
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉංජිනේරු හා නිෂ්පාදන සමාගමක් වන ත්රී සිංහ ඉන්ඩස්ට්රීස් (පෞද්ගලික) සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI Achiever Awards 2026 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ මහා පරිමාණ නිෂ්පාදන අංශයේ රන් සම්මානය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය නිෂ්පාදන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැප වීම ඇගැයීමට ලක් කළ සුවිශේෂ ජයග්රහණයකි. එමෙන්ම එය මෙරට කාර්මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් සමාගම දෙන දායකත්වය තහවුරු කරන තවත් වැදගත් සන්ධිස්ථානයකි.
රෝලර් දොරවල්, රෝලර් ෂටර් පද්ධති, ස්වයංක්රීය ගේට්ටු පද්ධති, වානේ නිෂ්පාදන හා ඉදි කිරීම් විසඳුම්, ඇලුමිනියම් නිෂ්පාදන සහ ආරක්ෂක පද්ධති නිෂ්පාදනයේ ප්රමුඛයෙකු වන ත්රී සිංහ ඉන්ඩස්ට්රීස් නවීන තාක්ෂණය, නිෂ්පාදන නවෝත්පාදනය සහ පාරිභෝගික අවශ්යතා කේන්ද්ර කර ගත් ඉංජිනේරු විසඳුම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් ක්ෂේත්රය තුළ සිය ස්ථාවරත්වය ශක්තිමත් කර ඇත. ශ්රී ලංකාවේ කාර්මික විශිෂ්ටත්වය ඇගැයීම සඳහා සංවිධානය කරන CNCI Achiever Awards සම්මාන උළෙල මෙරට නිෂ්පාදන ක්ෂේත්රයේ වර්ධනයට සහ තරගකාරිත්වය ඉහළ නැංවීමට දායක වන ව්යාපාර ආයතන ඇගැයීමට ලක් කරයි. එහිදී ජාතික මට්ටමේ මහා පරිමාණ නිෂ්පාදන අංශයේ රන් සම්මානය හිමි කර ගැනීම උසස් නිෂ්පාදන ප්රමිති පවත්වා ගෙන යමින් විශ්වාසනීය ඉංජිනේරු විසඳුම් සැපැයීමට ත්රී සිංහ ඉන්ඩස්ට්රීස් සමාගම දක්වන කැප වීමට ලැබුණු ඉහළ පිළිගැනීමකි. වසර ගණනාවක් පුරා සිය ව්යාපාර කටයුතු විවිධාංගීකරණය කර ඇති සමාගම නිවාස, වාණිජ සහ කාර්මික අවශ්යතා සඳහා පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවා සපයයි. රෝලර් ෂටර් පද්ධති, ගිනි ප්රතිරෝධී දොරවල්, ස්වයංක්රීය ගේට්ටු, වානේ ව්යුහ, ඇලුමිනියම් නිෂ්පාදන සහ පාරිභෝගික අවශ්යතා අනුව සැකැසෙන විශේෂිත ඉංජිනේරු විසඳුම් ඒ අතර ප්රධාන වේ. තාක්ෂණ දියුණුව, නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි දක්වන විශේෂ අවධානය සමාගමේ වෙළෙඳපොළ ස්ථාවරත්වය සහ දිගු කාලීන වර්ධනය ශක්තිමත් කිරීමට ඉවහල් වී ඇත. මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාරිත්වය සඳහන් කළේ සේවක මණ්ඩලයේ කැපවීම, පාරිභෝගිකයන් සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය සහ ව්යාපාර හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය මෙම සම්මානය දිනා ගැනීමට ප්රධාන වශයෙන් දායක වූ බවයි. ඉදිරියේදීද සිය නිෂ්පාදන ධාරිතාව සහ තාක්ෂණ හැකියා තව දුරටත් වර්ධනය කරමින් නවෝත්පාදන හඳුන්වා දෙමින් සහ වෙනස් වන පාරිභෝගික හා කර්මාන්ත අවශ්යතාවලට ගැළැපෙන උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපැයීමට සමාගම කැප වී සිටී. මෙම රන් සම්මානයත් සමඟ ශ්රී ලංකාවේ ඉංජිනේරු හා නිෂ්පාදන ක්ෂේත්රය තුළ ත්රී සිංහ ඉන්ඩස්ට්රීස් සතු කීර්ති නාමය තව දුරටත් තහවුරු වන අතර දේශීය නිෂ්පාදන හැකියා ශක්තිමත් කරමින් ජාතික කාර්මික සංවර්ධනයට සහ ආර්ථික ප්රගතියට දායක වීම සඳහා සමාගම දක්වන කැප වීම යළිත් පිළිබිඹු වේ.












