header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
2026 ශ්‍රී ලංකා AI සතිය යටතේ පැවැත්වෙන AI සමුළුව සහ ප්‍රදර්ශනය දේශකයන් 60 දෙනෙකු සහ ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇරඹේ
2026 ශ්‍රී ලංකා AI සතිය යටතේ පැවැත්වෙන AI සමුළුව සහ ප්‍රදර්ශනය දේශකයන් 60 දෙනෙකු සහ ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇරඹේ

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය.

සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග වන AI සමුළුව සහ AI ප්‍රදර්ශනය සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින පැවැත්වෙන අතර, කෘත්‍රිම බුද්ධියේ අනාගතය හැඩගස්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන්, නවෝත්පාදකයන් සහ තාක්ෂණික සමාගම් රැසක් ඒ සඳහා එක්ව සිටිති. රටවල් 16 ක කථිකයන් 60 කට අධික පිරිසක් මෙම දෙදින සමුළුවේදී අදහස් දැක්වීමට නියමිත අතර, AI ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසක් සහභාගී වෙති. Huawei, ZTE, Sampath Bank, snowflake, EDOTCO, Connex සහ NCINGA ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් රැසක නිපැයුම් ඔස්සේ AI තාක්ෂණය සතු පරිවර්තනීය හැකියාවන් අත්විඳීමට එහිදී කාටත් අවස්ථාව සැලසෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාට අමතරව සමාරම්භක උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා, අධ්‍යාපන, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

AI ප්‍රදර්ශනය සැප්තැම්බර් 30 දින පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ Monarch Imperial හිදී පැවැත්වෙන අතර, එහිදී AI තාක්ෂණය සහ එහි භාවිතයන් අත්විඳිමින් AI නවෝත්පාදන සජීවීව දැකබලාගැනීමටත්, දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණික සමාගම් AI භාවිත කරන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් ජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.

හෙට දිනය 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ අවසන් දිනය වන අතර, එය අවසන් වීමට පෙර AI ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ, ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගස්වන තාක්ෂණයන් සජීවීව අත්විඳින මෙන් සංවිධායක මණ්ඩලය මහජනතාවට ආරාධනා කර සිටී.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%