header logo
Top News
Uber සහ Hayleys Mobility එක්ව ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන භාවිතය පුළුල් කිරීමට පියවර ගනී
Uber සහ Hayleys Mobility එක්ව ශ්‍රී ලංකාවේ නව බලශක්ති වාහන භාවිතය  පුළුල් කිරීමට පියවර ගනී

පරිසර හිතකාමී ප්‍රවාහනය දිරිගැන්වීමේ අරමුණින් Uber රියදුරන්ට විදුලි මෝටර් රථ සඳහා 
විශේෂ මිල ගණන් සහ මූල්‍ය පහසුකම් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවා යෙදුමක් (Ride-Hailing App) වන Uber සහ Hayleys Fentons Limited හි ප්‍රවාහන අංශය වන Hayleys Mobility සමඟ එක්ව සුවිශේෂී සහයෝගීතාවයකට එළඹ ඇති බව නිවේදනය කර සිටියි. Uber රියදුරු හවුල්කරුවන්ට විදුලි වාහන (EVs) ලබාගැනීම වඩාත් පහසු සහ සහනදායී මට්ටමකට පත්කිරීම මෙම සහයෝගීතාවයේ මූලික අරමුණයි. මෙම සහයෝගීතාව හරහා Uber හි ප්‍රවාහන තාක්ෂණය සහ රියදුරු ජාලය, Hayleys Mobility හි නව බලශක්ති වාහන සහ විදුලි වාහන ආරෝපණ පහසුකම් සමඟ සම්බන්ධ කෙරේ. ඒ තුළින් රියදුරන්ට සිය දෛනික ධාවන වියදම් අඩු කර ගැනීමටත්, විදුලි වාහන භාවිතය හරහා වඩාත් පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයකට යොමුවීමටත් අවස්ථාව සැලසේ.

මෙම සහයෝගීතාව යටතේ, සුදුසුකම් ලබන Uber රියදුරු හවුල්කරුවන්ට Kaiyi eVibe e04 විදුලි මෝටර් රථය විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ. එමඟින් විදුලි වාහන භාවිතය වෙත යොමුවීම වඩාත් පහසු කරයි. තවද, විදුලි වාහනයක් මිලදී ගැනීමේදී පවතින ප්‍රධානතම බාධාවක් වන මූලික පිරිවැය කළමනාකරණය කර ගැනීමට රියදුරන්ට සහාය වීම සඳහා, Hayleys Mobility ආයතනය සිය මූල්‍ය හවුල්කරුවන් 20කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාලය හරහා ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාවද සලසා දෙයි.

මෙම විශේෂ දීමනාව Uber Driver App හරහා ලබාගත හැකි අතර, ඒ ඔස්සේ සුදුසුකම් ලබන රියදුරු හවුල්කරුවන්ට අදාළ වාහනය පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමටත්, මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ මූල්‍ය පහසුකම් පිළිබඳ විස්තර ලබාගැනීමටද හැකියාව ලැබේ.

රියදුරන් විදුලි වාහන (EV) භාවිතයට යොමුවීමෙන් පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැය වන මුදල ඉතිරි කර ගැනීමටත්, දෛනික ධාවන වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමටත් හැකි වේ. මෙමඟින් මෙහෙයුම් පිරිවැය අඩු වන අතර, රියදුරන්ට තම ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කර ගැනීමටත්, මගීන්ට වඩාත් සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීමටත් අවස්ථාව සැලසේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා හි ප්‍රවාහන අංශයේ ප්‍රාදේශීය භාර කළමනාකාරිනී (Country Manager – Mobility) කෞශල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ පැවසුවාය. "රියදුරන් විදුලි වාහන භාවිතයට යොමුවීම පාරිසරික වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් ද වාසිදායක විය යුතුයි. විදුලි වාහන වඩාත් සහනදායී මිලකට සහ පහසුවෙන් ලබාගත හැකි පසුබිමක් නිර්මාණය කිරීම තුළින්, Hayleys Mobility සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව හරහා රියදුරන්ට සිය මෙහෙයුම් පිරිවැය අඩු කරගැනීමටත්, තම ආදායමෙන් වැඩි කොටසක් ඉතිරි කරගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ වඩාත් ගුණාත්මක ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැඟීමට දායක වීමටත් සහාය වනවා. එමෙන්ම තවත් රියදුරු හවුල්කරුවන් පිරිසක් විදුලි වාහන භාවිතයට යොමුවීමට මෙම සහයෝගීතාවය වැදගත් දිරිගැන්වීමක් වනු ඇතැයි අප විශ්වාස කරනවා."

