header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
නව මුහුණුවරකින් EKHO Belihuloya ලෙස බෙලිහුල්ඔය තානායම යළි විවෘත වෙයි
නව මුහුණුවරකින් EKHO Belihuloya ලෙස බෙලිහුල්ඔය තානායම යළි විවෘත වෙයි

ශ්‍රී ලාංකික සංචාරකයන්ගේ පරම්පරා ගණනාවක මතක හා බැඳුණු බෙලිහුල්ඔය තානායම (Belihuloya Rest House) එහි සුවිශේෂ උරුමය සහ පැරැණි සුන්දරත්වය රැක ගනිමින් නවීකරණය කිරීමෙන් අනතුරුව EKHO Belihuloya නමින් යළි විවෘත කර තිබේ. බෙලිහුල්ඔයේ සිසිල්, හරිත පරිසරය මධ්‍යයේ යාබදව ගලා බසින දිය පහර අසල පිහිටි මෙම තානායම දශක ගණනාවක් පුරා නවාතැන්පොළකට පමණක් සීමා නොවී සංචාරකයන්ගේ ප්‍රියතම ගිමන්හලක් බවට පත් වී තිබිණි. දිගු ගමනක් අතර තේ කෝප්පයක් රස විඳීමට, දිවා ආහාරය ගැනීමට හෝ දිය පහරේ හඬට සවන් දෙමින් මඳ වේලාවක් විවේක ගැනීමට පැමිණි පරම්පරා ගණනාවක සංචාරකයන්ගේ මතක සමඟ මෙම ස්ථානය අදටත් බැඳී පවතී. එම හුරු පුරුදු බව සහ අනන්‍යතාව EKHO Belihuloyaහි නව මුහුණුවර තුළද ආරක්ෂා කර තිබීම සුවිශේෂත්වයකි. නවීකරණයේදී මුල් තානායමේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික තානායම් සංස්කෘතියට ආවේණික සරල සුන්දරත්වය රැක ගනිමින් වර්තමාන සංචාරකයන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන සුව පහසු අත්දැකීමක් නිර්මාණය කිරීමට ප්‍රමුඛත්වය දී තිබේ. වසර ගණනාවකට පසු නැවත පැමිණෙන අමුත්තන්ට ස්වභාවික පරිසරය සමඟ ඇති සමීප සබඳතාව, නිස්කලංකව ආහාර වේලක් රස විඳීමේ අත්දැකීම සහ අසලින් ගලා යන දිය පහර නිර්මාණය කරන සුවිශේෂ පරිසරය තව දුරටත් අත්විඳිය හැකිය. එමෙන්ම අමුත්තන්ගේ කාමර සම්පූර්ණයෙන්ම නවීකරණය කර ඇති අතර බෙලිහුල්ඔයේ ස්වභාවික පරිසරයෙන් ආභාසය ලැබූ නවීන අභ්‍යන්තර සැළැසුම් සහ වැඩි දියුණු කළ පහසුකම් ඊට එක් කර තිබේ. ඒ අනුව උරුමය සහ නවීන ආගන්තුක සත්කාර එකිනෙක මනාව මුසු වූ අත්දැකීමක් අමුත්තන්ට සැපැයීමට EKHO Belihuloya සමත් වෙයි.

