
ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන්, සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සමාජ සත්කාරක අංශය වන Sunshine Foundation for Good මඟින් එහි සුව දිවිය වැඩසටහන හරහා දින පහක් පුරා ක්රියාත්මක වන දියවැඩියා පරීක්ෂණ සහ දැනුවත් කිරීමේ විශේෂ සෞඛ්ය වැඩසටහනක් සංවිධානය කර තිබේ. ඒ අනුව, මෙම විශේෂ වැඩසටහන 2026 නොවැම්බර් 9 වැනිදා සිට 13 වැනිදා දක්වා තෝරාගත් හෙල්ත්ගාඩ් ෆාමසි 9ක් කේන්ද්ර කරගනිමින් පැවැත්වේ. එම පදනමේ ‘සුව දිවිය’ ව්යාපෘතිය යටතේ ක්රියාත්මක වන මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වන්නේ, ජනතාව අතර දියවැඩියා රෝගය කල්තියා හඳුනාගැනීම දිරිමත් කිරීම, රෝගී අවදානම පිළිබඳව දැනුවත්භාවය වර්ධනය කිරීම සහ තමන්ගේ සෞඛ්යය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට ප්රජාව සවිබල ගැන්වීමයි.
ශ්රී ලංකාවේ සුව සේවා පද්ධතියට දියවැඩියා රෝගයෙන් එල්ල වී ඇති දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන් හඳුන්වා දී ඇත. ජාත්යන්තර දියවැඩියා සම්මේලනයේ (IDF) දත්ත පෙන්වා දෙන්නේ, 2024 වන විට ශ්රී ලංකාවේ වයස අවුරුදු 20 ත් 79 ත් අතර පසුවන වැඩිහිටියන් මිලියන 1.6 කට ආසන්න පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි. වඩාත්ම කනගාටුදායක කරුණ නම්, එම පිරිසෙන් 37.7% කට පමණ තමන්ට රෝගය වැළඳී ඇති බව හඳුනා ගැනීමට පවා නොහැකි වී තිබීමයි. මෙම සංඛ්යාලේඛන මඟින් ජනතාවට පහසුවෙන් ළඟාවිය හැකි රෝග විනිශ්චය සේවා සැපයීම, පුළුල් මහජන දැනුවත් කිරීම් සිදු කිරීම සහ නිසි වේලාවට වෛද්ය උපදෙස් ලබාදීම කොතරම් අත්යවශ්යද යන්න මනාව පැහැදිලි කරයි.
මෙවර වැඩසටහන ක්රියාත්මක වන්නේ “දියවැඩියාවට එරෙහිව කල්තියා පියවර ගනිමු” (Early action on diabetes) යන 2026 ලෝක දියවැඩියා දින තේමාවට සමගාමීව, රෝගය කල්තියා හඳුනා ගැනීම, අවදානම් අවම කිරීම සහ නිසි ප්රතිකාර ප්රවේශය පුළුල් කිරීමේ අරමුණින් යුතුවය. පසුගිය වසරේ කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ශාඛා 9කදී පුද්ගලයන් 600කට ආසන්න පිරිසකට නොමිලේ සෞඛ්ය පරීක්ෂණ සහ වෘත්තීය උපදෙස් ලබා දුන් “Unmask Diabetes 2025” ව්යාපෘතියේ සාර්ථක අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙවර වැඩසටහන දින පහක් පුරා පැවැත්වීමට පියවර ගෙන තිබේ. සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි සුව දිවිය වැඩසටහන හරහා මෙම සෞඛ්ය ප්රමුඛතාවන් ජනතාව වෙත සමීප කිරීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ දියවැඩියාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදීමට ද කටයුතු කරයි. මීට අමතරව, රෝග නිවාරණයේ වැදගත්කම වටහා දෙමින් යහපත් සෞඛ්ය පුරුදු සහ සෞඛ්ය සම්පන්න ජීවන රටාවන් හැඩගස්වා