header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලබයි
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලබයි
Huawei හි E-band Microwave RTN 3800 තාක්ෂණික පද්ධතිය 2026 iF Design සහ Red Dot Design සම්මානයන්ගෙන් පිදුම් ලැබීය. E-band Microwave RTN 3800 පද්ධතියෙහි ඇති සැලසුම හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජාත්‍යන්තර සම්මාන දිනා ගැනීමට ඊට හැකි විය. මෙහිදී විශේෂයේ විනිශ්චය මණ්ඩලයේ අවධානය යොමු වූයේ සන්නිවේදන කුළුණුවල පහසුවෙන් සවි කිරීමේ හැකියාව, 12.5 Gbps ක ඉහළ දත්ත සම්ප්‍රේෂණ ධාරිතාව සහ 5G ව්‍යාප්තිය මෙන්ම ජාලයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන ඉහළ විශ්වසනීයත්වය යන කරුණු කෙරෙහිය. ගෝලීය මයික්‍රොවේව් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම නිෂ්පාදන සැලසුම්කරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් වෙනුවෙන් Huawei හි පුරෝගාමීත්වය මෙම සම්මානයන් තුලින් නැවත නැවතත් තහවුරු වේ. රේඩියෝ සංඛ්‍යාත සහ බේස්බෑන්ඩ් මොඩියුලයන් එකට එක් කර නිෂ්පාදනය කර ඇති RTN 3800 යනු එළිමහන් සන්නිවේදන කුලුණු මත සවිකරනු ලබන E-band outdoor microwave පද්ධතියක් ලෙස පෙන්වා දිය හැකිය. ලොව පුරා සිටින විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් මෙය බහුලව භාවිත කරනු ලබන අතර එය වඩාත් ජනප්‍රියවීමට ප්‍රධානතම හේතු ලෙස,
  • ඉහළ දත්ත ධාරිතාව - උපරිම 12 Gbps ක දත්ත ධාරිතාවක් සපයන මෙය වෙළෙඳපොලේ ඇති ඒ හා සමාන නිෂ්පාදනයන්හි පවතින සාමාන්‍ය 10 Gbps ධාරිතාවට වඩා කැපී පෙනෙන ඉහළ යාමකි. Bit 1ක දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා වැය වන පිරිවැය 25%කින් අඩුකර දීමට මෙම පද්ධතිය සමත් වේ.
  • ඉහළ විශ්වසනීයත්වය - මෙම නිෂ්පාදනයේ සංඥා සම්ප්‍රේෂණ බලය අනුවර්තී transmit power, adaptive modulation සහ adaptive channel bandwidth යන සියලුම තාක්ෂණික අංගයන් පෙර E-band මාදිලිවලට වඩා සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කර ඇත. එමඟින් පාරිසරික බාධා හමුවේ වුවද කිසිදු බිඳවැටීමකින් තොරව ඉතාමත් විශිෂ්ට සහ ස්ථාවර ජාල සන්නිවේදනයක් පවත්වාගෙන යාමට හැකියාව ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව අදහස් දැක්වූ Huawei Microwave නිෂ්පාදන සභාපති Jason Wang මහතා සඳහන් කර සිටියේ “iF Design සහ Red Dot Design සම්මානයන් අපගේ RTN 3800 සතු විශිෂ්ට hardware design හැකියාව වෙනුවෙන් ලද ඉහළම ඇගයීමක් ලෙස සඳහන් කළ හැකියි. මේ සමඟ මනා ක්‍රියාකාරීත්වයකින් යුත්, සරල මෙන්ම ආකර්ෂණීය නිමාවක් සහිත නිෂ්පාදන ලෝකය වෙත ගෙන ඒමට අපගේ තාක්ෂණික හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%