header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි
පාරිභෝගික විශ්වාසනීයත්වය තහවුරු කරමින් “Beyond the Drive” Euro Motors ජාතික සේවා ජාලය තවත් ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකේය මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන Euro Motors සමාගම, සිය පාරිභෝගිකයින් වෙත සැපයෙන පසු අලෙවි සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිත සහ බලයලත් සේවා සපයන්නන් නිල වශයෙන් ඇගයීමට හා පත් කිරීමට පියවර ගෙන තිබේ. “Beyond the Drive” යන තේමාව යටතේ කොළඹ හිල්ටන් හෝටලයේ 'The Blue' පරිශ්‍රයේදී පැවැති නිල උත්සවයේදී මෙම පත්කිරීම් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන පාරිභෝගිකයෙකුට තම ප්‍රාදේශීය නගරයෙන්ම නව වාහන මිලදී ගැනීම, නඩත්තු කටයුතු, අලුත්වැඩියාවන්, තාක්ෂණික උපදෙස් සහ අමතර කොටස් ලබාගැනීමේ පහසුව සැලසීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ Euro Motors සමාගම විසින් බලයලත් ක්ෂේත්‍රයන් තුනක් ඔස්සේ නියෝජිතයින් පත්කර ඇත. එහිදී නව වාහන මාදිලි පිළිබඳ නිවැරදි තොරතුරු සහ නිරීක්ෂණ පහසුකම් සපයන ප්‍රදර්ශනාගාර (Display Points), අලෙවිය (Sales), අමතර කොටස් සහ සේවා (Spare Parts and Service) යන අංශ ත්‍රිත්වයම එකම වහලක් යටින් සම්පූර්ණ කරන 3S අලෙවි නියෝජිත මධ්‍යස්ථාන (3S Dealers) මෙන්ම ප්‍රමිතියෙන් යුතු නිල නඩත්තු සහ අලුත්වැඩියා සේවාවන් සමීපව ලබාදෙන විශේෂිත සේවා සහකරුවන් ද ඊට ඇතුළත් වේ.

සිය සේවා විශිෂ්ටත්වය පිළිබඳ අදහස් දක්වමින් Euro Motors සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) රවීන්ද්‍ර සෙනරත්න මහතා සඳහන් කළේ, “අපගේ මූලික අභිප්‍රාය වන්නේ වාහන පෙළ පුළුල් කිරීම පමණක් නොව, වාහනයක් මිලදී ගත් මොහොතේ සිට එහි හිමිකාරීත්ව කාලසීමාව පුරාවටම පාරිභෝගිකයාට අවශ්‍ය පසු අලෙවි සහාය නිරන්තරයෙන් ලබාදීමයි. දිවයින පුරා පත්කරන ලද මෙම ජාලය හරහා පාරිභෝගිකයින්ට තමන් ජීවත්වන හෝ ව්‍යාපාර කටයුතු සිදුකරන ප්‍රදේශයෙන්ම පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට මඟපෑදෙනවා. මෙය අපගේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික සහකරුවන් වෙනුවෙන් දක්වන දීර්ඝකාලීන කැපවීමේ ප්‍රතිඵලයක්.”

Euro Motors පාරිභෝගිකයින් සඳහා සපයනු ලබන නිෂ්පාදක වගකීම් සහතිකය සක්‍රීයව පවත්වා ගැනීමට නම්, නියමිත කාලසටහනට අනුව සිය වාහන නඩත්තු කටයුතු මෙම බලයලත් සේවා මධ්‍යස්ථාන ජාලය හරහාම සිදුකිරීම අනිවාර්ය වේ. එමඟින් වාහනය සඳහා නිෂ්පාදකයා අනුමත කළ නිල අමතර කොටස් සහ ප්‍රමිතියෙන් යුතු තාක්ෂණික සේවාව තහවුරු කෙරේ.

විශේෂයෙන්ම වාණිජ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි නියැලෙන ව්‍යාපාරිකයින්ට, මෙම ජාලය මඟින් වාහන අක්‍රියව පවතින කාලය (Downtime) අවම කරගනිමින් සිය ව්‍යාපාරික මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.

වසර 20කට අධික විශ්වාසනීය ඉතිහාසයකට හිමිකම් කියන Euro Motors සමාගම, වර්තමානයේ Jetour, JAC, Dongfeng, Bonluck, Ankai සහ Joylong යන ලොව ප්‍රමුඛ පෙළේ මගී, SUV, විදුලි (EV) සහ වාණිජ වාහන සන්නාම රැසක නිල නියෝජිතයා ලෙස කටයුතු කරයි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%