header logo
Corporate News
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි වෙනස්ම ආකාරයේ නත්තල් සැණකෙළියකට සැරසෙයි
කොළඹ නගරය මෙතෙක් අත් නොවිඳි වෙනස්ම ආකාරයේ නත්තල් සැණකෙළියකට සැරසෙයි

ලෝ ප්‍රකට සර්කස් ශිල්පීන්, සංගීත රසය සහ ප්‍රණීත ආහාර පාන සමඟින් Once Upon a Christmas කොළඹදී පැවැත්වීමට සූදානම් 

මෙවර කොළඹ නත්තල් සැමරුම මෙතෙක් කිසිදා අත්නොවිඳි අත්දැකීම් රැසක් සමඟින් ඉතා උත්සවාකරයෙන් සංවිධානය කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටියි. සතුට, ආදරය බෙදා හදා ගත් ආකර්ෂණීය සන්ධ්‍යාවක් මෙන්ම ත්‍රාසජනක සර්කස් සංදර්ශන, ඉමිහිරි සංගීතය සමඟින් අසිරිමත් නත්තල් සමරුමක් අත්විඳීමට මේ තුලින් සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට හැකියාව උදා වනු ඇත. ශ්‍රී ලාංකේය නත්තල් සැමරුම්වලට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් එක් කරමින් Once Upon a Christmas – The Greatest Xmas Show ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී උත්සවය Ceilao Enterprises විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබයි. 

ඒ තුලින් මෙරට සජීවී විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නවතම පෙරළියක් සිදු කිරීම වෙනුවෙන් සමත් ඔස්ටේ්‍රලියානු නත්තල් නිර්මාණයක් කොළඹට රැගෙන ඒමට Ceilao Enterprises කටයුතු කරනු ඇත. එම සමාගම 2026 වසරේ මුල් භාගයේදී ලොව සුප්‍රකට විකට නළු Russell Peters ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමටද Ceilao Enterprises කටයුතු කර තිබිණ. 


Kooka Productions  සහ ICrave Entertainment යන ආයතනවල සාර්ථක නිර්මාණාත්මක එකතුවක් වන මේ මේ හරහා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් සර්කස් ශිල්පීන් පිරිසක්, ඔස්ටේ්‍රලියානු නිෂ්පාදන කණ්ඩායමක් සමඟින් කොළඹට පැමිණෙනු ඇත. 

සෑම වයස් කාණ්ඩයකම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙත ආකර්ෂණීය අත්දැකීමක් ලබා දීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සුවිශේෂී නත්තල් උත්සවය තුලින් විදේශගත නොවී ලෝක මට්ටමේ සර්කස් අත්දැකීමක් මව්බිමේදීම දැකබලා ගැනීමට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වේ.

Once Upon a Christmas යනු හුදෙක් එක් නත්තල් උත්සවයකට පමණක් සීමා වූ විනෝදාස්වාද සංදර්ශනයක් නොවේ. එමගින් විවිධ අනන්‍යතා සහිත ජාත්‍යන්තර නිර්මාණයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත්, මෙවැනි ආකර්ෂණීය අත්දැකීම් දේශීය ප්‍රේක්ෂකයන්ට ඉතා පහසුවෙන් විඳ ගැනීමට සැලසීමටත් Ceilao Enterprises කටයුතු කරයි. 

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%