
පෑන් ඒෂියා බැංකුව විසින්, ඔක්තෝබර් 31 වන දිනට යෙදෙන ලෝක සකසුරුවම් දිනයට සමගාමී ව දිවයින පුරා සිය ශාඛා ජාලය බලමුළු ගන්වමින් 2026 ඔක්තෝබර් 24 සෙනසුරාදා ‘ඉතුරුම් සංග්‍රාමය නමින් සුවිශේෂී ව්‍යාපෘතියක් දියත් කෙරිණි.
බැංකු ශාඛාවෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ මෙන් ම ගම් දනව් වෙත ඍජු ව ම ඉතිරි කිරීමේ පණිවුඩය ගෙන ගිය මෙම ව්‍යාපෘතිය, රට පුරා සිටින ජනතාව වෙනුවෙන් දීප්තිමත් මෙන් ම වඩාත් ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සඳහා ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කිරීම විශේෂිත ය. මෙම ව්‍යාපෘතියට දිවයින පුරා පෑන් ඒෂියා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ 1,200 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වූහ.
පෑන් ඒෂියා බැංකුවේ 31 වන සංවත්සරය 2026 ඔක්තෝබර් 26 වන දිනට යෙදී ඇති අතර, මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා පෑන් ඒෂියා බැංකුව සිය දශක තුනක සේවය සහ වර්ධනය වන ඩිජිටල් බැංකුකරණ සේවා රැසක් පිළිබඳ පණිවුඩය ජනතාව වෙත ගෙන යාමට කටයුතු කෙරිණි. සැබැවින් ම ශ්‍රී ලාංකේය බැංකුව ලෙස සිය අනන්‍යතාව ප්‍රකට කරමින් බැංකුකරණය සියලු දෙනාට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි, සරල මෙන් ම සතුටුදායක කිරීම වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති නිරන්තරයෙන් දියත් කරන බව පැවසිය යුතු ම කරුණකි.
ඉතුරුම් සංග්‍රාමය හරහා ලෝක සකසුරුවම් දින පණිවිඩය ගිණුමක් විවෘත කිරීමෙන් ඔබ්බට ගෙන යාමට සමත් වූ පෑන් ඒෂියා බැංකුව, ඉතුරුම් පුරුද්ද හරහා ජනතාවගේ පෞද්ගලික මෙන් ම ආයතනික අනාගතය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කරමින් අභියෝග සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සුවිශේෂත්වයකි. එමෙන් ම මෙහි දී ශ්‍රී ලාංකේය ජාතිය ඉතිරි කරන විට, ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ද නිරන්තරයෙන් වර්ධනය වන නිසා ම මෙම ව්‍යාපෘතිය කාතික ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන හොත් එය නිවැරදි ය.
‘ඉතුරුම් සංග්‍රාමය' ව්‍යාපෘතිය පෑන් ඒෂියා බැංකුවේ තැන්පතු බලමුළු ගැන්වීම සහ වර්ධනයට ද සහාය වන අතර, එහි දී සුදුසු ගිණුමක් තෝරා ගැනීම මෙන් ම ලෝක සකසුරුවම් දින සැමරුමෙන් ඔබ්බට යමින් ඉදිරියට යන ඉතුරුම් චර්යාවක් ස්ථාපිත කිරීම හරහා ගනුදෙනු කරුවන් බල ගැන්වීමට හැකි වීම පෑන් ඒෂියා බැංකුව ලැබූ ජයග්‍රහණයකි. මෙම ව්‍යාපෘතිය සාර්ථක ව දියත් කිරීම, පෑන් ඒෂියා බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමූහික උත්සහයේ ප්‍රතිඵලයක් වන අතර, එහි දී ශාඛා කණ්ඩායම් සහ අනෙකුත් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවන් හමු වී ඉතිරි කිරීමේ වැදගත්කම, පෑන් ඒෂියා බැංකුවේ නවතම මූල්‍ය විසඳුම්, ආයෝජන අවස්ථා හා ප්රතිලාභ පිළිබඳ ව දැනුවත් කිරීම මෙන් ම ගනුදෙනුකරුවන්ගේ ගැටලුවලට පිළිතුරු ලබා දීම සහ ප්‍රායෝගික මූල්‍ය මඟ පෙන්වීම විශේෂත්වයකි.
වඩාත් පහසු ඩිජිටල් ක්‍රමවේද පිළිබඳ ව හඳුන්වා දීම ද ‘ඉතුරුම් සංග්‍රාමය' ව්‍යාපෘතියේ ම කොටසක් වූ අතර, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් පෑන් ඒෂියා බැංකුවේ මාර්ග ගත ගිණුම් විවෘත කිරීමේ ක්‍රමවේදය වන Ezy Apply සේවාව ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දෙමින් ඒ සඳහා ගනුදෙනුකරුවන් යොමු කරවීම ද කැපී පෙනිණි.
