header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
DIMO Care Camp 2026 මගින් මෙරට ගොවි ප්‍රජාව සඳහා අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කරයි
DIMO Care Camp 2026 මගින් මෙරට ගොවි ප්‍රජාව සඳහා අලෙවියෙන් පසු සේවා තවදුරටත් ශක්තිමත් කරයි

DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාව වෙත විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය.

කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, කිලිනොච්චිය, අම්පාර, මොනරාගල, පොළොන්නරුව, මඩකලපුව සහ මාතලේ ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ රැසක දී මෙම Care Camp වැඩසටහන් පැවැත්විණි. ගොවි ප්‍රජාව වෙත අත්‍යවශ්‍ය සේවා සමීප කරන DIMO Agri Machinery හි දිවයින පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවා ජාලය පිළිබඳව ද මෙහි දී ගොවි ප්‍රජාව දැනුවත් කෙරිණි.

මෙහි දී ට්‍රැක්ටර් පරීක්ෂා කිරීම, සේවා සැපයීම සහ අලුත්වැඩියා කටයුතු, තාක්ෂණික උපදෙස් මෙන්ම අත්‍යවශ්‍ය අමතර කොටස් ලබාගැනීමේ පහසුකම් ද සහභාගි වූවන්ට හිමි විය. එමෙන්ම, DIMO හි අත්දැකීම්ලත් තාක්‍ෂණික කණ්ඩායම් මගින් ට්‍රැක්ටර් නිසි ලෙස නඩත්තු කිරීම, යන්ත්‍රෝපකරණවල කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ ආයු කාලය ඉහළ නංවා ගැනීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබා දුන්හ.

යන්ත්‍රෝපකරණ සේවාවලට අමතරව, රුධිර පීඩනය පරීක්ෂා කිරීම, BMI පරීක්ෂණ සහ රුධිර සීනි පරීක්ෂණ ඇතුළු නොමිලේ සෞඛ්‍යය පරීක්ෂණ ද මෙහිදී ලබා දෙන ලදී. ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද වැඩසටහන් සමඟින් ගොවි ප්‍රජාව සඳහා වඩාත් සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට ද DIMO Care Camp මගින් කටයුතු කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව ඇතිමලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පිළිබඳව හදාරන සිසුන් සඳහා විශේෂ පුහුණු සැසියක් ද පැවැත්විණි. ප්‍රායෝගික තාක්ෂණික පුහුණුවට අමතරව, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා සහ ඉදිරි වෘත්තීය සංවර්ධනය පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා පැවසුවේ, “වෙළඳ නාමය හෝ මාදිලිය කුමක් වුවත්, රට පුරා ට්‍රැක්ටර් හිමියන් වෙත විශ්වාසනීය තාක්ෂණික දැනුම සහ අලෙවියෙන් පසු සේවා සමීප කරවීම DIMO Care Camp පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වුණා. ගොවි ප්‍රජාවට අවශ්‍ය සහාය ලබාදීමත්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ තාක්ෂණික දක්ෂතා වර්ධනය කිරීමත් තුළින්, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයට දායක වීමට අප නිරතුරුවම කටයුතු කරනවා.” යනුවෙනි.

DIMO Care Camp 2026 සාර්ථකව අවසන් කිරීමත් සමඟ, පාරිභෝගිකයන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගනිමින් ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට DIMO හි කැපවීම තවදුරටත් තහවුරු විය. ගෝලීය වශයෙන් පිළිගත් කෘෂිකාර්මික විසඳුම්, අලෙවියෙන් පසු සේවා, තාක්ෂණික දැනුම සහ දිවයින පුරා විහිදුණු සේවා ජාලයක් සමඟින්, මෙරට ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාෂයන් බල ගන්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට DIMO අඛණ්ඩව දායක වෙයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%