
සුමති හෝල්ඩිංග්ස් සමාගම, සිය 70 වන අභිමානවත් සංවත්සරය පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටල් ‘සංගම් Ballroom ශාලා පරිශ්රයේ දී උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. ලංකාවේ ව්යාපාරික, රාජ්ය, මුල්ය සහ මාධ්ය ක්ෂේත්රය නියෝජනය කරමින් ආරාධිතයින් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ‘70 වසරක අභිමානවත් සුමති උරුමය’ යන තේමාව යටතේ පැවති මෙම සංවත්සර උත්සවයේ දී 1956 වසරේ මෙහි නිර්මාතෘ වූ යූ.ඩබ්ලිව් සුමතිපාල මහතා විසින් පිටකොටුවේ මැලිබන් වීදියේ Sporting Starලෙස පළමු Betting ආයතනය ආරම්භ කරමින් තැබූ මුල් පියවර පිළිබඳව මතක ආවර්ජනය කරන ලදී. තවද, අද වනවිට, ප්රධාන ව්යාපාර 11ක් සහ 2,000 කට අධික කාර්ය මණ්ඩලයක් දක්වා ‘සුමති හෝල්ඩිංග්ස්’ ලෙස වර්ධනය වී දැවැන්ත ව්යාපාරයේ සමූහයේ ගමන්මග පිළිබඳව වඩාත් සිහිපත් කරන ලදී.
එමෙන්ම ගාලු මුවදොර අහස අලංකාර කළ ඩ්රෝන සංදර්ශනයකින් සහ ගිනිකෙළි සංදර්ශනයකින් ආරම්භ වූ මෙම අවස්ථාවට සභාපතිවරයාගේ අභිමන් කතාව, ප්රධාන ආරාධිතයින් වෙනුවෙන් කළ උපහාරය, 70 වන සංවත්සර නිල ලාංඡනය එළි දැක්වීම සහ අධ්යක්ෂවරුන් වන චදු සුමතිපාල, චථුල සුමතිපාල යන මහත්වරුන්ගේ අදහස් දැක්වීම යන විශේෂාංග ඇතුළත් විය. මීට අමතරව සජීවි වාද්ය වෘන්දයක් සමගින්, උමාරා සිංහවංශ, සෞන්දරී ඩේවිඩ් රොද්රිගෝ සහ නදීක ගුරුගේ යන ගායක ගායිකාවන්ගේ ප්රාසාංගික සංගීතමය ඉදිරිපත් කිරීම් වලින් ද උත්සව සන්ධ්යාව වර්ණවත් විය.
යූ.ඩබ්ලිව් සුමතිපාල මහතා ආරම්භ කළ ගමනින් Sporting Star ආයතනය මෙරට ඔට්ටු තැබීමේ ක්ෂේත්රයේ ප්රමුඛයා බවට පත් කරමින් වෙළඳපොලේ සිය නායකත්වය තහවුරු කළේ ය. එමෙන්ම සිංහල සිනමා කර්මාන්තයේ වර්ධනයට උපකාරි වෙමින්, සිනමා ක්ෂේත්රයට පා තැබුවේ ය. එසේම මැණික් ක්ෂේත්රයට ද පිවිසෙමින් මිලාන්හි පැවති ලෝක මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනයේ දී එම ව්යාපාරය නියෝජනය කිරීමට සමත් විය. ඔහුගේ ව්යාපාරික ගමනේ මූලික පදනම වු අවංකත්වය හා නිවැරදිභාවය යන වටිනාකම් අදටත් සමූහ ව්යාපාරයට මග පෙන්වන මූලධර්ම ලෙස පවතී. 1979 දී යූ.ඩබ්ලිව් සුමතිපාල මහතාගේ අභාවයෙන් පසු 19 හැවිරිද වියේ පසූවු ජගත් සුමතිපාල මහතා ව්යාපාරයට සම්බන්ධ වූ අතර, මෙහෙයුම් කටයුතුවලදී ඔහුට මග පෙන්වනු ලැබූවේ ඔහුගේ මාමා වූ ධර්මසිරි මහතා ය. ජගත් සුමතිපාල මහතාගේ පළමු කාර්යය වූයේ සමූහයටම අනන්ය වූ Race Paper (තුරඟ තරග පුවත්පතක්) නිර්මාණය කර එය වාණිජ මුද්රණ සමාගමක් බවට පත් කිරීමය. පසුව 1986 වසරේදී සිය අධ්යාපන කටයුතු අවසන් කර තිලංග සුමතිපාල මහතා යළි පැමිණීමේන් අනතුරුව ජගත් සුමතිපාල මහතා එම මුද්රණ සමාගමේ මෙහෙයුම් ඔහුට භාරදුන් අතර, තිලංග සුමතිපාල මහතා එය තවදුරටත් වර්ධනය කළේ ය. අනතරුව ජගත් සුමතිපාල මහතා මැලිබන් වීදියේ තිබු ප්රධාන ශාඛාව චැතම් වීදියට ගෙනගොස් එහි අභිවෘද්ධිය උදෙසා කටයුතු කළේ ය.
