header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
ජාතික විශ්‍රාමික දිනයට සමඟාමීව DFCC බැංකුවේ 'ගරුසරු' මූල්‍ය සේවාව මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන්ට ශක්තිමත් අත්වැලක්
ජාතික විශ්‍රාමික දිනයට සමඟාමීව DFCC බැංකුවේ 'ගරුසරු' මූල්‍ය සේවාව මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශ්‍රාමික ප්‍රජාවගේ මූල්‍ය අවශ්‍යතාවයන්ට ශක්තිමත් අත්වැලක්

දශක ගණනාවක් පුරා රටේ සංවර්ධනය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ශ්‍රී ලාංකේය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇගයීමට ලක් කරමින්, මෙවර විශ්‍රාමික දිනය නිමිත්තෙන් DFCC බැංකුව සිය උණුසුම් කෘතවේදී ප්‍රණාමය පුදකර සිටියි. රාජ්‍ය සේවයේ මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිරත වෙමින් ලබාදුන් විශිෂ්ට දායකත්වයට අමතරව, විශ්‍රාම දිවියට එළඹීමෙන් පසුවද තම පවුලට, දරු මුනුබුරන්ගේ අනාගතයට සහ සමස්ත සමාජයට මගපෙන්වමින් ඉටුකරන අතිමහත් කාර්යභාරය බැංකුවේ විශේෂ ඇගයීමට ලක්වේ.

විශ්‍රාම ගැන්වීමත් සමග පුද්ගලයකුගේ මූල්‍යමය වගකීම් අවසන් නොවේ. සෞඛ්‍යාරක්ෂණය සහ වෛද්‍ය අවශ්‍යතා, නිවාස ප්‍රතිසංස්කරණ, පවුලේ අත්‍යවශ්‍ය කටයුතු, පුද්ගලික බලාපොරොත්තු මෙන්ම ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනය සහ අනාගතය වෙනුවෙන් අතහිත දීම වැනි විවිධ මූල්‍ය අවශ්‍යතාවලට විශ්‍රාම දිවියේදී ද මුහුණදීමට සිදුවේ. මෙවැනි අවශ්‍යතාවලදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ මූල්‍ය ස්වාධීනත්වය සහ අභිමානය සුරක්ෂිත කිරීම 'DFCC ගරුසරු' මූල්‍ය සේවාවේ ප්‍රධාන අරමුණයි.

DFCC ගරුසරු මූල්‍ය සේවාව යටතේ සුදුසුකම් ලබන විශ්‍රාමිකයන් සඳහා රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120 දක්වා වන ණය මුදල් ලබාගත හැකි අතර, එය ආපසු ගෙවීම සඳහා වසර 15 දක්වා වූ නම්‍යශීලී කාලසීමාවක් හිමිවේ.

මෙම ණය පහසුකම සඳහා රාජ්‍ය විශ්‍රාමිකයන්, රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන වැන්දඹු හා අනත්දරු විශ්‍රාමිකයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන් මෙන්ම සුදුසුකම් ලත් හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද සුදුසුකම් ලබයි.

ලබාගත හැකි ණය මුදල සහ ආපසු ගෙවීමේ කාලසීමාව අයදුම්කරුගේ වයස, ආපසු ගෙවීමේ හැකියාව සහ DFCC බැංකුවේ ණය ප්‍රතිපත්ති සහ අනෙකුන් රෙගුලාසි මත තීරණය වේ. මෙහිදී අයදුම්කරුගේ වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට පෙර සම්පූර්ණ ණය මුදල ආපසු ගෙවා නිමකළ යුතු වේ.

එසේම, 2016 වසරෙන් පසුව විශ්‍රාම ගොස් අදාළ රාජ්‍ය අධිකාරීන් වෙත ඇඟිලි සලකුණු ලියාපදිංචි කර ඇති සුදුසුකම්ලත් රාජ්‍ය විශ්‍රාමිකයන් හට, ඔවුන්ගේ වාර්ෂික 'ජීව දත්ත සහතිකය' (Life Certificate) වෙනුවෙන් ඇඟිලි සලකුණු මගින් අනන්‍යතාව තහවුරු කිරීමේ (Fingerprint authentication) පහසුකම දිවයින පුරා පිහිටි DFCC බැංකු ශාඛා 50 කදී ලබාදී තිබීම තවත් විශේෂත්වයකි.

DFCC ගරුසරු ඇතුළු සේවාවන් රැසක් හරහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමටත්, ඔවුන්ගේ අනාගත අභිලාෂයන් සැබෑ කරගැනීමටත් සහය වීම DFCC බැංකුවේ අරමුණයි.

මෙම ණය පහසුකම සඳහා වන සුදුසුකම්, කොන්දේසි සහ අයදුම් කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු 'DFCC ගරුසරු විශ්‍රාම ණය' නිල වෙබ් පිටුවෙන් මෙන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0112 350000 අමතා හෝ ඕනෑම DFCC බැංකු ශාඛාවකට පිවිසීමෙන් ලබාගත හැකිය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%