header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
මෙරට ගොවි ජනතාව සවිබල ගැන්වීම සඳහා HNB සහ බ්‍රවුන්ස් සමාගම අත්වැල් බැඳගනී
මෙරට ගොවි ජනතාව සවිබල ගැන්වීම සඳහා HNB සහ බ්‍රවුන්ස් සමාගම අත්වැල් බැඳගනී

ශ්‍රී ලාංකේය ගොවි ප්‍රජාවට සහ කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගත හැකි සුවිශේෂී ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, බ්‍රවුන්ස් සහ සමාගම සමගින් අත්වැල් බැඳගෙන ඇත. මෙරට කෘෂි ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කරමින් දේශීය කෘෂිකර්මාන්තය නංවාලීම මෙහි මූලික අරමුණයි.

මෙම හවුල්කාරීත්වය යටතේ පාරිභෝගිකයින්ට TAFE ට්‍රැක්ටර්, Yanmar සහ Sumo අස්වනු නෙළන යන්ත්‍ර (Combine Harvesters) මෙන්ම ීමපද ස්වයංක්‍රීය වී මෝල් යන්ත්‍රෝපකරණ ඉතා සහනදායී ලීසිං ක්‍රමවේද යටතේ ලබා ගැනීමට අවස්ථාව සැලසේ. මෙරට කෘෂි ක්ෂේත්‍රය යාන්ත්‍රීකරණය කිරීමෙහිලා දිගුකාලයක් පාරිභෝගික විශ්වාසය දිනා සිටින බ්‍රවුන්ස් ඇග්‍රිකල්චර්, TAFE, Yanmar සහ Browns Sumo වැනි ප්‍රමුඛ පෙළේ සන්නාමයන් රැසක් මෙරටට හඳුන්වා දී ඇත.

මෙම ලීසිං ක්‍රමවේදය යටතේ පාරිභෝගිකයින්ට ඉතා සහනදායී පොලී අනුපාත හිමිවන අතර, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් හරහා විශේෂ රක්ෂණ වාරික පහසුකම් ද පිරිනැමේ. මීට අමතරව, පළමු වසර සඳහා වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කරන ලද HNB ක්‍රෙඩිට් කාඩ්පතක් ද පාරිභෝගිකයින් වෙත නොමිලේ හිමි වේ.

තවද TAFE ට්‍රැක්ටර් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා වසර දෙකක හෝ පැය 2,000ක වගකීමක් සහ නොමිලේ කෙරෙන සේවා වාර හතරක් හිමිවන අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ලියාපදිංචිය ද නොමිලේ සිදුකර දෙනු ඇත. එමෙන්ම තෝරාගත් TAFE 45DI, TAFE 7250 සහ TAFE 2WD ට්‍රැක්ටර් මාදිලි සඳහා පළමු වසරේ රක්ෂණ වාරිකය බ්‍රවුන්ස් සමාගම විසින් සම්පූර්ණයෙන්ම දරනු ලබයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත මහතා සඳහන් කළේ “මෙරට ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා ගොවි ජනතාව ඉටුකරන සුවිශේෂී කාර්යභාරය අප මැනවින් වටහාගෙන තිබෙනවා. බ්‍රවුන්ස් සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා ගොවීන්ට තමන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ වඩාත් පහසු ලීසිං ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව සලසා දීම HNB හි අරමුණයි. කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීමේදී ඇතිවන මූල්‍ය බර ලිහිල් කිරීම මඟින් ගොවි ජනතාවට තම ඵලදායිතාව ඉහළ නංවා ගැනීමටත්, ව්‍යාපාර දියුණු කර ගැනීමටත්, එමඟින් සමස්ත දේශීය කෘෂි ක්ෂේත්‍රය තුළ ඉහළ වටිනාකමක් නිර්මාණය කිරීමටත් ශක්තියක් වනු ඇති බව අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මේ පිළිබඳව බ්‍රවුන්ස් කෘෂිකාර්මික සහ බර යන්ත්‍රෝපකරණ අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ බ්‍රවුන්ස් ඇග්‍රි සොලූෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී සංජය නිශ්ශංක මහතා පැවසුවේ “මෙරට කෘෂි ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රමුඛතම ආයතන දෙකක් මෙලෙස අත්වැල් බැඳගැනීම සුවිශේෂී සන්ධිස්ථානයක්. උසස් තත්ත්වයේ විශ්වසනීය යන්ත්‍රෝපකරණ සමඟින් ආකර්ෂණීය මූල්‍ය පහසුකම් සහ අලෙවියෙන් පසු සේවා ප්‍රතිලාභ එකම වහලක් යටින් ලබා දීමෙන්, කෘෂි යාන්ත්‍රීකරණය මෙරට ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයින්ට ප්‍රායෝගික මෙන්ම පහසුවෙන් ළඟා කරගත හැකි තේරීමක් බවට පත්කිරීම අපගේ අරමුණයි. මෙමඟින් ගොවි ජනතාවගේ ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ ලාභය වර්ධනය කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම, නව පරපුර කෘෂිකර්මාන්තය දෙස වඩාත් සාර්ථක හා ඵලදායී ව්‍යාපාරික ක්ෂේත්‍රයක් ලෙස බැලීමට පොළඹවන සුළු පරිසරයක් ද නිර්මාණය වනවා.” යනුවෙනි.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%