
Raid Amazones 2026 වික්‍රමාන්විත චාරිකාව සඳහා සහභාගී වන 300 කගෙන් යුත් පිරිසේ පළමු කණ්ඩායම ලෙස Raid Amazones 2026 හි සාමාජිකාවන් සහ මාධ්‍යවේදීන් 146 දෙනෙකු නොවැම්බර් 02 දින පැරිසියේ සිට UL564 අංක දරන ශ්‍රීලංකන් ගුවන් යානයෙන් කොළඹට ළඟා වූහ.
මෙම අවස්ථාවට විශේෂත්වයක් එක් කරමින්, අදාළ ගුවන් ගමන සම්පූර්ණයෙන්ම කාන්තා නියමුවන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයක් (all-female team) විසින් මෙහෙයවනු ලැබීය. එය කාන්තා සවිබලගැන්වීම, ජයග්‍රහණ සහ අභියෝග ජයගැනීමේ අභිමානවත් හැකියාව පිළිබඳ සුවිශේෂී පණිවිඩයක් එක් කළේය.
Raid Amazones 2026 හි නිල නාමකරණ අයිතිය සහිත ගුවන් සේවා සහකරු ලෙස, ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සුවිශේෂී කාන්තාවන්ව සිහින දූපත වෙත රැගෙන ඒමට ලැබීම පිළිබඳව ආඩම්බර වේ. මනරම් ස්වාභාවික සෞන්දර්යය, පොහොසත් සංස්කෘතික උරුමය සහ සුප්‍රකට ආගන්තුක සත්කාරය සමඟින්, සහභාගිවන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටී. මෙම පැමිණීමත් සමඟ ආරම්භ වන Raid Amazones 2026 චාරිකාව, ලොව පුරා කාන්තාවන්ගේ ශක්තිය, අධිෂ්ඨානය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ වික්‍රමාන්විතත්වය සමරන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.















