
පාරිසරික වගකීම සහ තිරසාර ව්‍යාපාරික භාවිතයන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ISO 14064-3:2019 ප්‍රමිතියට අනුකූල හරිතාගාර වායු විමර්ශනයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර, එහිදී ISO 14064-1:2018 ප්‍රමිතියේ අවශ්‍යතා සපුරා ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය මගින් සිය මෙහෙයුම් හේතුවෙන් පරිසරයට ඇතිවන බලපෑම හඳුනාගැනීම සහ කළමනාකරණය කිරීම කෙරෙහි මෙන්ම, සිය තිරසාරභාවය පිළිබඳ ක්‍රියාමාර්ගවල විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දක්වන අඛණ්ඩ අවධානය පිළිබිඹු කරයි.
ISO 14064-1:2018 ප්‍රමිතිය මගින් සංවිධානයක හරිතාගාර වායු (GHG) ඉන්වෙන්ටරීයක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන මූලධර්ම සහ අවශ්‍යතා දක්වා ඇති අතර, ISO 14064-3:2019 ප්‍රමිතිය මගින් හරිතාගාර වායු ප්‍රකාශයන් වලංගු කිරීම සහ විමර්ශනය කිරීම සඳහා අවශ්‍යතා සහ මාර්ගෝපදේශ සපයයි. ජාත්‍යන්තරව පිළිගත් මෙම ප්‍රමිතීන් මගින් සංවිධානවලට සිය හරිතාගාර වායු විමෝචනය මැනීම සහ වාර්තා කිරීම සඳහා ක්‍රමවත් රාමුවක් සපයනු ලබයි.
මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් සිය සංවිධානික සීමාව තුළ සිදුවන ක්‍රියාකාරකම් හා සම්බන්ධ හරිතාගාර වායු විමෝචනය මැනීම සිදුකර ඇති අතර, ඊට සිය මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කරන බලශක්තිය සහ සමාගමේ වාහනවලින් සිදුවන විමෝචනය ද ඇතුළත් වේ. සිය කාබන් පියසටහන මැනීම මගින් විමෝචනය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන මූලාශ්‍ර හඳුනා ගැනීමටත්, වැඩි කාර්යක්ෂමතාවක් ළඟා කර ගැනීමට සහ විමෝචනය අවම කිරීමට හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් සංවිධානයට හැකියාව ලැබේ.
මෙම විමර්ශන ක්‍රියාවලිය ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් (පුද්.) සමාගම (Sri Lanka Climate Fund (Pvt) Ltd) විසින් සිදුකරන ලද අතර, පිළිගත් තෙවන පාර්ශ්වීය ආයතනයක් ලෙස එමගින් වාර්තා කරන ලද හරිතාගාර වායු විමර්ශනය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී ඇගයීමක් සහතික කර ඇත. මෙම විමර්ශනය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන කාර්යාලය සහ ශාඛා ජාලය ඇතුළු එහි ක්‍රියාකාරකම් ආවරණය කර ඇත.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා මෙසේ පැවසීය."ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආයතනයක් ලෙස තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා අද දින වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරමු. ජාත්‍යන්තරව පිළිගත් ISO ප්‍රමිතීන්ට අනුකූලව හරිතාගාර වායු විමර්ශනයක් ලබා ගැනීම තුළින්, අපගේ පාරිසරික බලපෑම මැනීම සහ කළමනාකරණය කිරීමේදී වැඩි විනිවිදභාවයකින් සහ වගවීමකින් කටයුතු කිරීමට අප දක්වන කැපවීම තවදුරටත් තහවුරු වේ. මෙම ජයග්‍රහණය අපගේ තිරසාරභාවය පිළිබඳ ගමන් මගේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, අපගේ ගනුදෙනුකරුවන්, සේවකයින් සහ අප සේවය කරන ප්‍රජාවන් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන අතරම, වඩාත් වගකීමෙන් යුතුව කටයුතු කළ හැකි අවස්ථා අඛණ්ඩව හඳුනා ගැනීමට ද අපව දිරීමත් කරයි."
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය මෙහෙයුම් කටයුතු තුළ වගකීම් සහගත භාවිතයන් තවදුරටත් ඒකාබද්ධ කිරීමටත්, සිය තිරසාරභාවය පිළිබඳ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමටත් අඛණ්ඩව කැපවී සිටී. එමෙන්ම, සිය පාරිසරික බලපෑම අවම කිරීම සඳහා සේවකයින් අතර වැඩි අවබෝධයක් සහ සහභාගීත්වයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කරයි.
ඡායාරූපය: GHG විමර්ශනය සඳහා වන ISO සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී (වැ.බ.) ජගත් වෙල්ගම මහතා වෙත පිරිනැමූ අවස්ථාව.















