header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
සෙලින්කෝ ලයිෆ් 25 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේදී රුපියල් මිලියන 23.4 ක ශිෂ්‍යත්ව පිරිනමයි
සෙලින්කෝ ලයිෆ් 25 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේදී රුපියල් මිලියන 23.4 ක ශිෂ්‍යත්ව පිරිනමයි

සෙලින්කෝ ලයිෆ් සිය ප්‍රමුඛතම ප්‍රතිලාභ වැඩසටහනක් වන ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහනේ 25 වැනි සංවත්සරය සමරමින් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතරින් අධ්‍යයන විශිෂ්ටතා සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දරුවන් වෙත රුපියල් මිලියන 23.4 ක් වටිනා ශිෂ්‍යත්ව 147 ක් ප්‍රදානය කර ඇත. ඒ සමඟින් ශ්‍රී ලාංකික දරු පරපුර වෙනුවෙන් මෙම වැඩසටහන හරහා ප්‍රදානය කර ඇති ශිෂ්‍යත්වවල මුළු වටිනාකම රුපියල් මිලියන 263.4 ක් දක්වා වැඩි වී ඇත.

2002 වසරේ ප්‍රණාම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කළ දින සිට මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් ප්‍රදානය කර ඇති මුළු ශිෂ්‍යත්ව ගණන 3,613 කි. මෙය දිවයින පුරා සිටින දරුවන්ගේ දක්ෂතා පෝෂණය කිරීමට මෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ වෙනුවෙන් වසර 25 ක් පුරාවට සිදුකළ විශාල ආයෝජනයක් ලෙස හැඳින්විය හැක.

මෙම සුවිශේෂී අවස්ථාවේ දී විශේෂ දේශන පැවැත්වූ අය අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා, සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්‍යක්ෂක හා නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී රංග අබේනායක මහතා සහ ප්‍රණාම ශිෂ්‍යත්ව දෙවරක් හිමිකර ගත් වෛද්‍ය එස්. කේ. ඒ. බී. දිල්හාරා මෙනෙවිය වූහ. දරුවෙකුගේ ජීවිතයේ වැදගත් ම අවධියකදී ලබා ගන්නා අධ්‍යයන ජයග්‍රහණ සහ ඔවුනට ලැබෙන සහයෝගය ඔස්සේ ලගාකර ගත හැකි අවස්ථා වෛද්‍ය දිල්හාරා මෙනෙවියගේ දේශනයෙන් නිරූපණය විය.

මහාචාර්ය සේතුංග මහතා තම ප්‍රධාන දේශනයෙන් 21 වන සියවස තුළ සාර්ථක වීමට දරුවන් සූදානම් කිරීමේ අභියෝග පිළිබඳව අවධානය යොමු කලේ ය. මේ සියවස අතිශය අනපේක්ෂිත කාලයක් බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ වේගයෙන් වෙනස් වන අනාගත ලෝකයක් සඳහා දරුවන් සූදානම් කිරීමේදී දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතු ආකාරය නිශ්චිතව ම තීරණය කිරීම දුෂ්කර බවයි. ඒ සඳහා දරුවන්ට විවේචනාත්මක චින්තනය, නිර්මාණශිලී හැකියාවන්, සාමූහිකත්වය සහ සන්නිවේදනය යන කුසලතා ළමා අවධියේ සිට ම වර්ධනය කළ යුතු බව ඔහු යෝජනා කලේ ය.

තවදුරටත් ඔහු පැවසුවේ මෙම කුසලතා පාසල් අධ්‍යාපනය තුළින් සෘජුවම දියුණු කිරීමට අපහසු බව ඔහුගේ අත්දැකීම් වලින් නිරීක්ෂණය කර ඇති බවයි. සුවිශේෂී දක්ෂතා සහිත අයෙකුට වුවද සාමූහිකත්වය සහ සන්නිවේදනය යන අංශ වල ගිලිහීමක් සිදුවිය හැකි බව පැවසූ ඔහු අනතුරු ඇඟවූයේ දෙමාපියන් තම දරුවන් පිළිබඳව ඇති අපේක්ෂාවන් හා ඒවා කරා යාමට ඔවුන් පීඩනයට පත් කිරීම ගැන නැවත සිතා බලන ලෙසයි. ඔහු අවධාරණය කලේ 21 වන සියවසේ දී සාර්ථක වීමට හැකි වන්නේ එහි අභියෝගවලට කල්පනාකාරීව හා බුද්ධිමත් ව මුහුණ දෙන අයට පමණක් බවයි.

තම පිළිගැනීමේ දේශනයේදී අබේනායක මහතා අවධානය යොමු කලේ තාක්ෂණය මගින් ඇති කරන පරිවර්තනීය බලපෑම සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ඉහළ යන වැදගත්කම පිළිබඳවයි. මෙම තාක්ෂණය ප්‍රගුණ කිරීමට මෙන් ම බුද්ධිමත් ව භාවිත කිරීමට ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සේවය සහ රාප්‍ය සේවය වැනි වැදගත් ක්ෂේත්‍ර කිහිපයක පවතින අකාර්යක්ෂමතාවයන් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මඟහරවා ගැනීමට හැකි බව ඔහු සඳහන් කලේය. තමන් තෝරාගත් ක්ෂේත්‍රවල විශිෂ්ඨයන් වීමට අපේක්ෂා කරන අයට කෘත්‍රිම බුද්ධිය ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍ය කුසලතාවයක් වනු ඇතැයි පැවසූ ඔහු, තාක්ෂණය සමඟ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම හා හැකියාවන් දරුවන් තුළ වර්ධනය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය.

තව ද ඔහු අනතුරු ඇඟවූයේ තාක්ෂණික දියුණුව වැළඳ ගැනීම, මානව ගුණාංග, සාරධර්ම හා සම්ප්‍රදායන්ට හානි පමුණුවන අයුරින් සිදු නොවිය යුතු බවයි. නව හැකියාවන් වැළඳ ගන්නා අතරතුර ම සමාජය තුළ මෙම මූලික මානව ධර්මතා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔහු තවදුරටත් අවධාරණය කලේය.

2026 වසරේ ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශ්ෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 27 දෙනෙකු, 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල අත්කරගත් දරුවන් 25 දෙනෙකු, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් 91 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මීට අමතරව 2024 සහ 2025 වසරවලදී විශේෂ දක්ෂතා දැක්වූ දරුවන්ට වෙන්වූ ‘Merit’ කාණ්ඩය යටතේ ද තවත් ශිෂ්‍යත්ව හතරක් පිරිනමන ලදී.

2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන: අ.පො.ස. උසස් පෙළ විභාගයේ දක්ෂතා දැක්වූ සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යත්වලාභීන්.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%