පෑන් ඒෂියා බැංකුව හඳුන්වා දී ඇති සුවිශේෂී ගිණුම් අතරින් අවශ්‍ය විටෙක අරමුදල් වෙත ප්‍රවේශ වීමේ හැකියාව මෙන් ම මසකට දෙවරක් පොලිය ලබා දෙන Champion Saver ගිණුම, වැඩි ශේෂයන් සඳහා ප්රතිලාභ ලබා දෙමින්, ගිණුමේ ශේෂය මත පදනම් ව පොලී මට්ටම් සපයන BlueChip මූල්‍ය වෙළෙඳපොළ ගිණුම ආදී ගිණුම් විශේෂිත වේ. එමෙන් ම පෑන් ඒෂියා බැංකුවේ කාන්තා ඉතුරුම් ගිණුම වන 'ආදරණීය ඈ', ව්‍යාපාර ණය, උපදේශනය හා ඉහළ ප්රතිලාභ ඇතුළු ව කාන්තාවන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා සහාය වන අතර, 'දස්කම්' ළමා ඉතුරුම් ගිණුම, කොන්දේසිවලට යටත් ව, ශේෂය සඳහා පොලිය සමඟ, සුදුසුකම් ලත් තැන්පතු සඳහා අමතර 10% ක මුදලක් බැර කිරීම හරහා දරුවන්ගේ ඉතිරි කිරීම් දිරිමත් කිරීම විශේෂිත වේ. සැලසුම් කළ වියදම් සඳහා, ඉලක්ක ගත ආයෝජන සැලසුම් මඟින් ගනුදෙනුකරුවන්ට දරුවන්ගේ අධ්‍යාපනය, නිවාස වැඩිදියුණු කිරීම්, විවාහ මංගල්‍ය හෝ වාහනයක් වැනි ඉලක්ක සඳහා මාසික වාරික හරහා ඉතිරි කිරීමට හැකියාව ලැබෙන අතර, පෑන් ඒෂියා BIZ Friend, සුදුසුකම් සහ අදාළ නියමයන්ට යටත් ව, චෙක් පොත් ප්රතිලාභ, ඩිජිටල් බැංකුකරණ ප්‍රවේශය, තෝරා ගත් සහන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සබඳතා නිලධාරියෙකුගේ සහාය ඇතුළත් ජංගම ගිණුම් සේවාවක් ලබා දීම ද විශේෂිත වේ.
මෙම විකල්පයන්ට අමතර ව, තරඟකාරී පොලී අනුපාත සහ සුවිශේෂී ප්රතිලාභ යටතේ ස්ථාවර තැන්පතු පිරිනමන පෑන් ඒෂියා බැංකුව, ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආයෝජන හා ආදායම් අවශ්‍යතා අනුව තැන්පතු තෝරා ගැනීමේ හැකියාව ද ලබා දෙන අතර, පවතින පොලී අනුපාත සහ කොන්දේසි බැංකුව සමඟ සාකච්ඡා කිරීමේ හැකියාව ඇතුළු මෙම සේවා පරාසය හරහා එදිනෙදා ගනුදෙනු, විනයගරුක ඉතිරි කිරීම් සහ දිගු කාලීන මූල්‍ය සැලසුම් කරණය සඳහා සහය දක්වයි.
අලුතින් හඳුන්වා දෙන ලද පෑන් ඒෂියා EZY යෙදුම, ශාඛාවක් වෙත යාමෙන් තොර ව ගනුදෙනුකරුවන්ට සිය ශේෂයන් බැලීමට, අරමුදල් මාරු කිරීමට, බිල්පත් හා QR ගෙවීම් කටයුතු සිදු කිරීමට සහ JustPay වෙනත් බැංකුවලින් ගිණුම් Top-Up කිරීමට සහය දක්වයි. ඊට අමතර ව එහි අන්තර්ගත GovPay සේවාව හරහාරථවාහන දඩ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගෙවීම් ඇතුළු රජයේ ගෙවීම් සිදු කිරීමට ද පෑන් ඒෂියා EZY පරිශීලකයින්ට හැකියාව ලැබෙන අතර, උකස් ආපසු ගෙවීම්, අලුත් කිරීම් හා Top-Up කිරීම සහ සුදුසුකම් ලත් ස්ථාවර තැන්පතු ආශ්රිත ව මුදල් ආපසු ගෙවීමේ ණය සඳහා ද පෑන් ඒෂියා EZY සහයෝගය ලබා දෙයි.
එදිනෙදා මූල්‍ය කටයුතුවල පහසුව වෙනුවෙන් නිර්මාණය කර ඇති EZY, ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ලෙස ස්ථාවර තැන්පතු විවෘත කර කළමනාකරණය කිරීමේ හැකියාව ද ලබා දීම ද විශේෂත්වයකි.
මෙවර ලෝක සකසුරුවම් දිනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ 'ඉතුරුම් සංග්‍රාමය' ව්‍යාපෘතිය, සිය 31 වන සංවත්සර සැමරීම ද ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලාංකේය ජනතාව ඉතිරි කිරීමේ පුරුද්ද වෙත නැඹුරු කිරීම වෙනුවෙන් පෑන් ඒෂියා බැංකුව තැබූ අති සාර්ථක ඉදිරි පියවරක් වන අතර, ඒ හරහා පෑන් ඒෂියා බැංකුව ශ්‍රී ලාංකිකයින්ට ශක්තිමත් ඉතුරුම් පුරුදු සහ කල් පවතින බැංකු සබඳතා ගොඩනඟා ගැනීමට ආරාධනා කරයි.
ඉතිරි කිරීම් යනු පවුලක ආරක්ෂාවේ පදනම, සහ ජාතික ආයෝජන සඳහා උත්තේජනය සපයන ප්‍රධානතම අංගයක් වන අතර, ශක්තිමත් ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කරමින්, බැංකු කරණයෙන් ඔබ්බට ගිය සේවාවක් ලබා දීමට පෑන් ඒෂියා බැංකුව නිරන්තරයෙන් කටයුතු කරන බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතු ය.







