සැපයුම් ජාල (logistics) සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා ව්‍යාප්ත වූ බහුවිධ ව්‍යාපාර සමූහයක් බවට පරිවර්තනය වී ඇත.

තමන් සතු සාම්ප්‍රදායික වටිනාකම් රැකගනිමින්, කාලයට අනුව අනුගතවීමට දක්වන හැකියාව මෙම සමාගමේ සාර්ථකත්වයට හේතුවයි. නවීන නිෂ්පාදන පහසුකම්, තාක්ෂණය, නිෂ්පාදන සංවර්ධනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය වෙනුවෙන් පියවර ගනිමින් DCSL සමාගම විශාල පරිවර්තනීය යුගයකට එක්විය. එම ආයෝජනයන් හේතුවෙන් වෙනස්වන පාරිභෝගික රුචිකත්වයන්ට සහ වෙළෙඳපොළ ප්‍රවණතාවලට සාර්ථකව මුහුණ දෙමින් සිය සන්නාමයන් තවදුරටත් බලගැන්වීමට සමාගමට හැකියාව ලැබිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DCSL PLC සමාගමේ විකුණුම් හා අලෙවිකරණ අධ්‍යක්ෂ කසුන් ජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, "මෙම ජයග්‍රහණය පරම්පරා ගණනාවක් පුරා අපගේ සන්නාමයන් කෙරෙහි පාරිභෝගිකයන් තැබූ විශ්වාසයේ මෙන්ම, අප සමාගම ගොඩනැඟුණු උසස් ප්‍රමිතීන් නොකඩවා පවත්වාගෙන යාමට අපගේ කාර්ය මණ්ඩලය දක්වන කැපවීමේ ප්‍රතිඵලයක් බවයි. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, අපට පාරම්පරික උරුමය යනු අතීතය දෙස බැලීම පමණක් නොව, එමගින් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම, නවෝත්පාදනය සහ අනාගතය වෙනුවෙන් තක්සේරුවක් නිර්මාණය කිරීම බවයි.

DCSL සමාගමේ නවෝත්පාදන ප්‍රවේශය එහි නිෂ්පාදන පෙළ, නිෂ්පාදන ක්‍රියාවලීන් සහ පාරිභෝගික සබඳතා දක්වා විහිදී යයි. එලෙසම, සිය අපනයනය කිරීමේ හැකියාව තවදුරටත් පුළුල් කරමින් ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ චීනය වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල් වෙත ශ්‍රී ලාංකේය සන්නාම සාර්ථකව හඳුන්වා දීමට ද සමාගම සමත්ව සිටී.

සමාගම සිය නිෂ්පාදන ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපාරික අවස්ථාවන් ගවේෂණය කරන කාලවකවානුවක මෙම ඇගයීම හිමිවීම සුවිශේෂී වනවා. උසස් ප්‍රමිතිය, නවෝත්පාදනය, තිරසාරභාවය සහ වගකීම්සහගත ව්‍යාපාරික භාවිතයන් කෙරෙහි මූලික අවධානය යොමු කරමින්, අනාගත පරම්පරාවන්ට ද අදාළ වන පරිදි සන්නාම ගොඩනැඟීමට සමාගම කැපවී සිටී. එමෙන්ම සියවසකට අධික කාලයක් පුරා ගොඩනඟන ලද විශ්වාසය සුරකිමින්, වර්ධනය, නවෝත්පාදනය සහ වටිනාකම් නිර්මාණය කිරීමේ නව පරිච්ඡේදයක් වෙත පියනැඟීමට DCSL සමාගම සූදානමින් සිටී.

ඡායාරූප විස්තරය - වමේ සිට දකුණට: තාරක ද සිල්වා – සන්නාම සහ වෙළෙඳ අලෙවිකරණ ප්‍රධානී (DCSL Group Marketing Pvt Ltd), කසුන් ජයවර්ධන – අලෙවි සහ අලෙවිකරණ අධ්‍යක්ෂ (DCSL Group Marketing Pvt Ltd), විශ්‍රාමික බ්‍රිගේඩියර් නාලක මල්සිංහ – විධායක උප සභාපති (DCSL PLC), රුචි ගුණවර්ධන – සභාපති (Brand Finance Lanka), සේනක අමරතුංග – අධ්‍යක්ෂ (Periceyl Pvt Ltd), ඇන්ටොනෙට් ලුඩොවික් – සම-නිර්මාතෘ / විධායක අධ්‍යක්ෂ (Echelon Media)

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%