header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි
කොට්ටාව අධිවේගී පිවිසුමට ආසන්නව Groundworth වෙතින් ‘The Highway’ ඉඩම් ව්‍යාපෘතිය ඇරඹෙයි

Groundworth Pvt Ltd සමාගම විසින් “The Highway by Groundworth” ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටි මෙම ව්‍යාපෘතිය, දකුණු අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) වෙත ක්ෂණිකව ළඟාවීමේ සුවිශේෂී පහසුව සලසා දෙයි.

ශීඝ්‍ර නාගරික සංවර්ධනයක් සහිත ප්‍රදේශයක පිහිටි මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ, ගාල්ල, මාතර, කඩවත මෙන්ම කටුනායක දක්වාත් ඉතා කෙටි වේලාවකින් ගමන් කිරීමේ හැකියාව හිමිවේ. හයිලෙවල් මාර්ගයට (A4) ඇති සමීපබව නිසා පන්නිපිටිය සහ කොළඹ නගර වෙත වෙහෙසකින් තොරව ළඟාවිය හැකි අතර, ප්‍රමුඛ පෙළේ පාසල්, රෝහල් ඇතුළු සියලුම නාගරික පහසුකම් ඉතා ආසන්නයෙන්ම පිහිටා තිබීම මෙහි අගය තවත් වැඩි කරයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Groundworth සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසීය. "මෙම ඉඩම් ව්‍යාපෘතියේ වටිනාකම තීරණය වන්නේම එහි පිහිටීම අනුවයි. “The Highway” ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත්තේ ප්‍රවාහන සබඳතාව යන ප්‍රධාන සාධකය පදනම් කරගෙනයි. කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටරයක් තරම් ආසන්නයෙන් පිහිටීම නිසා පාරිභෝගිකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රධාන නගරයකට පහසුවෙන් ළඟාවීමට හැකි වෙනවා."

“The Highway” ව්‍යාපෘතියේ සිට මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර 2ක් සහ කොට්ටාව නගරයට කිලෝමීටර 2.5ක් වැනි කෙටි දුරක් පවතී. Softlogic GLOMARK සුපිරි වෙළඳසැලට කිලෝමීටර 1.5ක් පමණක් වන අතර බැංකු, ඖෂධහල් හා ආපනශාලා රැසක් නොදුරින්ම පිහිටා ඇත. තවද, කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය, ලීඩ්ස් ඉන්ටර්නැෂනල් සහ ලූවර් කොලේජ් යන ප්‍රමුඛ පාසල් කිලෝමීටර 2-3ත් අතර සීමාවේත්, හෝමාගම මූලික රෝහල කිලෝමීටර 2.5ක දුරිනුත් පිහිටා තිබේ.

පර්චස් 6 සිට ඉහළට නේවාසික ඉඩම් කැබලි 12කින් පමණක් සමන්විත මෙම ව්‍යාපෘතිය නිරවුල් ඔප්පු, අඩි 22ක පුළුල් මාර්ග, නළ ජලය සහ විදුලි පහසුකම් සහිතව ඉහළ නේවාසික වටපිටාවක නිර්මාණය කර ඇත. මෙහි ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 2.1 සිට ආරම්භ වේ.

සීමිත ඉඩම් කැබලි ප්‍රමාණයක් පමණක් ඇති “The Highway” ව්‍යාපෘතිය නැරඹීම සඳහා දැන් පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවී ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%