මේ පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂ හසිත ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය. “Hayleys Mobility හි සන්නාම තේමාව වන ‘One Brand for Every Journey’ යන්න හුදෙක් වාහනයකට පමණක් සීමා වූවක් නොවේ. එය අපගේ පාරිභෝගිකයින් සමඟ සමීප සබඳතා ගොඩනැඟීම, විශ්වාසනීය සේවාවක් සැපයීම සහ දිගුකාලීන විශ්වාසය තහවුරු කිරීම යන කරුණු සමඟ සෘජුවම බැඳී පවතිනවා. Uber රියදුරු හවුල්කරුවන් Hayleys Mobility වෙත සාදරයෙන් පිළිගන්නවා. ඔවුන්ගේ වාහන සඳහා අඛණ්ඩ සහාය 

ලබාදෙමින්, අපගේ සේවා කණ්ඩායමේ කැපවීම සහ තාක්ෂණික විශේෂඥතාව පිළිබඳ විශ්වාසය සෑම ගනුදෙනුවකදීම තහවුරු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

“දිවයින පුරා විහිදුණු අපගේ අලෙවි සහ සේවා ජාලය හරහා, පාරිභෝගිකයින් සමඟ පළමු වරට සම්බන්ධ වන අවස්ථාවේ සිට අලෙවියෙන් පසු නඩත්තු සේවා දක්වා සෑම අදියරකදීම විශ්වාසනීය සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා. Uber රියදුරු හවුල්කරුවන් මාර්ගයේ ගත කරන සෑම විනාඩියක්ම ඉතා වටිනා බැවින්, කාර්යක්ෂම සේවාවක්, කඩිනම් විසඳුම් සහ අඛණ්ඩ සහාය ලබාදෙමින් ඔවුන්ට උසස් සේවා අත්දැකීමක් සහ උපරිම තෘප්තියක් ලබාදීම Hayleys Mobility හි ප්‍රමුඛතාවයි.”

තවද, මෙම සහයෝගීතාව ය හරහා Hayleys Mobility හි විදුලි වාහන (EV) එකතුව සහ StarCharge ආරෝපණ යටිතල පහසුකම් ජාලය ඒකාබද්ධ කෙරෙන අතර, එමඟින් විදුලි වාහන භාවිතයට අවශ්‍ය පහසුකම් දිවයින පුරා වඩාත් පුළුල්ව සහ පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසේ. වසර 148ක ඉතිහාසයකට හිමිකම් කියන Hayleys PLC හි ශක්තිමත් ආයතනික පදනම සහ පාරිභෝගික විශ්වාසය මත පදනම්ව, ශ්‍රී ලංකාව තුළ විදුලි වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටත් Hayleys Mobility කැපවී කටයුතු කරයි.

මෙම සහයෝගීතාවය මඟින් විදුලි ප්‍රවාහන සේවාවන් වෙත ප්‍රවේශය පුළුල් කිරීමත්, රියදුරන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමත්, ශ්‍රී ලංකාව තුළ වඩාත් පිරිසිදු හා තිරසර ප්‍රවාහන ක්ෂේත්‍රයක් ගොඩනැඟීමට දායක වීමත් සඳහා දෙපාර්ශ්වය සතු පොදු කැපවීම තවදුරටත් තහවුරු කරයි.

MostRead
VideoStories
REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

REBUILD SRI LANKA | ආර්ථිකය වැල්පාලමේද..? | 2026.10.29

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | බදු වාර්තා භාරදීම ජනතා යුතුකම හා වගකීම | 2026.10.19

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

BIG FOCUS | අපනයන ආදායම් වර්ධනයේ ඉබිගමන | 2026.10.28

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%