මෙම යළි විවෘත කිරීම බෙලිහුල්ඔය සංචාරක ගමනාන්තයක් ලෙස අත්විඳිමින් සිටින පරිවර්තනයද පිළිබිඹු කරයි. කලක් දිගු ගමනක අතර මැදි නැවතුමක් ලෙස ප්‍රකටව තිබූ බෙලිහුල්ඔය අද වන විට කඳුකර දර්ශන, දිය ඇලි, ස්වභාවික මං පෙත් සහ එළිමහන් අත්දැකීම් හේතුවෙන් සංචාරය කළ යුතු ගමනාන්තයක් ලෙස වැඩි අවධානයක් දිනා ගනිමින් සිටී. ඒ අනුව EKHO Belihuloya ගිමන්හලක් ලෙස පමණක් නොව බෙලිහුල්ඔය සහ අවට ප්‍රදේශ ගවේෂණය කිරීමට සංචාරකයන්ට දොරටුවක් ලෙසද ස්ථානගත කිරීමට අපේක්ෂා කෙරේ. CHC Rest Houses Pvt Ltd ප්‍රධාන විධායක නිලධාරී සහ EKHO Hotels මෙහෙයුම් උප සභාපති නිහාල් මුහන්දිරම් මහතා මෙසේ පැවසීය. “බෙලිහුල්ඔය තානායම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතක තුළ සුවිශේෂ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා. ඇතැමුන්ට එය පවුලේ සියලු දෙනා දිවා ආහාරය සඳහා නතර වූ ස්ථානයයි. තවත් අයෙකුට දිගු ගමනක් අතර තේ කෝප්පයක් රස විඳි ස්ථානය හෝ දිය පහර අසල ගත කළ නිස්කලංක මොහොතක් විය හැකියි. එය EKHO Belihuloya ලෙස නව මුහුණුවරකට ගෙන ඒමේදී එම මතක සහ තානායමේ අනන්‍යතාව අහිමි නොකිරීම අපට ඉතා වැදගත් වුණා. එය රැක ගනිමින් නවාතැන් අත්දැකීම නව තලයකට ගෙන ඒමට අප කටයුතු කළා.” EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ එය EKHO Hotels & Resorts හෝටල් එකතුවට එක් වන හය වැනි හෝටලය බවට පත් වෙයි. ශ්‍රී ලංකාවේ සුවිශේෂ ස්වභාවික, සංස්කෘතික සහ උරුම ගමනාන්ත ආශ්‍රිතව EKHO සන්නාමයේ පැවැත්ම පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස මෙය සැළැකේ. එම ව්‍යාප්තියේ මීළඟ අදියර ලෙස ඓතිහාසික කිතුල්ගල තානායම මේ වන විට නවීකරණය කරමින් පවතින අතර එයද ඉදිරියේදී EKHO සන්නාමය යටතේ යළි විවෘත කිරීමට නියමිතය. මෙම සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි තානායම්වලට නව ජීවයක් දෙන අතරම ඒවාටම අනන්‍ය වූ ඉතිහාසය, චරිත සහ ස්ථාන පිළිබඳ හැඟීම අනාගත පරම්පරාව වෙනුවෙන් සුරැකීමයි. මෙම යළි විවෘත කිරීම Ceylon Hotels Corporation PLC (CHC) සිය 60 වැනි සංවත්සරය සමරන 2026 වසරේදී සිදු වීම විශේෂත්වයකි. දශක ගණනාවක් පුරා CHC තානායම් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ හුරු පුරුදු ගිමන්හල් සහ හමු වීම් ස්ථාන බවට පත් වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක සංස්කෘතියේ කොටසක් බවට පත් වී ඇත. ඒ අනුව EKHO නාමය යටතේ බෙලිහුල්ඔයේ පැරණි කතාව වෙනුවට අලුත් කතාවක් ලියැවෙන්නේ නැත. එම කතාවම නව පරපුරක් වෙත රැගෙන යයි. දිය පහර අසල තේ කෝප්පයක්, නිස්කලංක දිවා ආහාරයක් සහ ගමන අතර හදිසියේ තීරණය කළ ගිමන් මොහොතක් තව දුරටත් එහි පවතිනු ඇත. පැරැණි මතක සමඟ නැවත පැමිණෙන අයට ඒවා යළි විඳ ගැනීමටත්, නව පරපුරකට තමන්ගේම මතක නිර්මාණය කර ගැනීමටත් EKHO Belihuloya දැන් අවස්ථාව සළසා දෙයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%