header logo

Daily Exchange Rates

Nov 23, 2026
Corporate News
දකුණු ආසියාවේ පළමු වරට රොසෙල් Starlight ටයිල් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
දකුණු ආසියාවේ පළමු වරට රොසෙල් Starlight ටයිල් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ටයිල් හා බාත්වෙයා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන රොසෙල් (Rocell), දකුණු ආසියාවේ පළමුවටර ජාත්‍යන්තර මට්ටමේ නවතම තාක්ෂණයෙන් යුත් ‘Rocell Starlight' පොලිෂ් ටයිල් එකතුව මෙරට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

සාමාන්‍ය පොලිෂ් ටයිල් වල දක්නට ලැබෙන ස්වභාවය වෙනුවට Rocell Starlight හි ඇති විශේෂ නිමාව නිසා ටයිල් මතුපිටට අද්විතීය ආලෝකයක් සහ ආකර්ෂණීය බවක් ලබාදෙයි. මෙම ටයිල් එකතුවෙහි ඇති සුවිශේෂීම වෙනස වන්නේ ටයිල් පොලිෂ් කිරීමට පෙර එහි නිෂ්පාදන ක්‍රියාවලියටම විශේෂිත වර්ණ සහ අමු ද්‍රව්‍ය මුසුකර මෙම අලංකාර දිදුලන ස්වභාවය ටයිල් ඇතුළතින්ම මතුකර තිබීමයි. එබැවින් එහි උසස් ගුණාත්මකභාවය හා මනරම් නිමාව දීර්ඝ කාලයක් නොවෙනස්ව පවතී. විශ්වීය සුන්දරත්වයෙන් ආභාෂය ලබා නිමවා ඇති Rocell Starlight ටයිල් එකතුව ආලෝකය සමඟ සම්මිශ්‍රණය වී මනා සුන්දරත්වයක් සහ සජීවී පෙනුමක් ඔබගේ නිවහනට එක් කරයි.

‘Rocell Starlight' ටයිල් එකතුව නිවාස හිමියන්, ගෘහ නිර්මාණ ශිල්පීන් මෙන්ම අභ්‍යන්තර අලංකරණ ශිල්පීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම සැලසුම් කර ඇත.

ලොව විශිෂ්ටතම නිර්මාණ සහ තාක්ෂණයන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට රොසෙල් තැබූ තවත් එක් සාර්ථක පියවරක් ලෙස ‘Rocell Starlight' හැඳින්විය හැකිය.

MostRead

වීඩියෝපුවත්

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

අයවැය පසුවිපරම: Derana 360 | ආචාර්ය හර්ෂ ද සිල්වා

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

“දැනගමු, ඉගෙනගමු, ආයෝජනය කරමු” “සැමට කොටසක්”: ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

Derana 360 | අයවැය දින විශේෂ 360 වැඩසටහන | ආචාර්ය අනිල් ජයන්ත සමඟ

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

BUDGET 2027 | අයවැය විශේෂ වැඩසටහන

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

TIN අංකය අනිවාර්ය කිරීම කල් දැමීම ගැන පැහැදිලි කිරීමක්

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Nov 12, 2026 - 10:45 PM

Share Volume

87,120,154

Turnover

2,975,051,491.55

ASPI

22,157.40

124.470.56%
S&P SL20

6,365.57

16.570.26%