
හැනෝයි–තායිනාන් අතර නව ගුවන් ගමන් සේවාව ආරම්භ කර ඇති අතර, හෝ චි මින් නගරයේ සිට චියැං මායි දක්වා ගුවන් ගමන් යළි ක්රියාත්මක කෙරේ.
වියට්ජෙට් ගුවන් සමාගම සිය ජාත්යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් කරමින්, ගුවන් මගීන් වෙනුවෙන් සීමිත කාලයක් සඳහා විශේෂ මිල දීමනා වැඩසටහනක් ක්රියාත්මක කර තිබේ. ඒ අනුව කොළඹ - හෝ චි මිං නගරය දක්වා Eco’ පන්තියේ ගුවන් ප්රවේශපත්ර සඳහා ඇමරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) ද, කොළඹ - මාලදිවයින දක්වා ගුවන් ගමන් වාර සඳහා ඇමරිකානු ඩොලර් 175 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) ද ගුවන් ප්රවේශපත්ර මිලදී ගත හැකිය.
2026 නොවැම්බර් 1 වන දින ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 21:30 දක්වා www.vietjetair.com වෙබ් අඩවිය හෝ Vietjet Air ජංගම යෙදවුම (Mobile App) හරහා ප්රවේශපත්ර මිලදී ගත හැකි අතර මෙම දීමනාව 2026 නොවැම්බර් 1 සිට 2027 ඔක්තෝබර් 31 දක්වා ක්රියාත්මක වේ (තෝරාගත් ඇතැම් දින සඳහා මෙම දීමනාව අදාළ නොවේ). මෙම සුවිශේෂී දීමනා වැඩසටහන හරහා සංචාරකයින්ට සිය සංචාර කල්තියා සැලසුම් කර ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇත. වියට්ජෙට් ගුවන් සේවයේ වියට්නාමය තුළ ක්රියාත්මක වන අභ්යන්තර ගුවන් මාර්ග සහ අනෙකුත් ජාත්යන්තර ගුවන් මාර්ග සඳහා මෙම දීමනාව අදාළ වන අතර, අදාළ ගාස්තු ගුවන් මාර්ගය අනුව වෙනස් වේ.
ආසියාව තුළ සිය මෙහෙයුම් කටයුතු ශක්තිමත් කරමින් වියට්ජෙට් සමාගම විසින් හැනෝයි (Hanoi) සිට තායිනාන් දක්වා වන නව ගුවන් ගමන් සේවාව ආරම්භ කර තිබේ. එමෙන්ම හෝ චි මිං සිට චියැං මායි දක්වා ගුවන් සේවාව නැවත ක්රියාත්මක කර ඇති අතර මෙය සතියකට දෙපසටම යන ගමන් වාර (Round-trip) 4 බැගින් ක්රියාත්මක කෙරේ. කොළඹ හරහා ක්රියාත්මක වන හෝ චි මිං සිට මාලදිවයින දක්වා වන නව ගුවන් සේවාව 2026 දෙසැම්බර් 5 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම නව ගුවන් සේවාව හරහා සංචාරකයින්ට නව ගමනාන්ත වෙත පිවිසීමට අවස්ථාව හිමි වන අතර මෙමගින් ආසියාව පුරා සංචාරක කටයුතු, වෙළෙඳ සබඳතා සහ සංස්කෘතික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය වේ.
මෙම ව්යාප්තියත් සමඟ වියට්ජෙට් හි ජාත්යන්තර ගුවන් ගමන් ජාලය තවදුරටත් පුළුල් වන අතර හැනෝයි සහ හෝ චි මිං සිට සෙබූ (Cebu) දක්වා ද, හෝ චි මිං සිට ක්ලාක් (Clark) දක්වා ද, හැනෝයි සිට අල්මාටි (Almaty) සහ ප්රාග් (Prague) දක්වා නව ගුවන් ගමන් සේවාව ක්රියාත්මක වේ. නිවර්තන දූපත්වල සුන්දරත්වය අත්විඳීම, සංස්කෘතික උරුමයන් ගවේෂණය කිරීම සහ යුරෝපීය නගරවල සංචාරය කිරීම දක්වා, සිය රුචිකත්වය පරිදි සංචාර සැලසුම් කරගැනීමට සංචාරකයින්ට දැන් අවස්ථාව හිමි වේ. ශ්රී ලාංකික සංචාරකයින් සඳහා මෙම ගුවන් ගමන් ජාලය හා සම්බන්ධ වීමේ ප්රධාන පිවිසුම් මධ්යස්ථානය ලෙස ක්රියා කරනු ලබන්නේ කොළඹ නගරයයි.
මෙම විශේෂ ගුවන් ගාස්තු සීමිත කාලයක් සඳහා පමණක් වලංගු වන බැවින්, ඔබේ මීළඟ සංචාරක අත්දැකීම සැලසුම් කරගන්න. එසේනම්, ඔබේ Eco ගුවන් ප්රවේශපත්ර අදම වෙන්කරවාගෙන, වියට්ජෙට් සමඟින් ඔබේ මීළඟ සිහින සංචාරක ගමනාන්තය කරා පියාසර කරන්න!