1987 දී ජගත් සුමතිපාල මහතා සජීවි විකාශන සහිත ප්රථම Race by Race (තුරඟ තරග) ශාඛාව ආරම්භ කළේ ය. මෙය තවදුරටත් වර්ධනය කරමින්, 1992 වනවිට සමුහ ව්යාපාරය ද සජීවි තරඟ විකාශය ආරම්භ කළ අතර, 1998 වනවිට සියලුම ශාඛා හරහා සජීවීව තරඟ නැරඹීමේ පහසුකම් සලසා දී ඇත. අද වනවිට Sporting Star ආයතනය දිවයින පුරා ශාඛා 200කට අධික සංඛ්යාවක් පවත්වාගෙන යන අතර, 2019 දී Betss.com නමින් ඔන්ලයින් අවකාශයට ද පිවිසියේ ය.
එසේම මිලිනා සුමතිපාල මහත්මියගේ සමාජ මෙහෙවර ව්යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට ගියේ ය. ඇය නිෂ්පාදනය කළ ගඟ අද්දර (1980) චිත්රපටයේ සමස්ත ලාභය කොළඹ මහ රෝහලේ (වත්මන් ජාතික රෝහල) ස්නායු ශල්ය කර්ම ඒකකයක් ඉදිකිරීම සඳහා පරිත්යාග කළා ය. 1981 දී ආරම්භ කළ ලේ දන්දීමේ වැඩසටහන් සහ මහරගම පිළිකා රෝහලට පහසුකම් සැලසීමේ ව්යාපෘති හරහා මේ වනවිට රුධිර පයින්ට් 20,000කට වඩා පරිත්යාග කර ඇත. එමෙන්ම 2001 දී ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්රථම සභාපතිනිය බවට ද පත්වූවා ය.
2017 වසරේ සිදු කළ ප්රතිසංවිධානයෙන් පසුව, ජගත් සුමතිපාල මහතා තෙවන පරම්පරාව හා එක්ව සුමති හෝල්ඩිංග්ස් ආයතනය Betting, සෞඛ්ය සංරක්ෂණය, තොරතුරු තාක්ෂණය, ආපනශාලා, ආරක්ෂක සේවා, මුද්රණ, පුනර්ජනනීය බලශක්ති, ආයෝජන සහ සිනමා ඇතුළු ක්ෂේත්ර ගණනාවක ප්රධාන ව්යාපාර 11ක් සහ 2,000කට අධික සේවක පිරිසක් සහිත දැවැන්ත සමූහයක් බවට පත් කර ඇත.
වර්තමාන සමූහ ව්යාපාරවලින් වැඩි ප්රමාණයක් ආරම්භ වූයේ Sporting Star ආයතනයේ අවශ්යතාවලට පිළියම් ලෙසය. එහි ශාඛාවල ආරක්ෂාව සඳහා 'Lokx Security Services රේස් පත්රිකා මුද්රණය සඳහා 'InPrint Solutions' සහ ඔට්ටු ඇල්ලීමේ පද්ධති පිටුපස ඇති තාක්ෂණය සඳහා Mainframe ආයතනය බිහි විය.
