header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් Antara නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි
තලවතුගොඩ කේන්ද්‍ර කරගනිමින් ‘Groundworth’ වෙතින් Antara නමින් ඉඩම් ව්‍යාපෘතියක් එළිදක්වයි

කොළඹ ආසන්නයේ පිහිටි ජනප්‍රියම මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් තලවතුගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්, Groundworth (Pvt) Ltd සමාගම විසින් "Antara by Groundworth" නමින් සිය නවතම ඉඩම් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සීමාවටත්, බත්තරමුල්ල පරිපාලන නගරයටත් ඉතා ආසන්නයෙන් පිහිටි මෙම ව්‍යාපෘතිය, නිදහස් හා සන්සුන් වටපිටාවක පිහිටි වටිනා නේවාසික ඉඩම් කොටස් 12කින් සමන්විත වේ.

පූර්ණ ලෙස සංවර්ධනය වූ ප්‍රදේශයක පිහිටා ඇති බැවින් පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වෙත ඉතා පහසුවෙන් ළඟාවීමේ හැකියාව Antara හි පදිංචිකරුවන්ට හිමිවේ. තලවතුගොඩ ප්‍රදේශයේ ඉඩම් හිඟතාවය සීඝ්‍රයෙන් වැඩිවන වටපිටාවක, මෙවැනි ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක ඉඩමක් හිමිකර ගැනීමට ලැබීම දුර්ලභ අවස්ථාවකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Groundworth සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සම නිර්මාතෘ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසීය. "Antara යනු කොළඹට නුදුරු ප්‍රධානම ප්‍රදේශයක ඔබේම තැනක් වෙන්කරගන්න ලැබෙන හොඳම අවස්ථාවක්. මෙහි ඉඩමක වටිනාකම වගේම වටපිටාවේ තියෙන දියුණු පරිසරයත් එකසේ වැදගත්. පාසල්, රෝහල්, වෙළඳ සංකීර්ණ, ප්‍රවාහන සේවා සහ රටේ පරිපාලන නගරයට ඉතා ආසන්නයෙන් නිදහස් පරිසරයක ඔබේ සිහින නිවස ගොඩනගන්න අපි මේ තුළින් අවස්ථාව සලසා දී තිබෙනවා."

Antara ව්‍යාපෘතිය, තලවතුගොඩ නගරයට සහ බත්තරමුල්ල - පන්නිපිටිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක් වැනි කෙටි දුරකින් පිහිටා ඇත.බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය සහ කොළඹ ප්‍රධාන පරිපාලන කලාපය වෙත කිලෝමීටර 3ක් වැනි කෙටි දුරකින් පහසුවෙන් ළඟාවීමට මෙයින් හැකියාව ලැබේ. එසේම, දෛනික අවශ්‍යතා සහ විනෝදාස්වාද පහසුකම් රැසක් ද මීට ආසන්නව පිහිටා ඇත. දියසරු උද්‍යානයට කිලෝමීටර 1.7ක් ද, තලවතුගොඩ හේමාස් රෝහලට කිලෝමීටරයක් ද වන අතර, Capital Mall හි පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැලට ඇත්තේ කිලෝමීටර 1.2කි. SPAR, Arpico සහ GLOMARK වැනි අනෙකුත් ප්‍රධාන සුපිරි වෙළඳසැල් ද නුදුරින්ම පිහිටා තිබේ. මීට අමතරව, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල සහ විදුර විද්‍යාලය කිලෝමීටර 2ක පමණ සීමාවේ පිහිටා ඇති බැවින්, මෙය දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ද ඉතා යෝග්‍ය වේ.

පර්චස් 6.5 සිට ඉඩම් කොටස් ලබාගත හැකි මෙම ව්‍යාපෘතිය, අඩි 22 ක පුළුල් පිවිසුම් මාර්ග, තෙකලා විදුලිය, නළ ජල පහසුකම් සහ නිරවුල් ඔප්පු වලින් සමන්විතය. ස්වාභාවික අලංකාරයෙන් පිරි ආරක්ෂිත වටපිටාවක පිහිටි මෙහි ඉඩම් පර්චසයක මිල රුපියල් මිලියන 3.3 සිට ආරම්භ වේ.

සීමිත ඉඩම් කොටස් ප්‍රමාණයක් පමණක් ඇති "Antara by Groundworth" ව්‍යාපෘතිය නැරඹීම සඳහා දැන් ඔබටත් අවස්ථාව පවතී.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%