
නෙස්ලේ ලංකා සමාගමේ ප්‍රමුඛතම සන්නාමයක් වන නෙස්ටමෝල්ට් පසුගියදා නිමාව දුටු 2026 Dragons of Asia සම්මාන උළලේදී රන් සම්මාන දිනා ගැනීමට සමත් විය. එම සන්නාමය විසින් දියත් කරනු ලැබූ ‘බලය ජවය ශක්තිය පිරි අපේම අවුරුදු’ සිංහල හා දෙමළ අවුරුදු ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් මෙම සම්මානය නෙස්ටමෝල්ට් වෙත හිමි විය. මෙම ප්‍රචාරණ වැඩසටහනෙහි උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණාත්මක සංකල්පය, ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම සහ එහි සාර්ථක ප්‍රතිඵල යන සියලුම අංශයන්හි පැවති ඉහළ කාර්යක්ෂමතාවය හේතුවෙන් ආසියානු කලාපයේ ප්‍රමුඛතම සන්නාමයන් අතරට එක්වෙමින් මෙම සම්මානය තමන් සතු කර ගැනීමට නෙස්ටමෝල්ට් සමත් වූයේ සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමිනි.
ශ්‍රී ලංකාවේ සැබෑ ශක්තිය රැඳී තිබෙන්නේ එහි වෙසෙන පොදු ජනතාව තුළය යන විශ්වාසය මත පදනම්ව, මෙම ප්‍රචාරණ වැඩසටහන දියත් කිරීමට නෙස්ටමේල්ට් කටයුතු කරනු ලැබීය. ඒ මගින් රටේ අනාගතය ශක්තිමත් කරන වැඩකරන ජනතාව පෙරදැරි කරගනිමින් මෙරට වඩාත්ම ආදරණීය සංස්කෘතික උත්සවයක් නව මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කරන ලදී. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ජනතාවගේ සැබෑ ජීවන අත්දැකීම් ඇසුරින්, රළ සමඟ සටන් කරන ධීවරයන්, දේශය පෝෂණය කරන ගොවියන්, රටේ ප්‍රධානතම අපනයන කර්මාන්තයක් ශක්තිමත් කරන තේ දලු නෙලන්නන් සහ ගම්බිම් එකිනෙකා යා කරන ත්‍රිරෝද රථ රියදුරන් කෙරෙහි නෙස්ටමෝල්ට් මෙහිදී සමස්ත ලෝකයේම අවධානය යොමු කරන ලදී. සන්නාමයේ මූලික වටිනාකම් සහ ගුණයන් එලෙසින්ම රැකගනිමින්, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දෙස අලුත් කෝණයකින් බැලීමට මෙම ප්‍රචාරණ වැඩසටහන සමත් විය.
බලය, ජවය, ශක්තිය සමඟ තමන් සතු දිගු කාලීන සබැඳියාව තුලින් නෙස්ටමෝල්ට් සන්නාමය එම හුරුපුරුදු වටිනාකම් ශ්‍රී ලාංකික ජනතාවගේ නොසැලෙන වීර්යය සහ අධිෂ්ඨානශීලී බව අගයන නවීනතම සැමරුමක් බවට පරිවර්තනය කිරීමට මෙහිදී කටයුතු කර ඇත. වසර හැටකට අධික කාලයක් තිස්සේ මෙරට ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති සන්නාමයකට ලැබුණු මෙම ජාත්‍යන්තර ඇගයීම තුලින් වත්මන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ටද එකසේ ගැළපෙන අයුරින් තම ගැඹුරු සංස්කෘතික උරුමය භාවිත කිරීමට සන්නාමයට ඇති සුවිශේෂී හැකියාව නැවත වරක් තහවුරු කරයි.
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ සිය 120 වැනි වසර සනිටුහන් කරන අද දවසේ පරම්පරා ගණනාවක පාරිභෝගිකයන් සහ ජනතාවගේ දායකත්වයෙන් හැඩගැසුණු මෙම දීර්ඝ ගමනට මෙම සබැඳියාව කදිම අගයක් එක් කරයි. නෙස්ලේ ලංකා සමාගමේ වඩාත්ම ආදරණීය සන්නාමයක් වන නෙස්ටමෝල්ට්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සමඟ ගොඩනඟාගෙන ඇති සමීප සබඳතාව මේ තුලින් මැනවින් පිළිඹිබු කරන අතර, එය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ විශේෂ අවස්ථාවන්, සංස්කෘතික සම්ප්‍රදායන් සහ අත්දැකීම්වල වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව තිබේ.
1906 වසරේදී මෙරට මෙහෙයුම් ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම, වසර 120ක් තිස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට පරම්පරා ගණනාවක් පුරා රසවත් හා පෝෂණීය නිෂ්පාදන සපයමින් ලාංකික ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. වර්තමානයේදී, එම සමාගම තම නිෂ්පාදනවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් උසස්ම ආරක්ෂණ සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව කුරුණෑගල පිහිටි තම නවීනතම කර්මාන්තශාලාව තුළ දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.





















