header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී
කොකා-කෝලා 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී සම්මාන රැසක් හිමි කරගනී

ශ්‍රී ලාංකේය පාරිභෝගික විශ්වාසය සමඟින් මෙරට වෙළෙඳපොල තුල 65 වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් පසුගියදා අවසන් වූ 2026 Calin Popular Awards සහ SLIM DIGIS 2.6 හිදී කොකා-කෝලා සන්නාමය සුවිසල් අගැයීමකට ලක් වූයේ සම්මාන රැසක් හිමි කර ගනිමිනි-

ඒ අනුව 2026 Calin Popular Awards හිදී ‘Most Popular Beverage Brand of the Year’ ලෙස සම්මාන හිමිකර ගත් කොකා-කෝලා සමාගම SLIM DIGIS 2.6 හිදී සිය Real Magic ප්‍රචාරක වැඩසටහන වෙනුවෙන් Best Use of Experiential & On-Ground Digital Amplification සම්මානය දිනා ගැනීමටද සමත් විය.

මෙරට පරම්පරා ගණනාවක පවුලේ හමුවීම්, උත්සව සැමරුම්, එදිනෙදා ආහාර වේල් සහ සුපුරුදු මතකයන් රැසක් සමඟ අඛණ්ඩව බැඳී පවතින සන්නාමයක් වන කොකා කෝලා සිය 65 වැනි සංවත්සරය වෙනුවෙන් සමාගම දියත් කර ඇති ‘Thank You for Always Picking Coca-Cola’ ජාතික ප්‍රචාරක වැඩසටහන හරහා පාරිභෝගිකයා සමඟ වන දිගුකාලීන සමීප සබඳතාවය සිය ගමනේ ප්‍රධාන කේන්ද්‍රය බවට පෙන්වා දී තිබේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා හි ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රධානී මාරියෝ පෙරේරා මහතා “අප ශ්‍රී ලංකාව තුළ වසර 65ක් සනිටුහන් කරන මෙම මොහොතේ මෙම සම්මානයන්ගෙන් පිදුම් ලැබීම අපට සුවිශේෂී වටිනාකමක් ගෙන දෙනවා. මෙරට පරම්පරා ගණනාවක් අඛණ්ඩව කොකා-කෝලා තෝරාගෙන තිබෙන අතර ඔවුන් අප කෙරෙහි තබා ඇති ඒ නොසැලෙන විශ්වාසය පිළිබඳව අපි ස්තුති වන්ත එසේම වෙළෙඳපොළ තුළ අපගේ වත්මන් වටිනාකම රඳවා ගැනීමට නම් පාරිභෝගිකයන් සමඟ අප සම්බන්ධ වන ආකාරය නිරන්තරයෙන් වැඩි දියුණු කළ යුතුයි. මෙම සම්මාන උලෙළයන්හි අප ලැබූ ඇගයීම් හරහා, අප සතු දිගුකාලීන සමීප සබඳතාවය මෙන්ම වර්තමාන පාරිභෝගිකයාට වඩාත් ගැලපෙන ඩිජිටල් අත්දැකීම් නිර්මාණය කිරීම පිළිබඳ අපගේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය වනවා.” යනුවෙන් පැවසීය.

මෙරට තුළ වසර හැටකට අධික ඉතිහාසයක් ඇති සන්නාමයක් ලෙස, කොකා-කෝලා සමාගම නැවත ‘Most Popular Beverage Brand of the Year’ ලෙස මෙලෙස ඇගයීමට ලක්වීම පාරිභෝගිකයාට ඇති හුරුපුරුදුකමට පමණක් එහා ගිය කරුණකි. අලුත් පරම්පරාවන් සන්නාමයන් හඳුනාගන්නා, අත්විඳින සහ ඒවා සමඟ සම්බන්ධ වන ආකාරයන්ට අනුකූලව කොකා-කෝලා සන්නාමය හැඩගැසෙමින් පාරිභෝගික තේරීම අඛණ්ඩව දිනා ගැනීමට දක්වන හැකියාව මේ තුලින් මනාව පිළිබිඹු වේ.

සමස්තයක් ලෙස ගත් කල, Calin Popular Awards සහ SLIM DIGIS සම්මාන උළෙල තුලින් කොකා-කොලා සමාගමේ සාර්ථකත්වය මනාව විදහා දක්වයි. එහිදී ශ්‍රී ලාංකේය ජනතාව තවමත් සිය ප්‍රධානතම තේරීම ලෙස අඛණ්ඩව භාවිත කරන පානයක් වීම සහ පාරිභෝගිකයා සමඟ නවතම අයුරකින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට මග පාදන සන්නාමයක් වීම කොකා-කෝලා හට මහත් ගෞරවයකි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%