සුමති සමූහයට අයත් ආයතන තුනක් මෙම වසරේ විශේෂ ඇගයීමට ලක් වෙයි. එනම් කොළඹ ජනකාවට ප්රණීත චීන ආහාර ලබා දීමේ අරමුණින් 1991 දී චැතම් වීදියේ දී ජගත් සුමතිපාල මහතා විසින් ආරම්භ කරන ලද ග්රේට් වෝල් ආපනශාලා ජාලයට වසර 35ක් සැපිරෙයි. එසේම, ශ්රී ලංකාව පුරා ජාල යටිතල පහසුකම්, දත්ත සන්නිවේදනය සහ භූ-අවකාශීය ඉංජිනේරු විද්යාත්මක සේවාවන් සපයන තවද DJI සමාගමේ ව්යාපාරික ඩ්රෝන යානා ශ්රී ලංකාවට හඳුන්වා දුන් සුමති IT ආයතනයට වසර 25 ක් සැපිරෙයි. එමෙන්ම, සෞඛ්ය ක්ෂේත්රයේ ප්රමුඛතම බෙදාහැරීම් සමාගමක් වන වසර විස්සක සිට ඔෘෂධ ස්රාවය කරන ස්ටෙන්ට් (drug-eluting stent) වෙළඳපොළේ ප්රමුඛයා වන 2025 දී පිළිකා මර්දන ඖෂධ අංශයක් ද ආරම්භ කළ ලයිෆ්සර්ව් ආයතනයට ද වසර 25ක් සැපිරෙයි.
තවද වර්තමානයේ සභාපතිවරයාට අමතරව තෙවන පරම්පරාව ද සමූහයේ නායකත්වය හොබවයි. චදූ සුමතිපාල මහතා IT අංශයට නායකත්වය දෙමින් Mainframe ආයතනය පිහිටුවීම, Betss.com නිර්මාණය කිරීම, ඩ්රෝන අංශය සහ ප්රථම පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. එසේම චථුල සුමතිපාල මහතා ලයිෆ්සර්ව් ආයතනයට නායකත්වය දෙමින් Sumathi Energy බිහි කළ අතර, මොණරාගල සහ වෑවිල 5MW සූර්ය බලශක්ති ව්යාපෘතිය සහ බැටරි ගබඩා ව්යාපෘතිය ද ආරම්භ කර ඇත.
මෙම සැමරුම් උත්සවයේ දී ඔක්තෝබර් 08 වන දින Sporting Star ප්රධාන කාර්යාලයේ දී වසර 10 කට වැඩි සේවා කාලයක් සහිත සේවකයින් 200කට වැඩි පිරිසකට දීර්ඝ සේවා සම්මාන පිරිනැමුණි. ඉන් 31 දෙනෙකුම වසර 30කට වැඩි කාලයක් සේවය කළ පුද්ගලයින් වීම විශේෂත්වයකි. අනුරාධපුරයේ ආර්.වී ඥානසේන මහතා වසර 40ක දීර්ඝතම සේවා කාලයකට හිමිකම් කියමින් සුවිශේෂිතම සම්මානය දිනා ගත්තේ ය. ඔක්තෝබර් 10 වන දින දිවයින පුරා පිහිටි Sporting Star ශාඛාවල දී ග්රේට් වෝල් ආපනශාලවලින් ලබාදුන් ආහාර වේල්, සංවත්සර කේක් සහ පාරිභෝගකයින් සඳහා විශේෂ සමරු තෑගි සමගින් උත්සව පවත්වන ලදී.
‘’මීට වසර 70කට පෙර මගේ පියා මැලිබන් වීදියේ දී එක් ශාඛාවක් විවෘත කරන ලද්දේ ඔහුගේ වචනය මත සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මත පදනම්වයි’’ යනුවෙන් සුමති හෝල්ඩිංග්ස් හි සභාපති ජගත් සුමතිපාල මහතා මෙම උත්සවයේ දී පැවසීය. එමෙන්ම ‘අවංකත්වය සහ නිවැරදිභාවය’ මෙම සමූහ ව්යාපාරය ගොඩනගන ලද අතර, අද අප සමග සිටින 2,000තට අධික පිරිස එම වටිනාකම් ඉදිරියට රැගෙන යනු ලබයි. සුමති හෝල්ඩිංග්ස් සමාගම සිය අටවන දශකයට පා තබමින් කියා සිටින්නේ ඉදිරි වසර 70 තීරණය කරනු ලබන නව ව්යාපාර ගොඩනගමින් මුල් නිර්මාතෘවරුන්ගේ වටිනාකම් සහ ගුණාංග සදා ඉදිරියටම ගෙන යන බවයි.












