header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
සෙලාන් බැංකුව ටොයොටා ලංකා සමඟ එක් වී විශේෂ ලීසිං පහසුකම් පිරිනමයි
සෙලාන් බැංකුව ටොයොටා ලංකා සමඟ එක් වී විශේෂ ලීසිං පහසුකම් පිරිනමයි

සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. ටොයෝටා ලංකා සමාගම වෙතින් මගී සහ වාණිජ රථවාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ලීසිං පහසුකම් පිරිනැමීම මෙහි අරමුණයි. මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වඩාත් කාර්යක්ෂම අනුමත කිරීමේ ක්‍රියාවලියක් සමඟින් තරගකාරී මූල්‍ය විසඳුම් හිමි වනු ඇත.

මෙය මූල්‍ය සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සෙලාන් බැංකුව සතු විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථවාහන ක්ෂේත්‍රය තුළ ටොයෝටා ලංකා සමාගම සතු දීර්ඝකාලීන පළපුරුද්ද එක්තැන් කරන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි වේ. මෙය ටොයෝටා රථවාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට සුභ ආරංචියක් වනු නිසැකය.

මෙම හවුල්කාරීත්වය යටතේ රථවාහන ගැනුම්කරුවන්ට වසර 7 ක් දක්වා වූ නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමා, තරගකාරී පොලී අනුපාත සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිතව සෙලාන් ලීසිං පහසුකම් ලබාගත හැකි වේ. මෙම කඩිනම් ක්‍රියාවලිය යටතේ, නිසි සුදුසුකම් සපුරාලන ගනුදෙනුකරුවන්ට පැය 24 ක් ඇතුළත ලීසිං පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති අතර, එමඟින් ගැනුම්කරුවන්ට වඩාත් පහසු, කාර්යක්ෂම සහ තෘප්තිමත් ලීසිං සේවා අත්දැකීමක් හිමි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමඟ විශ්වාසදායක මගී සහ වාණිජ ප්‍රවාහන පහසුකම් සඳහා ඇති ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙවැනි පසුබිමක් තුළ පුද්ගලයන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම හා සුරක්ෂිත ප්‍රවාහන විසඳුම් අවශ්‍ය වී තිබේ. මෙම හවුල්කාරීත්වය හරහා එම අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇතැයි සෙලාන් බැංකුව බලාපොරොත්තු වෙයි.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යුජීන් සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය: “Toyota Lanka සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන කාර්යක්ෂම මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා අප දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි. ටොයෝටා ලංකා සමාගමේ මගී සහ වාණිජ රථවාහන මිලදගැනීම සඳහා මෙලෙස නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමාවන් සහ කඩිනම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් සහිත ආකර්ෂණීය ලීසිං පහසුකම් හිමි වීම මඟින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රාශියක් හිමි වේවි.”

ලීසිං පහසුකම් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම ගනුදෙනුකරුවන් වෙතටම පැමිණ උපදෙස් හා සහය නොමිලේ ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං විශේෂඥයෝ සූදානමින් සිටිති. එමෙන්ම සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ශාඛා ජාලය මඟින් ගනුදෙනුකරුවන්ට අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටි, ලිපිලේඛන කටයුතු සහ අනුමැතිය හිමිවීමෙන් පසු ක්‍රියාවලිය සඳහා උපරිම සහය හිමි වන නිසා ඔවුන්ට මූලික විමසීමේ සිට ලීසිං ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම දක්වා කිසිදු බාධාවකින් තොර කාර්යක්ෂම සේවාවක් හිමි වේ.

මේ සම්බන්ධයෙන් ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා මෙසේ අදහස් දැක්වීය: “ටොයෝටා ලංකා සමාගමේ දැක්ම වන ‘Mobility for All’ යන්න මඟින් නිරූපණය වන අරුත යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයක් වශයෙන් මෙලෙස සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙමඟින් ජනතාවට, පවුල්වලට සහ ව්‍යාපාරවලට ඔවුන්ගේ දෛනික ජීවිත, රැකියා සහ ව්‍යාපාරික කටයුතු සඳහා අතිශයින් වැදගත් වන ටොයෝටා රථවාහන මාදිලි රාශියක් වඩාත් පහසුවෙන් මිලදීගැනීමට හැකි වේවි. මෙම හවුල්කාරීත්වය, පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සලසමින් රට පුරා ජනතාවට කාර්යක්ෂම ගමනාගමනයක ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දීම සඳහා දෙපාර්ශ්වය දක්වන පොදු උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි.”

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී මූල්‍ය විසඳුම් සමඟින් අමතර ප්‍රතිලාභ රැසක්ද පිරිනමන මෙම හවුල්කාරීත්වය, ටොයෝටා විශ්වාසය සමඟින් තම ගමනාගමන හා ප්‍රවාහන අවශ්‍යතා සපුරාගැනීමට බලාපොරොත්තු වන කාටත් බෙහෙවින් වැදගත් වනු නිසැකය. ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් රටේ මගී සහ වාණිජ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට දායක වීම සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීමද මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

011-200 88 88 අංකයෙන් සෙලාන් බැංකුව ඇමතීම මඟින් මෙම ලීසිං පහසුකම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

ඡායාරූපය: (වමේ සිට) - ටොයෝටා සමාගම වෙනුවෙන් එහි වටිනාකම් දාම අංශයේ ප්‍රධානී නාඔටකා ටකේඩා, සාමාන්‍යාධිකාරී (නව වාහන විකුණුම්) රවී ඕපාත, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල සහ සභාපති මසාකි කවබතා යන මහත්වරුන් සමඟ සෙලාන් බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) අසිරි අභයරත්න, ලීසිං අංශ ප්‍රධානී නලින් සමරතුංග, ප්‍රධාන කළමනාකරු (අලෙවි) නලින් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ලීසිං) තක්ෂිල දිසානායක සහ කළමනාකාරිනී (ලීසිං) නිලක්ෂි පතිරණ යන මහත්ම මහත්මීන්

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%