header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනියි
අඛණ්ඩව හයවන වසරටත් සියැට් කැලණි Fitch AA+ ශ්‍රේණිය රඳවා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් (CKH) සමාගමට ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) ආයතනය අඛණ්ඩව හයවන වසරටත් AA+(ika) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම,‘ස්ථාවර දැක්ම’ (Stable Outlook) තහවුරු කර ඇත. සමාගමේ අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාවේ වායු පිරවූ ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිරසාර නායකත්වය මෙයින් තවදුරටත් තහවුරු වෙයි.

‘AA+(ika)’ ශ්‍රේණිගත කිරීම ෆිච් ලබා දෙන දෙවන ඉහළම ජාතික ශ්‍රේණිගත කිරීම වන අතර මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඉතා ශක්තිමත් ධාරිතාවයක් පිළිබිඹු කරයි. මිල වෙනස් වීම් සහිත ඉහළ තරඟකාරී වෙළඳපලවලට සමාගමේ නිරාවරණය වීම ද පෙන්වා දෙමින්, ශ්‍රේණිගත කිරීම පිළිබඳව ෆිච් පැවසුවේ දේශීය වායුමය ටයර් නිෂ්පාදන අංශයේ CKH සමාගම ස්ථාපිත කරගෙන ඇති නායකත්වය සහ ඔරොත්තු දෙන මූල්‍ය පැතිකඩ සමාගම සතු ප්‍රධාන ශක්තීන් වන බවයි.

ඉහළ යන යෙදවුම් පිරිවැය සහ ආනයනික ටයර් නිසා තීව්‍ර වන තරඟකාරීත්වය මධ්‍යයේ වුව ද, CKH සිය වෙළඳපල ස්ථානය පවත්වා ගනු ඇතැයි ෆිච් අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. ඉපැයීම් අඩු වන අවස්ථාවල සහ ඉහළ ආයෝජන අවශ්‍යතා තිබියදීත් සමාගම ප්‍රමාණවත් ණය තත්වයන් පවත්වා ගනු ඇතැයි ද ෆිච් අපේක්ෂා කරයි.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සභාපති චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය: “ණය ශ්‍රේණිගත කිරීමක් යනු හෙට දවස සඳහා තම අභිලාෂයන් ඉටු කර ගැනීමට මූල්‍යමය වශයෙන් සන්නද්ධව සිටින අතරතුර අද දින නිවැරදි තීරණ ගැනීමට සමාගමකට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයේ මිනුමකි. සියැට් කැලණි මෙම ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව පවත්වා ගැනීම මගින් විනයගරුක භාරකාරත්වය, මෙහෙයුම් අනුවර්තනය කිරීමේ හැකියාව සහ ව්‍යාපාරයේ දිගුකාලීන ශක්තිය මත ආයෝජනය කිරීම කෙරෙහි අප තබන වැදගත්කම තවතවත් ශක්තිමත් කරයි. අපගේ සියලුම පාර්ශවකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කළහැකි ශක්තිමත්, වඩා තරඟකාරී හා බොහෝ හැකියාවන් සහිත නිෂ්පාදන සමාගමක් ගොඩනැඟීම වෙනුවෙන් අපගේ අවධානය යොමු කර සිටින්නෙමු.”

ෆිච් ආයතනය පැවසුවේ, සියැට් වෙළඳ නාමයේ ශක්තිය සහ පුළුල් අලෙවි නියෝජිත ජාලයේ සහය ද උපයෝගී කර ගනිමින් CKH විසින් ශ්‍රී ලංකාවේ වායුමය ටයර් නිෂ්පාදන කර්මාන්තයේ ඔවුන් සතු ප්‍රමුඛ ස්ථානය තවදුරටත් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බව ය. CKH හි අනුවර්තන මිලකරණ උපාය මාර්ග මගින් වෙළඳපල අස්ථාවරත්වය අවම කිරීමට සහ ප්‍රධාන අංශ හරහා වෙළඳපල කොටස ආරක්ෂා කර ගැනීමට උපකාරී වනු ඇති බව ෆිච් පෙන්වා දුන් අතර, සැලසුම්ගත නිෂ්පාදන පහසුකම් වැඩි දියුණු කිරීම් හරහා, විශේෂයෙන් ම රේඩියල් ටයර් අංශයේ, නිෂ්පාදන වල ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම තුලින් සමාගමේ තරඟකාරී ස්ථානගත කිරීම ශක්තිමත් කරගැනීම අපේක්ෂා කරන බව එම ආයතනය පවසයි.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ඉන්දියාවේ හා ජර්මනියේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වටිනා ම ටයර් සන්නාමය ලෙස සියැට් නාමය ශ්‍රේණිගත කර ඇති අතර, LMD ආයතනය විසින් 2025 සහ 2026 වසරවල ශ්‍රී ලංකාවේ ‘වඩාත් ම ජනප්‍රිය ටයර් සන්නාමය’ ලෙස ද නම් කර ඇත.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%