ගැනීම කෙරෙහි ද මෙවර වැඩසටහනින් වැඩි අවධානයක් යොමු කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්රධාන විධායක නිලධාරී ශ්යාම් සතාසිවම් මහතා පැවසුවේ “පසුගිය වසරේ අපට ලැබුණු ඉහළ ප්රතිචාරවලින් පැහැදිලි වූයේ, තමන්ගේ සෞඛ්ය අවදානම් පිළිබඳව නිවැරදිව වටහා ගැනීමටත්, ගැටලු සාකච්ඡා කිරීමටත් පහසුවෙන් ළඟාවිය හැකි මෙවැනි සේවා ස්ථාන ජනතාව බෙහෙවින් අගය කරන බවයි. ඒ නිසාම, මෙවර වැඩසටහන හරහා රෝගී තත්ත්වයන් කල්තියා හඳුනාගෙන ඊට අවශ්ය පියවර ගැනීමට ජනතාවට තවත් අවස්ථා සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා. දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම එක දිනකට පමණක් සීමා නොවිය යුතුයි. සුව දිවිය වැඩසටහන හරහා අපගේ මූලික අරමුණ වන්නේ, ජනතාවට තමන්ගේ සෞඛ්යය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට මඟ පෙන්වීම සහ කාලයත් සමඟ ඔවුන්ගේ ජීවිත යහපත් කරන සෞඛ්ය සම්පන්න පුරුදු ඇති කර ගැනීමට දිරිගැන්වීමයි.” යනුවෙනි.
මෙම වැඩසටහන නොවැම්බර් 9 වනදා නුගේගොඩ සහ කොහුවල හෙල්ත්ගාඩ් ශාඛාවන්ගෙන් ආරම්භ වන අතර, නොවැම්බර් 10 වනදා හිල් ස්ට්රීට් සහ පිටකෝට්ටේ ශාඛාවන්හිදී ද, නොවැම්බර් 11 වනදා මාලඹේ සහ තලවතුගොඩ ශාඛාවන්හිදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්පසුව නොවැම්බර් 12 වනදා ඇතුල්කෝට්ටේ සහ ධර්මපාල මාවත ශාඛාවන්හිදී ක්රියාත්මක වන මෙම වැඩසටහන නොවැම්බර් 13 වනදා කිරුළ ශාඛාවෙන් නිමාවට පත්වීමට නියමිතය. මෙම වැඩසටහන පළමු ශාඛා අටෙහිදී පෙරවරු 8.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන අතර, කිරුළ ශාඛාවේ පැවැත්වෙන අවසන් වැඩසටහන පමණක් පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.
දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සහ රෝග නිවාරණය උදෙසා වඩාත් පුළුල් ප්රවේශයක් ලබා දීමේ අරමුණින් සෞඛ්ය, පෝෂණ, සෞඛ්ය සම්පන්න ජීවන රටා, ආයතනික සුවතා සහ ශාරීරික යෝග්යතා යන ක්ෂේත්රවලට අයත් සංවිධාන රැසක් එක් කර ගැනීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.
2017 වසරේදී ආරම්භ කරන ලද Sunshine Foundation for Good පදනම, සන්ෂයින් හෝල්ඩින්ග්ස් වෙනුවෙන් අධ්යාපන සහ සෞඛ්ය යන ක්ෂේත්ර කේන්ද්ර කරගනිමින් ප්රජා සත්කාරක වැඩසටහන් මෙහෙයවනු ලබයි. එහි සුව දිවිය ව්යාපෘතිය හරහා දියවැඩියාව වළක්වා ගැනීම, රෝග කල්තියා හඳුනා ගැනීම, රෝගය නිසි ලෙස පාලනය කිරීම සහ එමඟින් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට පියවර ගැනේ. මේ වෙනුවෙන් සේවා ස්ථාන, කර්මාන්තශාලා සහ විවිධ ප්රජාවන් කේන්ද්ර කරගනිමින් දැනුවත් කිරීමේ සම්මන්ත්රණ පවත්වන අතර, අඛණ්ඩව මහජන අධ්යාපනික වැඩසටහන් දියත් කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.












