header logo
Corporate News
SLT-MOBITEL දකුණු පළාතේ ව්‍යාපාර සහ රජයේ ආයතන වෙනුවෙන් SmartChat වැඩසටහනක් සංවිධානය කරයි
SLT-MOBITEL දකුණු පළාතේ ව්‍යාපාර සහ රජයේ ආයතන වෙනුවෙන්  SmartChat වැඩසටහනක් සංවිධානය කරයි

පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් ඔස්සේ නව්‍ය ඩිජිටල් විසඳුම් හඳුන්වා දෙමින්, කලාපීය මට්ටමින් සමාගම් හා ආයතන සවිබල ගැන්වීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

SLT-MOBITEL විසින් රට පුරා පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන SmartChat පාරිභෝගික සම්බන්ධතා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් පසුගියදා දකුණු පළාතේදී පැවැත්විණි. වැලිගම Bay Marriott Resort & Spa හිදී පැවති මෙම වැඩසටහනට දකුණු පළාතේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික හා රාජ්‍ය ආයතනවල නියෝජිතයන් 70 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙමඟින් දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාරිභෝගිකයන් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් ඔවුන්ගේ සන්නිවේදන හා ඩිජිටල් අවශ්‍යතා හඳුනාගැනීමටත්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන නව්‍ය දුරකථන සන්නිවේදන සහ ඩිජිටල් විසඳුම් පිරිනැමීමටත් SLT-MOBITEL සමාගමට අවස්ථාව ලැබිණි.

SmartChat යනු පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා SLT-MOBITEL දරන අඛණ්ඩ උත්සාහයේ එක් වැදගත් පියවරකි. විවිධ පළාත්වල පාරිභෝගිකයන්ට විශේෂ වූ අවශ්‍යතා පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මෙන්ම, SLT-MOBITEL සතු සන්නිවේදන, ව්‍යවසාය හා ඩිජිටල් විසඳුම් ඔවුන් වෙත හඳුන්වා දීමට මෙම වැඩසටහන මහෝපකාරී වේ. 

දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණු වැඩසටහනට සහභාගී වූවන්ට SLT-MOBITEL කණ්ඩායම සමඟ විවෘතව අදහස් හුවමාරු කරගැනීමටත්, සමාගම මඟින් ව්‍යාපාරවල දියුණුව උදෙසා හඳුන්වා දී ඇති නවතම විසඳුම් හා සේවා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටත් හැකියාව ලැබිණි. මෙමඟින් දෙපාර්ශවය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති අතර, සමාගම් හා ආයතනවල කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් හා සේවාවන් ලබාදීමට SLT-MOBITELසමාගමට හැකි වනු ඇත.

සමාගම් හා ආයතන නියෝජිතයන් මෙලෙස මහත් උනන්දුවකින් යුතුව මෙම වැඩසටහනට සහභාගී වීම, SmartChat වැඩසටහන් මාලාවේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙවැනි වැඩසටහන් ඔස්සේ සාම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් සිය පාර්ශවකරුවන් සමඟ වඩාත් ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමට SLT-MOBITEL නිරන්තරයෙන් උත්සාහ දරයි. ඉදිරියේදීත් SmartChat වැනි වැඩසටහන් හරහා රට පුරා පිහිටි සමාගම්, ආයතන සහ ව්‍යාපාරවල විශ්වාසනීය තාක්ෂණික හා සන්නිවේදන හවුල්කරුවකු බවට පත්වීම සමාගමේ අරමුණ වී තිබේ.

මීට පෙර අනෙකුත් පළාත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ SmartChat වැඩසටහන් සියල්ලද බෙහෙවින් සාර්ථක විය. ඉදිරියේදී තවදුරටත් පළාත් මට්ටමින් මෙවැනි වැඩසටහන් සංවිධානය කරමින්,  දිවයින පුරා ආයතනික පාරිභෝගිකයන් වෙත සිය විශේෂඥ දැනුම, කාලීන විසඳුම් සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවන් සමීප කරවීමට SLT-MOBITEL සූදානමින් සිටී.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%