header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය සිනමා තිරයට රැගෙන එන “Teardrop Nation”

ශ්‍රී ලංකාවේ නිදහසින් පසු දේශපාලන හා සමාජයීය පරිණාමය ගැඹුරින් විමසා බලන, කොටස් හතරකින් යුත් වාර්තාමය චිත්‍රපට කතා මාලාවක් වන “Teardrop Nation” කොළඹ සිටි සෙන්ටර් (Colombo City Centre) හි Scope Cinemas Multiplex සිනමා ශාලවේදී පසු ගිය ඔක්තෝබර් 8 වැනිදා නිල වශයෙන් එළිදක්වන ලදි. එම සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගි වූ අතර, මෙම එළිදැක්වීම රටේ මෑතකාලීන ඉතිහාසය පිළිබඳ වැදගත් සංවාදයකට මංපෙත් විවර කළ අවස්ථාවක් විය. වසර හයකට අධික කාලයක් පුරා 'ප්‍රොජෙක්ට් 72' හි ව්‍යාපෘති අධ්‍යක්ෂ සාරා කබීර් මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම කතා මාලාව නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාව නිදහස ලැබූදා සිට අද දක්වා රට හැඩගස්වා ඇති තීරණාත්මක සිදුවීම්, ඓතිහාසික වාර්තා, විශේෂඥ දෘෂ්ටිකෝණ සහ සැබෑ ජීවිත අත්දැකීම් මෙම වාර්තාමය සිනමා කෘතියට පාදක වී තිබේ.

විශේෂයෙන්ම තරුණ පරම්පරාව ඉලක්ක කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වාර්තාමය චිත්‍රපට කතා මාලාව, අතීත ගැටුම්, වෙනස්කොට සැලකීම් සහ ප්‍රචණ්ඩත්වයට බලපෑ මූලික සාධක සමඟ සම්බන්ධ වීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දෙයි. එය හුදෙක් අතීත සිදුවීමක් පමණක් නොව, අනාගතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය වන වටිනා අධ්‍යාපනික අවස්ථාවක්ද වේ.

මෙම එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ සාරා කබීර් මහත්මිය මෙසේ සඳහන් කළා ය. ‘‘මෙරට ධනාත්මක සහ ස්ථිරසාර සාමයක් ගොඩනඟා ගැනීම සඳහා අපේ අතීතය තේරුම් ගැනීම, අත්‍යවශ්‍ය සාධකයකි. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට ඉතිහාසය වඩාත් සමීප කර ගැනීමට, සවිඥානිකව සහ විචාරශීලීව සම්බන්ධ වීමට දිරි ගැන්වීම සඳහා අපි “Teardrop Nation” නිර්මාණය කළෙමු. වසර හයක පර්යේෂණ සහ නිෂ්පාදන කටයුතුවලින් පසු, අපේ රට හැඩගස්වා ඇති අත්දැකීම් සහ තීන්දු තීරණ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට සහ සාමුහික අවබෝධයකට මෙම නිර්මාණය අපව රැගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු’’

මෙම වාර්තාමය කතා මාලාව, ප්‍රධාන කාල වකවානු හතරක් යටතේ ක්‍රමානුකූලව දිග හැරේ. “Foundations of Conflict” (1903 - 1970), “The Trigger” (1970 - 1980) “Battle for Peace” (1980 - 1990) සහ “War in Paradise” (1990 දශකයේ සිට 2009 දක්වා) යනාදී කාල පරිච්ඡේදයන් තුළ ජනවාර්ගිකත්වය, ආගම, පන්ති භේදය සහ කුලය යන සාධක ඔස්සේ මෙරට දේශපාලන හා සමාජයීය පසුබිම විවරණය කෙරේ.

“Teardrop Nation” හි මූලික අභිප්‍රාය වන්නේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡාව මුළුමහත් ජනතාව වෙත රැගෙන යමින්, යළිත් එවැනි ගැටුම් ඇති වීම (non-recurrence) වැළැක්වීමයි. ඓතිහාසික තීන්දු තීරණ වර්තමානයේ දී අපේ ආර්ථිකය හා සමාජය හැඩගස්වමින් පවතින්නේ කෙසේද යන්න පිළිබඳ විචාරශීලීව සිතා බැලීමට මෙම කතා මාලාව විසින් ප්‍රේක්ෂකයින්ව දිරිමත් කරනු ඇතැයි නොඅනුමානය.

කොළඹ පැවති Teardrop Nation මංගල දර්ශනයට සහභාගී වී සිටි ආරාධිත අමුත්තන්

Teardrop Nation හි පර්යේෂණ ප්‍රධානී සහ ලේඛනාගාර නිෂ්පාදක රම්ලා වහාබ්-සල්මාන්, මංගල දර්ශනයේදී ප්‍රේක්ෂකයින් අමතමින්

Teardrop Nation හි සහකාර අධ්‍යක්ෂ ක්‍රිස් තෝමස්, මංගල දර්ශනයේදී ප්‍රේක්ෂකයින් අමතමින්

Photo Cption - Teardrop Nation හි ව්‍යාපෘති අධ්‍යක්ෂිකා සාරා කබීර්, කොළඹ දී පැවති මංගල දර්ශනයේදී ප්‍රේක්ෂකයින් අමතමින්

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%