header logo
Corporate News
GlobalHealth Sri Lanka Awards 2026 සම්මාන උළෙලේ දී Vasan Eye Care Hospital වෙත අක්ෂි වෛද්‍ය සේවා විශිෂ්ටතා සම්මානයක්
GlobalHealth Sri Lanka Awards 2026 සම්මාන උළෙලේ දී Vasan Eye Care Hospital වෙත අක්ෂි වෛද්‍ය සේවා විශිෂ්ටතා සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශේෂිත අක්ෂි සත්කාර මධ්‍යස්ථානයක් වන Vasan Eye Care Hospital, GlobalHealth Sri Lanka Conference & Awards 2026 සම්මාන උළෙලේ දී “Ophthalmology Service Provider of the Year in Sri Lanka – 2026” සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ විශේෂඥ අක්ෂි සත්කාර සේවා සහ රෝගී කේන්ද්‍රීය ප්‍රතිකාර සඳහා රෝහල දක්වන අඛණ්ඩ කැපවීම මෙහිදී ඇගයීමට ලක් විය.

සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සෞඛ්‍යය සේවා වේදිකාවක් වන GlobalHealth Asia-Pacific විසින් මෙම සම්මානය පිරිනමන ලදී. කලාපීය සෞඛ්‍යය සේවා ක්ෂේත්‍රයේ පිළිගැනීමක් හිමි මෙම සම්මානය, ශ්‍රී ලංකාව තුළ පුළුල් හා විශේෂඥ අක්ෂි සත්කාර සේවා ලබාදීමේ Vasan Eye Care Hospital හි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

2010 වසරේ දී සිය මෙහෙයුම් ආරම්භ කළ දා සිටම Vasan Eye Care Hospital අක්ෂි සත්කාර සඳහා පමණක් අවධානය යොමු කරමින් කටයුතු කරයි. වසර 15කට අධික කාලයක් පුරා විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්, නවීන රෝග විනිශ්චය තාක්ෂණය, නවීන ශල්‍යාගාර සහ පුහුණු වෛද්‍ය හා සහායක කාර්ය මණ්ඩලය එක්කර ගනිමින්, රෝග විනිශ්චය, ප්‍රතිකාර, ශල්‍යකර්ම  එකම ස්ථානයකින් ලබාදීමට රෝහල කටයුතු කර ඇත.

ඇසේ සුද සඳහා ශල්‍යකර්ම, දෘෂ්ටි විතාන ප්‍රතිකාර, කෝනියා ආශ්‍රිත ප්‍රතිකාර, ග්ලුකෝමා කළමනාකරණය, ළමා අක්ෂි සත්කාර සහ දෘෂ්ටි නිවැරදි කිරීමේ ශල්‍යකර්ම ඇතුළු පුළුල් පරාසයක විශේෂඥ සේවා මෙහිදී ලබාගත හැකිය. විවිධ අක්ෂි කටයුතු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය හරහා රෝගීන්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විශේෂඥ පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදීමට රෝහල කටයුතු කරයි.

අක්ෂි සත්කාර සඳහා ඇති අවශ්‍යතාවය වැඩිවෙමින් පවතින පසුබිමක, මෙම විශේෂඥ සේවා තවදුරටත් වැදගත් වේ. ඇසේ සුද, ග්ලුකෝමා, දියවැඩියාව ආශ්‍රිත දෘෂ්ටි විතාන රෝග සහ වයස්ගත වීමත් සමඟ ඇතිවන විවිධ අක්ෂි තත්ත්ව හේතුවෙන් පෙනීම සහ ජීවන තත්ත්වය කෙරෙහි බලපෑම් ඇතිවිය හැකිය. එබැවින් විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා නිතිපතා අක්ෂි පරීක්ෂණවල වැදගත්කම රෝහල අවධාරණය කරයි. මීට අමතරව, ප්‍රධාන පෙළේ ආයතනික සහ දේශීය රක්ෂණ සැලසුම් රැසක් හරහා ආවරණය වන රෝගීන්ට ද මෙම විශේෂඥ අක්ෂි සේවා වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සලසා ඇත.

මෙම සම්මානය Vasan Eye Care Hospital හි අක්ෂි වෛද්‍ය විශේෂඥතාව, නවීන තාක්ෂණය සහ රෝගී සත්කාරය කෙරෙහි වන අඛණ්ඩ අවධානය තවදුරටත් තහවුරු කරයි. ඉදිරියටත් රෝහලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් වඩාත් යහපත් අක්ෂි සත්කාර, වඩා හොඳ පෙනීම සහ වඩාත් යහපත් ප්‍රතිඵල ලබාදීමයි.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%